More
    26.1 C
    Colombo
    Friday, September 4, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    බොලිවුඩයට තවත් කඳුලු බිංදුවක්

    Family Tech Sponsorspot_imgspot_img

    බොලිවුඩයේ නවතම සිනාමාත්මක අත්දැකීමක් ගැන තොරතුරු කියන්නයි අද අපි Familylife.lk තුළින් සූදානම් වන්නේ. 2018 අප්‍රේල් මස මැද භාගයේ නිකුත් කළ ඉතාමත් ආදරණිය චිත්‍රපටයක් ලෙසින් බොලිවුඞ් ප්‍රේක්ෂකාගාරය දිනාගත් ”ඔක්තෝම්බර්” චිත්‍රපටය ගැනයි මේ සටහන

    එකම තරුපහේ හෝටලයක සේවය කරන තරුණ යුවලක් වටා ගෙතුනු මම සිනමා සිත්තම තරමක් වෙනස් ප්‍රේමකථාවක් ලෙසින් හඳුන්වා දෙන්න පුළුවන්. බොලිවුඩයේ ඉදිරි දශකයේ රජු ලෙසින් නම් දරා සිටින වරුන් දවන් විසින් නිරූපනය කරන ඩෑන් හා බෙනිටා ෂන්දු විසින් නිරූපනය කරන ෂියුලිගේ චරිත චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවන් වෙයි. ඉතාමත් සොඳුරු බැඳීමක් ඇති මේ යුවලගේ ජීවිතයට ඩෑන්ගේ වෘත්තීමය ජීවිතය තුළ සිදුවන පෙරළිය හා ෂියුලි මුහුණ දෙන හදිසි අනතුර ගෙන එන්නේ කිසිවෙකුත් නොසිතන කාල පරිච්ඡේදයක්. ඔවුන් ජීවිතය තුල මුහුණ දෙන අනේක විධ අවස්ථාවන් හරහා චිත්‍රපටයේ ඉතිරි කොටස ගලා යනවා.
    බොලිවුඩයට වෙනස් නිර්මාණ ගෙන එන අධ්‍යක්ෂකවරයෙකු වූ ෂුජිත් සර්කාර් විසින්
    අධ්‍යක්ෂක ෂූජි සර්කාර්
    අධ්‍යක්‍ෂනය කළ ”ඔක්තෝම්බර්” චිත්‍රපටය රූනි ලහිරි හා ශීල් කුමාර් විසින් නිෂ්පාදනය කර තිබෙනවා. ජුහි චතූර්වේදි විසින් රචනා කළ තිරපිටපත හා ශාන්තනු මොයිත්‍රාගේ පසුබිම් සංගීතය විසින් මෙම සිනාමා පටය වෙනම තලයකට ඔසවා තබන බව විචාරකයින් සඳහන් කර තිබෙනවා. විශේෂයෙන් චිත්‍රපටය නිකුත්වීමට පෙර මෙහි පසුබිම් සංගීතය මැඞ්රාස්හි මෝසාට් ලෙසින් හඳුන්වන ඒ ආර් රහමන් විසින් සිදුකළ බවට ආරංචි පැතිර යන්නට වූයේ මෙහි පසුබිම් සංගීතය එතරම් අගනා මට්ටමක පැවතීම නිසයි.
    විචාරකයින් විසින් චිත්‍රපටයේ පවතින මන්දගාමී දිගහැරුම විවේචනයට ලක් කළ නමුත් ඉතාමත් භාවාත්මක කූටප්‍රාප්තියකට එය මනාව ගැලපෙන බවට බොහෝ දෙනා තර්ක කරනවා. චිත්‍රපටයේ ප්‍රධාන භුමිකාව රඟන බෙනීට ෂන්දුගේ කුළුදුල් බොලිවුඞ් රංගනය මෙය වීමත් විශේෂයක් වනවා.
    යම් තරමක සුරංගනා කථාවක අඩුවැඩිය සපුරන ඔක්තෝම්බර් චිත්‍රපටයේ ඉතා ප්‍රේමණීය ජවනිකා ගනණාවක් සමග සියුම් භාවාත්මක අවසානය මෙය නැරඹීම සඳහා ඔබ වැය කරන කාලයට සාධාරන වින්දනයක් ලබාදෙන බව නම් සත්‍යයක්. ඉතිං මේ සිනමා සිත්තම රස විඳින්නට අපි ඔබ සැමට ෆැමිලි සිනමා තුළින් ආරාධනා කරනවා.

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    moderate rain
    26.1 ° C
    26.1 °
    26 °
    94 %
    4.7kmh
    42 %
    Thu
    28 °
    Fri
    31 °
    Sat
    32 °
    Sun
    28 °
    Mon
    29 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු