fbpx
More
    29 C
    Colombo
    Tuesday, May 14, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    සෞඛ්‍යය යහ පැවැත්මක් මගින් තව දිනක් හෝ වැඩිපුර ජීවත් වෙමු…

    Family Tech Sponsorspot_imgspot_img

    සෞඛ්‍යය යහ පැවැත්මක් පවත්වා ගන්නේ කොහොමද කියලා අවධානය කරන අපි ( පසුගිය ලිපි සඳහා පිවිසෙන්න ) familylife.lk  සුව පියස තුළින් අද කතා කරන්නේ අපේ සිරුරේ යහපැවැත්ම රැකෙන විදිහට නිවැරදි ආහාර පුරුදු ඇති කර ගන්න ඕන විදිහ ගැනයි.

    අද දවස වෙද්දි ආහාර ජීවිතයේ හැම මොහොතකටම සම්බන්ධ වෙලා තිබෙනවා. ආගමික උත්සව, සංස්කෘතික උත්සව වගේම තමන්ගේ රට, ජාතිය, ආගම, නිරූපණය කරන්නත් සමහර අවස්ථාව වලදි ආහාර වර්ග භාවිතා වෙනවා වගේම සමාජ තත්ත්වය පවා ආහාර වලින් පෙන්නන්න සමහරු උත්සහ කරනවා ඔබ දැක ඇති.

    එත් අද සමාජයේ කීයෙන් කී දෙනෙක් තමන් කන බොන දේවල් ගැන සිතා බලනවද? වර්තමානයේ කන බොන දේවල් නිසා තමන්ට හැදෙන්න පුලුවන් ලෙඩ රෝග මොනවද කියන එක ගැන කිසියම් හෝ අදහසක් තියෙනවද?

    ඉතින් ඒ ගැන හිතන්න පටන් අරන් එදිනෙදා ජීවිතයේ මේ පුරුදු ඔබත් ඇති කර ගත්තොත් නිරෝගී ජීවිතයක් ලබාගන්න වගේම දිගුකල් ජීවත් වෙන්නත් පුලුවන් වේවි.

    විවිධ වර්ගයේ ආහාර අනුභව කරන්න

    අපි ගන්න ආහාර වල කබොහයිඩේ්‍රට්, ප්‍රෝටීන්, ලිපිඩ, විටමින් වර්ග, ඛණිජ ලවණ, තන්තු සහ ජලය කියන ප්‍රධාන සංඝටක විවිධ ප්‍රමාණ වලින් අඩංගු වෙනවා. උදාහරණයක් විදිහට අල වර්ග, පිටි වර්ග වලින් සාදන ආහාර වල අඩංගු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය වැඩියි. කොමඩු, පිපිඤ්ඤා, කැකිරි වගේ ආහාර වල අඩංගු ජලය ප්‍රමණය වැඩියි. මේ එක් එක් සංඝටක වලින් ශරීරයේ පැවැත්මට අවශ්‍ය ශක්තිය, වර්ධනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දීම වගේ විවිධ දායකත්ව ලබා දෙනවා.

    ඒක නිසා අපි සියලු පෝෂ්‍ය පදාර්ථ ආවරණය වන විදිහට විවිධ වර්ගයේ ආහාර පාන දවස පුරා අහාරයට ගැනීම වැදගත්.

    ආහාර හදුනා ගන්න

    අතට අහුවෙන හැමදේම කටට දාගන්න බලාගෙන ඉන්න අයට අමතක කරන දෙයක් තමයි මාළුව නහින්නෙත් කට හින්ද කියන අපේ පැරණි කියමන. මේ දේ මතක ඇති තේරුම් ගත් අය නම් කන්න ඕනේ මොනවද, නැත්තේ මොනවද කියලා අවබෝධයක් තියා ගන්නවා. ආහාර වර්ග වල තියෙන පෝෂණ ගුණය අනුව දිනපතා ගත යුතු, ඉදහිට ගත යුතු හා කලාතුරකින් ගත යුතු ආහාර කියලා ආහාර වර්ග කරගන්න අපිට පුලුවන්.

    උදාහරණයක් විදිහට එලවළු. පළතුරු, ඉඳිආප්ප, බත්, රොටී වගේ පිටි ආශ්‍රිත නිෂ්පාදන දිනපතා ගන්න පුලුවන් ආහාර විදිහට සලකන්න පුලුවන්. කේක්, බිස්කට් , ෆරයිඩ් රයිස් ගැඹුරු තෙලේ බැදපු ආහාර වගේ ආහාර ඉදහිට ගත යුතු ආහාර විදිහට සලකන්න පුලුවන්. සිසිල්  බීම, අයිස් ක්‍රීම්, ටොෆී, නොකා ඉන්න තරමට හොදයි.

    ආහාර වල සීනි, ලුණු මට්ටම් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න

    වර්තමානයේ සුලභව හමුවෙන දියවැඩියාව, අධිරුධිර පීඩනය වගේ බෝ නොවන රෝග බොහොමයක් ඇති වීමට එක ප්‍රධාන හේතුවක් තමයි අධික සීනි සහ ලුණු භාවිතය. නිරෝගී වැඩුණු පුද්ගලයෙකුට දිනකට ගත හැකි උපරිම සීනි ප්‍රමාණය වන්නේ සීනි හැදි 06ක්(ග්‍රෑම් 25). අපිට පුලුවන් එක් අරන ලද සීනි Added Suger අඩංගු ආහාර පාන සීමා කරලා සීනි භාවිතය ප්‍රශස්ත මට්ටමක තියා ගන්න.

    මේක පවුලේ හැමෝටම වැදගත් දෙයක්. මොකද ළමා වයසෙදි නොදැනුවත්කමට දරුවා ඉල්ලන සෑම අවස්ථාවකම පැණි රස කෑම වර්ග, අරන් දෙන්න දෙමව්පියන් පුරුදු වුණොත් දරුව ලොකු වෙද්දිත් ඒ ප්‍රමාණයටම ආහාරයට ගන්න පෙලබෙනවා. ඒක නිසා පවුලේ ලොකු කුඩා හැමෝගෙම සීනි භාවිතය ගැන සැලකිලිමත් වීම සෞඛ්‍යය යහ පැවැත්මක් පවත්වා ගැනීමට රුකුලක්.

    නිරෝගී වැඩුණු පුද්ගලයෙක්ට දිනකට ගත හැකි උපරිම ලුණු ප්‍රමාණය තේ හැදි 01 ක් (ග්‍රෑම් 4)

    නිවසේ ආහාර පිලියෙල කරන කොට ආහාර වලට එකතු කරන ලුණු ප්‍රමාණය පාලනය කරන එක අපිට ලෙහෙසියෙන්ම කරන්න පුලුවන් දෙයක්. ඒ වගේම ලුණු අධික ලෙස අඩංගු වෙන මුරුක්කු වගේ වෙලදපලේ තියෙන ආහාර පාලනයක් ඇතුව පාවිච්චි කිරීමෙන් හෘරදයාබාධ වැනි බෝ නොවන රෝග වැලදීමට ඇති අවදානම අඩු කර ගන්න පුලුවන්.

    පලතුරු එලවලු වැඩි ප්‍රමාණයක් ආහාරයට ගන්න

    දිනකට අවම වශයෙන් එලවලු වර්ග 03ක් සහ පළතුරු වර්ග 02ක් වත් ආහාරයට ගන්න ඕනේ. අපේ ශරීරයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය වෙන විවිධ පෝෂණ සංඝටක බොහොමයක් පළතුරු වල  අඩංගුව පවතිනවා. ඒත් වර්තමානයේ බොහෝ දෙනා පුරුදු වී තිබෙන්නේ පෝෂණ ගුණයෙන් අඩු, බොහෝ විට පිටරටින් ගෙන්වන පලතුරු භාවිත කරන්න. ඉතින් ඔබට පුලුවන් නම් පලතුරු වර්ග ගෙවත්තේ හිටවලා තමන්ගේම පවුලේ අයගේ පරිභෝජනයට අවශ්‍ය වස විස නැති පලතුරු දෙන්න. ඒක පවුලේම පෝෂණයටත් හොදයි. ඒ වගේම කායික මෙන්ම මානසික, සමාජීය සෞඛ්‍යයත් වර්ධනය වීමටත් වැදගත් කාර්‍ය භාරයක් ඉටු වෙනවා.

    සෞඛ්‍යය යහ පැවැත්මක් සඳහා අපිට අවශ්‍ය දේ අපිම වවාගමු

    අපේ අතීත සමාජය දිහා හැරිලා බැලුවොත් එදිනෙදා ජීවිතයේ පරිහරණයට අවශ්‍ය ආහාර නිපදවා ගන්න බොහෝ දෙනක් පුරුදු වෙලා සිටියා. එලවලු, පලතුරු ගස් හැදෙන්න අවශ්‍ය පාරිසරික සාධක ඉතා ඉහලින් ලංකාවේ තියෙනවා.  ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භූමිය රම්‍යා කියලා ජාතික ගීය කියන හැම වෙලාවකම මේ දේ මතක් වුණත් වර්තමාන වන විට කාලය කියන සාධකය නිසා මේ සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන්නේ නෑ. නමුත් ඔබ සොයා බැලුවහොත් ලෝකයේ බොහෝ දියණු රටවල් මේ වන විට අතීත පාරීභෝගික රටාවන් නැවත පිළිපදින්නට පටන් අරන් තිබෙනවා.

    වස විස අඩංගු වෙලදපලේ තියෙන එලවලු පලතුරු වෙනුවට කාබනික පොහොර භාවිතා කර ගෙවත්තේ කුඩා ඉඩක වුවත් වගා කරගන්න පුළ්වන් ආහාර වර්ග ගනණාවක් තිබෙනවා. ඔබ හිතයි මේ කාර්යබහුල කමත් එක්ක වගාවක් සඳහා කාලය වෙන්කරන්නෙ කොහොමද කියල. නමුත් ඔබ මතක තබා ගත යුතු කරුණක් වන්නේ ඔබ මේ සඳහා වෙන් කරන කාලය මගින් ඔබේ ජීවිතයට තව දවසක හෝ ආයු කාලය වැඩි වෙන බව.

    මීට අමතරව විශේෂ අවශ්‍යතා මත  ගර්භනී මාතාවන්, ළදරුවන්, වැඩිහිටි හා මහළු පුද්ගලයන්  යන අයට සුවිශේෂී වූ පෝෂණ අවශ්‍යතා වෙනස් විය හැකියි. ඒ අවස්ථා වලදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩා සුදුසුයි.

    මේ සරල ක්‍රියාකාරකම් වලින් ඔබට මූලිකව තමන්ගේ පුරුදු වෙනස් කරගෙන යහපත් පෝෂණයකට මග පාද ගන්න පුලුවන්.  ඉදිරි ලිපි වලින් අපි එ පිලිබදව තව දුරටත් කතා කරමු.

    මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම නොමසුරුව ලබා දෙමින් කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, ප්‍රජා වෛද්‍ය විශේෂඥ මනූජා පෙරේරා මෙනවිය දැක්වූ සහයෝගයට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.

     


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    කවරයේ ඡායාරුපය – imagesbazaar.com

     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    ආසිරි කරුණානායක
    ආසිරි කරුණානායක
    කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා කැළණිය විශ්ව විද්‍යාලයේ රාගම වෛද්‍ය විද්‍යාලයට ඇතුළුවන ආසිරි කරුණානායක දැනට සිව්වන වසරේ වෛද්‍ය ශිෂ්‍යයෙකි. විශ්ව විද්‍යාලය තුල විවිධ සංගමයන්හි නිලතල දරමින්, සමාජ සුබසාධන කටයුතු වලට නායකත්වය දෙමින් යහපත් හා සෞඛ්‍යමත් සමාජයක් බිහිකිරීම වෙනුවෙන් කටයුතු කරන තරුණයෙකි.
    Colombo
    broken clouds
    29 ° C
    29 °
    29 °
    72 %
    2.2kmh
    78 %
    Tue
    31 °
    Wed
    29 °
    Thu
    28 °
    Fri
    29 °
    Sat
    27 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු