fbpx
More
    32 C
    Colombo
    Friday, October 4, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    ශ්‍රවණය හා ශ්‍රවණාබාධ පිළිබඳ මේ දේවල් ගැන ඔබත් දන්නවාද?

    Family Tech Sponsorspot_imgspot_img

    එකිනෙකා අතර අදහස් හුවමාරු කරගනිමින් මනා සන්නිවේදනයක් ගොඩනැගීමට ශ්‍රවණය එනම් කන් ඇසීම බෙහෙවින්ම වැදගත්. කන් ඇසීමේ දුර්වලතාවයක් ඇති විට තවත් පුද්ගලයකු හා අදහස් හුවමාරු කරගැනීමේදී නිවැරදිව ප්‍රතිචාර දැක්වීමට හැකියාවක් නොලැබේ. අපට, අපේ පවුලේ කෙනෙකුට, හිතවතෙකුට වුවත් ශ්‍රවණ දුර්වලතාවයන්ට මුහුණ දීමට සිදුවිය හැකියි. එනිසාවෙන්ම එකිනෙකාගේ සන්නිවේදනයට සෘජුවම බලපාන ශ්‍රවණය හා ශ්‍රවණාබාධ පිළිබඳව familylife.lk අපි සුව පියස තුළින් ඔබව දැනුවත් කරන්නට සූදානම්

    www.familylife.lk
    ©fractalenlightenment.com

    කන ඇසීම සිදුවන්නේ කෙසේද?

    • අවට පරිසරයේ ජනිත වන ශබ්ද මුලින්ම කන්පෙත්ත මඟින් එකතු කොට කනේ පිට විවරය තුලින් කනේ මාර්ගය තුලට ගමන් කරයි.
    • මෙම ශබ්ද තරංග කන්බෙරයේ වැදීමත් සමඟම එය කම්පනය වීම ඇරඹෙන අතර එම කම්පනය මැද කන තුල ඇති කුඩා අස්ථි තරංග වල කම්පනය මඟින් ඇතුළු කනට සම්ප්‍රේෂණය කොට ස්නායු උත්තේජනයට අවශ්‍ය සෛල හා පටලයන් කම්පනය කරවයි.
    • එයින් සිදු වන උත්තේජනය අනුව ශ්‍රවණයට අදාල ස්නායුව ඔස්සේ ශ්‍රවණ සංඥා මොළයට ගමන් කොට අපට ඇසීමට සලස්වනු ලබයි.

    කන ඇසීමේ අඩු පාඩුවක් ඇති බව හඳුනා ගන්නේ කෙසේද?

    • වැඩිහිටියෙක්ට නම් තමන්ගෙ කන ඇසීමේ දුර්වලතාවය තමන්ටම වටහාගන්නට හැකියාවක් තිබෙනවා. එහෙත් කුඩා දරුවන්ට තම කන් ඇසීමේ දුර්වලතාවක් ඇති බව පැහැදිලිවම අවබෝධ කරගන්නට අපහසුයි.
    • නිවසේදී යමක් පවසන විට කිහිප විටක් ඇසීම.
    • යමක් පවසන විට ප්‍රතිචාර නොදක්වා සිටීම.
    • අධ්‍යාපන කටයුතු වල නියුතු දරුවකු ගුරුවරයා උගන්වන විට වැඩි අවධානයක් යොමු නොකිරීම
    • දරුවන් ඉතා දඟකාරී වීම.

    යන කාරණා පිළිබඳව දෙමාපියන් අවදානයෙන් සිටිය යුතුය. කුඩා කාලයේදී ම ශ්‍රවණ ඌණතා හඳුනාගත් විට එම ආබාධ සම්පූර්ණයෙන් ම සුවපත් කළ හැකිය.

    www.familylife.lk
    ©alivexwell.com

    කන ඇසීමේ දුර්වලතා ඇති වන්නේ ඇයි ?

    • උපතේදීම ඇති වන ශ්‍රවණ ආබාධ හේතුවෙන්
    • ජිවිතයේ පසුකාලීනව ඇතිවන ශ්‍රවණ ආබාධ හේතුවෙන්

    දරුවකුගේ උපතේදීම ශ්‍රවනාබාධ සඳහා පහත කරුණු බලපා තිබිය හැකිය.

    • ජානමය ගැටළු
    • ගර්භණී සමයේ මව විසින් ශ්‍රවණ දුර්වලතා ඇති කරවන ඖෂධ භාවිතා කිරීම
    • ගර්භණී සමයේ මවට පැපොළ හා රුබෙල්ලා වැනි වෛරස් රෝග වැළඳී තිබීම.

    දරුවකු ප්‍රසූත වූ පසු දරුවාගේ ඇසීම පිළිබඳ පරික්ෂා කිරීම ඉතා වැදගත්ය. ඒ තුලින් කල්යාමට ප්‍රථමව දරුවාගේ ශ්‍රවණ දුර්වලතා හඳුනා ගෙන දරුවාගේ කථනය ආරම්භ වීමට ප්‍රථමව ශ්‍රවණය දියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිකර්ම සිදු කළ හැකිය. එසේම ඔවුන්ගේ කථනයට ඇති විය හැකි බාධා අවම කරගැනීමට හැකියාවක් ලැබේ. ශ්‍රවණ උපකරණ භාවිතය මෙන්ම කර්ණශංඛ බද්ධය වැනි ශල්‍යකර්මයන්ට යොමු කිරීමට පවා එහිදී අවශ්‍ය විය හැකිය.

    www.familylife.lk
    ©mikrocja-atrezja.p

    ජීවිතයේ පසු කාලීනව ඇති වන ශ්‍රවණ ආබාධ සඳහා මේ කාරණා බලපෑ හැකිය.

    • කනෙහි ඇතිවන අවහිරතා බලපෑ හැකිය –  කණෙහි කළාඳුරු හිරවීම, කනෙහි විවිධ ආසාදන තත්ත්වයන් ඇතිවීම, මැද කනෙහි සෙම හෝ දියර එකතුවීම වැනි කාරණා දැක්විය හැකිය. මෙම තත්ත්වයන්ට නිසි පරිදි ප්‍රතිකාර කිරීම තුලින් ශ්‍රවණය නැවත යථා තත්ත්වයට පත් කර ගත හැකිය.
    • ස්නායු දුර්වලතා මත ඇති වූ ශ්‍රවණ ආබාධ ඇති විය හැකිය – ක්ෂණිකව ඇතිවන එවැනි ස්නායු ආබාධයන්ට ප්‍රතිකර්ම ඇතත් ශ්‍රවණාබාධය කල්ගත වුවහොත් ඖෂධ මඟින් යථාතත්ත්වයට පත් කර ගැනීමට අපහසුය. හදිසියේ ඇති වන ස්නායු ආබාධ, වෛරස් ආසාදන, ලේ ගමනේ දුර්වලතා හෝ ස්නායුවේ ඉදිමීම නිසා මෙම තත්ත්වය ඇතිවිය හැකිය. ඖෂධ ප්‍රතිකර්මයන් වහාම පැය 48ත් 72ත් අතර කාලයක් තුලදී ලබාදීමෙන් යම්තාක් දුරට සුවකර ගත හැකිය. නමුත් ප්‍රමාදවී හඳුනා ගන්නා එවැනි ස්නායු දුර්වලතා ඖෂධ මඟින් සුව කළ නොහැකිය.
    • වයසත් සමඟ ඇති වන ඇසීමේ දුර්වලතාද නැවත යථාතත්ත්වය පත් කර ගැනීමට ඖෂධ මඟින් නොහැකිය.
    • බොහෝ විට අපි විවිධ දේවල් කනට ඇතුළු කොට කන කැසීම හා කළාඳුරු ඉවත් කිරීමට උත්සහ කිරීමේදී කන්බෙරයට හානීවී ශ්‍රවණ දුර්වලතා ඇති විය හැක.
    • එසේම සෙම්ප්‍රතිශ්‍යාව, කඳුකර ප්‍රදේශ වල ගමන් කිරීම හා දියේ ගිලී නෑම නිසාද ඇසීමට බාධා ඇති විය හැකිය.

    ඔබටත් නිවසේදීම කන් ඇසීම පරික්ෂා කරගන්නට හැකියි

    www.familylife.lk
    ©nhs.uk

    මෙම සරල පරීක්ෂණය Whispering Test නමින් හඳුන්වයි. මෙම පරිෂණය සිදු කිරීමට සඳහා දෙදෙනෙකු සිටිය යුතුයි.

    • ප්‍රථමයෙන්ම ශ්‍රවණය පරීක්ෂණයට බඳුන්වන පුද්ගලයා පුටුවක හිඳුවා පරීක්ෂණය සිදු කරන පුද්ගලයා ඔහුගේ අතේ දුරින් ඔහුට හෝ ඇයට ඉදිරියෙන් ඉඳගන්න.
    • පරික්ෂණය සිදු කරන පුද්ගලයා විසින් පරික්ෂණයට බඳුන් වන පුද්ගලයාගේ එක් කනක පියන වැසෙන සේ දබරැඟිල්ල තබා වසාගන්න.
    • පරික්ෂණය කරන පුද්ගලයාගේ මුව මදක් ඉවතට හරවා අංක දෙකකින් යුතු ඉලක්කම් දහයක් දොළහක් පමණ රහසින් මුමුනන්න. නිදසුනක් ලෙස දහ හතර, විසි හතර, තිස් හය, තිස් අට වැනි අංක දෙකකින් යුතු අංක තෝරාගත යුතු ය.
      පරික්ෂණය කරන පුද්ගලයා විසින් මුමුණන ලද අංක දහය අසා පරීක්ෂණයට බඳුන්වන පුද්ගලයාට ඒවා ප්‍රතිරාවය කරන්නැයි කියන්න.
    • ඔහු‍ හෝ ඇය එම අංක නිවැරැදිව කීවොත් ඒ පුද්ගලයා ගේ ශ්‍රවණ මට්ටම සායනික වශයෙන් ප්‍රමාණවත් බව පිළිගන්නට පිළිවන්.
    • එම අංක පැහැදිලිව නොඇසෙන්නේ නම් ශ්‍රවණ මට්ටමෙහි කිසියම් අඩ‍ු පාඩුවක් ඇති බව සිතිය හැකිය‍.

    මෙසේ කන් දෙකටම මෙම පරික්ෂණය කරන්න. පරීක්ෂණය පිළිබඳව එක් වරකින් සෑහීමකට පත් නොවේ නම් කිහිපවරක් එය කර බලන්න. ශ්‍රවණය පිළිබඳ යම් සැකයක් ඇති වන්නේ නම් ළඟම ඇති රෝහලෙහි පිහිටි උගුර කන හා නාසය පිළිබඳ සායනය වෙත ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.


    www.familylife.lkමෙම ලිපිය සැකසීමේදී සිය දැනුම නොමසුරුව ලබා දෙමින් ගෝල්ඩන් කී රෝහලේ උගුර කන, නාසය හා ගෙල පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය දැක්වූ සහයෝගයට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    scattered clouds
    32 ° C
    32 °
    32 °
    68 %
    4.9kmh
    26 %
    Fri
    32 °
    Sat
    29 °
    Sun
    28 °
    Mon
    28 °
    Tue
    26 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු