fbpx
More
    26.9 C
    Colombo
    Monday, April 7, 2025
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    පොඩ්ඩන්ට කෑම කවාගන්න රසට ගුණට හදන්න පුළුවන් හොඳම රෙසිපි මෙන්න

    Family Tech Sponsorspot_imgspot_img

    familylife.lk අපි ෆැමිලි චෙෆ් තුළින් ගෙන එන මේ ලිපියෙනුත් වයස අවුරුද්දට වඩා වැඩි පොඩ්ඩන්ට කෑම කවාගන්න රසවත් සහ පෝෂ්‍යදායි ආහාර වට්ටෝරු කීපයක් අරන් එනවා. තුන් වේලම එකම ආකාරයකට බත් ලබා දීමට මව්පියන් උත්සහ කිරීම, කුඩා දරුවන් ආහාර ගැනීමට එතරම් ප්‍රිය නොකරන්න ප්‍රධාන වශයෙන්ම බලපානවා.

    හැබැයි අපි කියන්නේ නම් බත් පමණක් ලබා නොදී පෝෂණීය ආකාරයට සකසාගත් සුප්, කැඳ, නුඩ්ල්ස්, පැස්ටා, රොටී, කට්ලට් වගේ ඕනෑම ආහාරයක් ප්‍රධාන වේලකට පවා දරුවාට ලබා දීම සුදුසුයි කියලයි.

    චිකන් ෆ්‍රයිඩ් රයිස්

    • තම්බා කුඩා කෑලිවලට ඉරාගත් කුකුළු මස් අවශ්‍ය පමණට,
    • කුකුළු මස් තම්බාගත් වතුරෙන් පිසගත් බත් අවශ්‍ය පමණට
    • සුදු ළූණු
    • ඉඟුරු
    • රතු ළූණු
    • රම්පෙ
    • කරපිංචා
    • ගම්මිරිස්
    • ලුණු
    • සිහින්ව ලියාගත් එළවලු (කැරට්, ලීක්ස්, බෝංචි, බෙල්පෙපර්, ගෝවා, මල් ගෝවා, බ්‍රොකොලි),
    • බිත්තරයක්
    • පොල් තෙල්/ ගිතෙල් හෝ බටර්
    • සිහින්ව ලියාගත් ගොටුකොල
    • දෙහි හෝ තක්කාලි.

    www.familylife.lk

    භාජනයක් ලිපේ තබා පොල් තෙල්, ගිතෙල් හෝ බටර්  දමා රත් කරගන්න. එයට ඉඟුරු සහ සුදු ළූණු දමා තෙම්පරාදු කරගන්න. එයට රතු ළූණු, රම්පෙ කරපිංචා එකතු කරගන්න. සිහින්ව ඉරාගත් කුකුළු මස් එකතු කර බැදෙන්නට ඉඩ හරින්න. එළවලු ටික එකතු කරලා විනාඩියක් විතර තෙම්පරාදු කරගන්න. අවසානයට බිත්තරය එකතු කරගන්න. මේ තෙම්පරාදුවටම බත් ටිකත් එකතු කරලා විනාඩියක් විතර තෙම්පරාදු කරගන්න.  ආහාරයට ගන්න වෙලාවට ගොටුකොළ ටිකත් දෙහි හෝ තක්කාලිත් එකතු කර ගන්න.

    චීස් කට්ලට්

    • තම්බා පොඩි කරගත් අර්තාපල් අල ගෙඩියක්
    • රතු ළූණු
    • කරපිංචා
    • ගම්මිරිස්
    • තම්බාගත් බිත්තරයක් හෝ මාළු කෑල්ලක්
    • චීස්
    • ලුණු
    • පොල්තෙල්
    • බිස්කට් කුඩු
    • කෝර්න් පිටි
    • ආටා පිටි හෝ කඩල පිටි

    www.familylife.lk

    රතු ළූණු, කරපිංචා තෙම්පරාදු කරගන්න.තම්බා පොඩි කරගත් අල ගෙඩිය, ගම්මිරිස් කුඩු සහ ලුණු කුඩු එයට එකතු කරගන්න. මේ මිශ්‍රණය තෙම්පරාදු කර ලිපෙන් බාගෙන තබා පොඩි කරගත් බිත්තරය/ මාළු සමග මිශ්‍ර කරන්න. කෝර්න් පිටි සහ කඩල පිටි/ ආටා පිටි වතුර සමග එකතු කර උකු මිශ්‍රණයක් හදා ගන්න. මැදට චීස් එකතු කරගනිමින් අල මිශ්‍රණයෙන්  කුඩා බෝල හදාගෙන කොර්න් පිටි බැටර් එකේ තවරා බිස්කට් කුඩුවල දවටාගන්න. නැවත වාරයක් පිටි මිශ්‍රනයේත් බිස්කට් කුඩුවලත් දවටාගෙන හොඳින් රත් කරගත් ගැඹුරු තෙලේ  බැදගන්න.

    එළවලු මිශ්‍ර චිකන් සුප්

    • කුකුළු මස් කෑලි 1-2
    • තම්බා පොඩි කරගත් කුඩා අර්තාපල්  අල ගෙඩියක්
    • එළවලු (කැරට්, ගෝවා, බෝංචි, මල් ගෝවා, බ්‍රොකොලි)
    • ඉඟුරු
    • සුදු ළූණු
    • කරපිංචා
    • ලුණු
    • තක්කාලි
    • බටර්
    • චීස්
    • නැවුම් කිරි 100 ml පමණ

    ලුණු ගම්මිරිස් එකතු කර තම්බාගත් කුකුළු මස් කුඩාවට කපාගන්න. කුකුළු මස් තැම්බූ වතුර භාජනයක දමා තියාගන්න. ඉඟුරු, සුදු ළූණු සහ කරපිංචා බටර් වලින් තෙම්පරාදු කරගන්න. කුඩාවට කපාගත් එළවළු සහ තක්කාලි මේ තෙම්පරාදුවට එකතු කර කුකුළු මස් තැම්බූ වතුරින් එළවලු ටික තම්බාගන්න. විනාඩි 5කින් පමණ පොඩි කරගත් අල, චීස් සහ නැවුම් කිරි එකතු කරන්න.රස අනුව ලුණු ගම්මිරිස් එකතු කර විනාඩි කිහිපයක් පිසගන්න

    පෝෂණ කැඳ

    • කව්පි
    • කඩල
    • මුං ඇට
    • රතු කැකුළු හාල්
    • තල ඇට
    • කුරක්කන් පිටි
    • වියලි මිදි
    • රටකජු ස්වල්පය බැගින්
    • ලුණු
    • පොල්කිරි
    • බටර් ස්වල්පයක්
    • ඔබට අවශ්‍ය නම් ආමන්ඩ්, රුලං, ඕට්ස් වැනි ඕනෑම ද්‍රව්‍යක්

    මේ කැඳ එක හදන්න භාවිතා කරන්න පුළුවන්.

    රැයක් පොඟවාගත් කඩල, කව්පි, සහ මුං ඇට සෝදාගත් රතු කැකුළු හාල් සමග එකතු කර ලුණු ස්වල්පයක් සහ වතුර ටිකක් වැඩිපුර දමා තම්බාගන්න. හොඳින් තැම්බුණු පසු තල ඇට, කුරහන් පිටි, වියලි මිදි, රටකජු සහ පොල්කිරි එකතු කර විනාඩි කිහිපයක් කැටි නොගැසෙන විදියට හැඳි ගාමින්  පිසගන්න. රස අනුව ලුණු එකතු කරන්න. උතුරවාගත් මිශ්‍රණය හැන්දෙන් පොඩි කර හෝ අවශ්‍යනම් බ්ලෙන්ඩ් කර ආහාරයට ලබාදෙන්න පුළුවන්.

    පෝෂණ රොටී

    • තම්බාගත් අල ගෙඩියක්
    • තම්බාගත් කඩල ඇට
    • එළවලු (කැරට්, බෝංචි, වට්ටක්කා, මෑ කරල්, ලීක්ස් වගේ ඕනෑම එළවළුවක් ගන්න පුළුවන්)
    • පලා වර්ගයක් (ගොටුකොළ නිවිති වැනි)
    • රතු ළූණු
    • ගම්මිරිස්
    • ලුණු
    • බිත්තරයක්
    • ගාගත් පොල්
    • පිටි.

    තම්බාගත් කඩල සහ අල ගෙඩිය හොඳින් පොඩි කරගන්න. හීනියට ලියාගත් එළවලු සහ රතු ළූණු බටර් හෝ පොල් තෙලෙන් තෙම්පරාදු කරගන්න.  තෙම්පරාදු කරගත් භාජනයටම පිටි, පොල්, බිත්තරය, ලුණු සහ ගම්මිරිස් දමා හොඳින් අනන්න. අවශ්‍ය නම් පමණක් වතුර එකතු කරන්න. ලියාගත් පලා වර්ගයද එකතු කර සාමාන්‍ය රොටි විදියටම තැටියක දමා පෝෂණ රොටිය හදාගන්න.

    බනානා කේක්

    • පාන් පිටි අඬු කෝප්පයක්
    • බටර් අඬු කෝප්පයක්
    • බිත්තර 02
    • සීනි  අඬු කෝප්ප ½
    • බේකින් පවුඩර් තේ හැඳි 01
    • වැනිලා තේ හැඳි 01
    • සාමාන්‍ය ප්‍රමාණයේ කෙසෙල් ගෙඩි 2-3
    • නැවුම් කිරි ස්වල්පයක්

    www.familylife.lk

    බටර් සහ සීනි ක්‍රීම් බවට පත්වෙන තෙක් බීට් කරගන්න. හැන්දක්  භාවිතයෙන් හොඳින් ගසාගත්තත් කමක් නැහැ. ඉන්පසු බිත්තර 02 එකතු කර විනාඩි 5ක් පමණ බීට්  කරගන්න.  පිළිවෙළින් වැනිලා, බේකින් පවුඩර් සහ පිටි එකතු කර නැවතත් හොඳින් බීට් කරගන්න. බේකින් පවුඩර් සහ පිටි එකතු කර පෙනේරයකින් හලාගන්නට හැකියි නම් වඩාත් හොදයි. හොඳින් පොඩි කරගත් කෙසෙල් ගෙඩි එකතු කර නැවතත් බීට්  කරගන්න. අවශ්‍ය නම් නැවුම් කිරි ස්වල්පයක් එකතු කරගන්න. බටර් ගාගත් තැටියක දමා සෙල්සියස් අංශක 180 කලින් රත්කරගත් අවන් එකේ විනාඩි 25-30 ක් පමණ බේක් කරගන්න

    චීස් පැස්ටා

    • වට්ටක්කා
    • කැරට්
    • තක්කාලි
    • රතු ළූණු
    • අවශ්‍යනම් තම්බා පොඩි කරගත් මාළු හෝ බිත්තර
    • චීස් කෑල්ලක්
    • නැවුම් කිරි ස්වල්පයක් හෝ පොල් කිරි
    • ලුණු
    • ගම්මිරිස්
    • බටර්
    • සුදු ළූණු
    • පැස්ටා.

    www.familylife.lk

    පැස්ටා හොඳින් තම්බාගෙන සෝදා වතුර බේරෙන්නට තියන්න. හීනියට ලියාගත් සුදු ළූණු සහ රතු ළූණු,  බටර්වලින් තෙම්පරාදු කරගන්න. ගාගත් කැරට් සහ වට්ටක්කා මේ තෙම්පරාදුවට එකතු කරන්න. ලුණු සහ ගම්මිරිස් එකතු කරලා විනාඩි 10ක් පමණ තම්බාගන්න. මෙයට කුඩාවට කපාගත් තක්කාලි එකතු කරලා මිශ්‍රණය හැන්දකින් පොඩි කරගන්න. අවසානයට නැවුම් කිරි එකතු කරලා විනාඩි 5ක් පමණ හැඳි ගාමින් මදක් උකු වෙනතුරු පිසගන්න. චීස් කෑල්ලත් තම්බාගත් පැස්ටාත් එකතුකර විනාඩියක් පමණ පිසගන්න. මාළු හෝ බිත්තර එකතුකරලා බබාට කවන්න පුළුවන්.

    පසුගිය ලිපිය – වෙනස් විදියට පොඩ්ඩෙකුට ගුණ දේවල් කවන්න පුළුවන් විදි කිහිපයක්


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    26.9 ° C
    26.9 °
    26.9 °
    85 %
    2.4kmh
    93 %
    Mon
    30 °
    Tue
    29 °
    Wed
    29 °
    Thu
    30 °
    Fri
    29 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු