fbpx
More
    32 C
    Colombo
    Friday, October 4, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    පාළුව, කාන්සිය මකන ෆේස්බුක් ඔබේ ජීවිතයට සරදම් කරන්නේ මෙහෙමයි

    Family Tech Sponsorspot_imgspot_img

    අද familylife.lk අපි ෆැමිලි ටුඩේ තුළින් කතාබහ කරන්නට බලාපොරොත්තු වන මාතෘකාව ඔබ අන්තර්ජාලය භාවිත කරන මේ මොහොත පිළිබඳවයි. විශේෂයෙන් සමාජ ජාලා වෙබ් අඩවි සමග දවසින් වැඩි කොටසක් ගෙවා දමන වර්ථමාන මොහොත ඔබ ජීවිතයේ වඩාත් වගකීම් සහගතව තීරණ ගත යුතු මොහොතයි. ඒ වෙනුවෙන් කරන සුහද මතක් කිරීමක් මේ ලිපියෙන් අපි ඔබට ගෙන එනවා.

    අන්තර්ජාලය කියන්නේ එකිනෙකට සම්බන්ධ වූ අතිවිශාල ලෝක ව්‍යාප්ත පරිගණක ජාලයක්. ලෝකයේ ඕනෑම තැනක සිටින කෙනෙකුට, තමන්ගේ පරිගණකයෙන්, ජංගම දුරකථනයෙන් සහ මෝඩමයක් ලෙස හඳුන්වනු ලබන විශේෂ පරිගණක උපකරණයක් මගින් අන්තර්ජාලයට සම්බන්ධ වී වෙබ් අඩවි වෙත ප්‍රවේශ වන්න පුළුවන්. එහෙම බලනකොට අන්තර්ජාලය කියන්නෙ මිනිසා විසින් නිමවූ තවත් එක් අපූරුතම නිර්මාණයක්. විශේෂයෙන්ම අද වන විට පරිගණකයෙන් අන්තර්ජාලය වෙත පිවිසෙන පිරිසට වඩා ජංගම දුරකථනයෙන් අන්තර්ජාලය වෙත පිවිසෙන පිරිස බොහෝය.

    ඕනෑම හොඳ දෙයක් වුණත් අනර්ථකාරී දෙයකට යොදා ගත්තොත් සිද්ධ වෙන්නෙ අයහපතක්මනේ. අන්තර්ජාලයේ සමාජ වෙබ් අඩවි හරහා වගේම අන්තර්ජාලය හරහා සිදුවන හොරකම් නිසාත් විවිධ පුද්ගයන් අපහසුතාවයන්ට පත් වෙනවා. සයිබර් අවකාශයේ සිදු වන මෙම අනතුරු ගැන අපි ඔබව දැනුවත් කරන්නට සිතුවෙ අන්න ඒ නිසාමයි. ෆේස් බුක් එහෙම නැත්නම් මුහුණු පොත අන්තර්ජාලයේ දැනට පවතින විශාලතම සමාජ වෙබ් අඩවියයි. අද දිග හරින්නට සුදානම් වෙන්නේ මුහුණු පොත නිසාවෙන් ඇති කරගත් සබඳතාවයක් නිසා සාගරිකා ඇයගේ ජීවිතය සයිබර් අවකාශය හරහා විනාශ කර ගත් අයුරුයි.

    www.family
    ©videoblocks.com

    සාගරිකා එක්දරු මවක්. ඇයගේ සැමියා සේවය කළේ ජපානයේය. එනිසා ආර්ථික වශයෙන් ඔවුන් ශක්තිමත් ජීවිතයක් ගත කළා. ඇය නිවසට වගේම තම ජංගම දුරකථනයටත් අන්තර්ජාල පහසුකම ලබා ගත්තේ ජපානයේ සේවය කරන තම සැමියා සමග කතා බහ කරන්නටයි. ඇයගේ දියණිය අ.පො.ස සාමාන්‍ය පෙළ හදාරනමින් සිටියාය. එනිසාම උපකාරක පන්ති වෙත දියණිය යොමු කොට පන්තිය නිම වනතෙක් ඇය රැඳී සිටින්නේ නැවත නිවසට ගොස් එන්නට කාලයක් නැති නිසාවෙන්ය.

    දියණියගේ පන්තිය නිම වන තෙක් ඇයගේ තනි මැකුවේ ජංගම දුරථනයයි. මුහුණු පොත හරහා යහළු යෙහෙළියන් හා දොඩමලු වන ඇයට කාලය ගෙවී යනවා දැනුනේවත් නැත. මේ අතර ඇයට පැමිණි නව මිතුරු ඉල්ලීමට ඇය ඔහුගේ තොරතුරු බැලුවාය. විශ්ව විද්‍යාලයක අවසන් වසරෙහි ඉගෙන ගන්නා බවත් ගම නුවර බවත් එහි සඳහන් විය.

    මිතුරන් සමග ගත් ඡායාරූප මෙන්ම පවුලේ අය සමග ද ගත් ඡායාරූපත් බැලූ සාගරිකා පොඩි එකෙක් යැයි තමාටම කියා ගනිමින් එම මිතුරු ඉල්ලීම තහවුරු කළාය. ආකාශ් දැන් සාගරිකාගේ මිතුරු ගොන්නට එක්විය. ටික දිනකින් පොඩි එකා සාගරිකා හා චැට් කළාය. ආකාශ් සාගරිකා ඇමතුවේ අක්කා කියාය. ටික දිනකින් මේ සහෝදර ප්‍රේමය දිනපතාම කෝල් කරන තත්ත්වයටත් පත් විය. ආකාශ්ගේ දුක සතුට ද ,සාගරිකාගේ දුක සතුට ද එකිනෙකා බෙදා ගති.

    මට අක්කව හම්බවෙන්න ඕනී, මම ලොකු ප්‍රශ්නයක ඉන්නේ..
    ඒ මොකද්ද?
    මෙහෙම ෆෝන්වලින් කියන්න බැහැ, මට ඔයා මගේම අක්කා වගේ. මට තේරෙන්නෙ නැහැ මට පිස්සු වගේ….
    හරි හරි හෙට එන්න, මම ඔයාගේ ප්‍රශ්නය විසඳලා දෙන්නම් සාගරිකා ද දෙවරක් නොසිතා කීවාය.

    දියණිය උපකාරක පන්තිය වෙත බස්සවා ආකාශ් සමග කලින් කතිකා කරගත් ලෙස නුගේගොඩ අවන්හලකදී ඔවුන් දෙදෙනා මුනගැසුනි. සාගරිකා අවුරුදු 39ක් වුවද ඇයට තිබුණේ ලාබාල පෙනුමකි. සැබවින්ම ඇය රූමත් කාන්තාවකි.

    අක්කා, අක්කා කිවුවට ඔයා පොඩි කෙල්ලෙක්නේ,
    පිස්සුද ළමයෝ මට අවුරුදු 39ක් බොරු නම්, මේ…අයිඩෙන්ටිය බලන්න
    ඇත්තමයි, එච්චර ලොකු ළමයෙක් ඉන්නවා කියලා හිතන්නත් බැහැනේ. ඔයා හරිම ලස්සනයි,

    සාගරිකාගේ කම්මුල්වලට ලේ ගලාගෙන විත් ඇගේ වත ලැජ්ජාවෙන් රතු වෙද්දි ඇය ඒ කතාව මග හරිමින්

    හ්ම් හ්ම් එකට කමක් නැහැ දැන් මොකද්ද මල්ලි ඔයාට තියෙන ප්‍රශ්නය
    මගේ ගර්ල් ෆ්‍රෙන්ඞ් මාව දාලා ගියා.
    මුහුදෙ ඉන්නෙ එක මාලුවද ?
    ඒත් හිතට අල්ලන මාලු හම්බ වෙන්නෙ කලාතුරකින්නේ,

    එදා සාගරිකා ආකාශ් මල්ලිගේ තැලුණ පොඩි වුණ සිත සුවපත් කරන්නට උත්සහ දැරුවාය. කාලය ගතව යද්දි ආකාශ් මල්ලි හා දොඩමළු වීම තරම් සැනසුමක් ඇයට නොවීය. ඇය මවක් බව ඇයට අමතකව ගොස්ය. අම්මාගේ හැසිරීමේ වෙනස දියණියට ද දැනෙන්නට ඒ තරම් කාලයක් ගත නොවීය. ආකාශ් මල්ලි දියණිය පාසලට ගිය පසු සාගරිකාගේ තනිය මකාලීය. හිරිමල් යෞවනියක මෙන් ආකාශ්ගේ උණුහුමින් ඇය මත්වුවාය. ආකාශ්ට මුදල් වියදම් කරන්නත් ඇය දෙවරක් නොසිතුවාය. ආකාශ් විවිධ අවශ්‍යතා පවසමින් සාගරිකාගෙන් මුදල් ලබා ගත්තේය. කාලය ගෙවී යත්ම දියණියට මවගේ ක්‍රියා කලාපය අනාවරණය විය.

    අම්මා මම අප්පච්චිට මේ බව දන්වලා යවන්න කලින් මේ වැඩේ නවත්වන්න.මොන වැඩේද?
    ඔය ආකාශ් කියන මිනිහව අම්මා ගෙදරටම ගෙන්න ගන්නවා අහල පහල මිනිස්සු දැකලා තියෙනවා.
    පිස්සුද ඒ ළමයා මගේ දරුවෙක් වගේ
    හරි මීට පස්සෙ දරුකමට ඒ මිනිහව ගෙදරට ගෙන්න ගන්න එපා

    දියණියගේ විමසීමෙන් පසු සාගරිකාට තමන් පිළිබඳවම ඇති වුයේ දැඩි කළකිරීමකි. තහනම් ගස් වල ගෙඩි කෑමට ගොස් අයිතිකරුට අසු වුවහොත් ලේසී පාසු නොවන බව සිතූ සාගරිකා ආකාශ් සමග සබඳතාවය නවත්වා දැමීමට තීරණය කලාය.

    මට බැහැ සාගරිකා මට ඔයාව ඕනී
    තේරුම් ගන්න මම බැඳලා දරු දෙන්නෙක් ඉන්න ගෑනියෙක්. අපිට අනාගතයක් නැහැ ආකාශ්. අනික මම ඔයාට වඩා වයසිනුත් වැඩියි.
    ඒකට කමක් නැහැ. මම මේ සම්බන්ධය නතර කරන්නෙ නැහැ.

    සාගරිකාව අසරණ කරමින් ආකාශ් කීවාය. සාගරිකා ෆේස් බුක් යෑම සම්පූර්ණයෙන් නතර කළාය. ජංගම දුරකථන අංකයද වෙනස් කළාය. දැන් හරි ආකාශ්ගෙන් ඈත් වුණා යැයි සිතුවද ආකාශ් ඇයව සොයාගෙන නිවසට පැමිණියාය.

    තමුසෙ මාව මග අරින්නද කල්පනාව
    අනේ ආකාශ් මට පාඩුවේ ඉන්න දෙන්න
    හරි මැඩම් පාඩුවෙ ඉන්න ඕනී නම් මට මාසෙට 50000 ක් ඕනේ
    රුපියල් පනස් දාහක් ඒ මොකටද?
    මැඩම් මාත් එක්ක රඟපාපු ෆිල්ම් ටික ලීක් නොවෙන්න නම් ගාන දීලා ෂේප් වෙන්න.
    මොන ෆිල්ම්ද?
    මේ තියෙන්නෙ කොහොමද මහත්තයා මේවා දැක්කම,

    ආකාශ්ගේ ජංගම දුරකථනයේ තිබු විඩියෝව දැක සාගරිකා වෙව්ලන්නට විය. එහි වූයේ ඇය ආකාශ්ගේ පහස විඳින දර්ශනය.

    චී තමුසේ මේ වගේ වැඩක් කලේ ඇයි?
    සල්ලි හොයන්න තමයි, සල්ලිද පවුලද කියලා හිතලා කියන්නකො මැඩම්

    මේ ආකාරයට ආකාශ් ඇගෙන් කප්පම් ලබා ගන්නා අතර ඇයගේ පහස විඳීමද අත් නොහැරියාය.

    ගෑනු මෝඩ ජාතියක්. දන්නවද මම කැම්පස් එකක පස්වත් පාගලා නැහැ, මම ඔයාගේ ප්‍රියාදර සැමියා රට බව දැන ගත්තේ ඔයාගෙ පෝසට් වලින්. හොඳට සල්ලි තියෙනවා කියලා හිතලා තමයි වැඬේ පටන් ගත්තේ. වැඬේ හරි ගියා.

    දිනක් සාගරිකා හමු වූ විට ආකාශ් පැවසුවා. ආකාශ් මුල සිටම සාගරිකාට පැවසුවේ බොරුය. ඔහු ෆේස් බුක් හරහා යමක් කමක් ඇති කාන්තාවන් තරුණියන් සමග සබඳතා පවත්වාගෙන ඔවුනගෙන් මුදල් ලබා ගැනීම දිගින් දිගටම සිදු කොට ඇත. තව දුරටත් මේ තත්ත්වය ඉවසාගත නොහැකි වූ සාගරිකා තානායමකදී ආකාශ්ට පිහියෙන් ඇන පලා ආවාය. එහෙත් ඇයට නීතියෙන් ගැලවෙන්නට නොහැකි විය. මිනී මැරුම් චෝදනාවට යටත්ව ඇය සිර ගත විය. ඇය බලන්නට සැමියාත් දියණියත් පැමිණියේ එකවරක් පමණි. සිද්ධිය දැනගත් පසු කිසිම නෑදෑයෙක්වත් ඇය බලන්නට ආවේ නැත.

    මුහුණු පොත හරහා අප නොදන්නා පුද්ගලයන් හා සබඳතා පැවැත්වීම භයානක තත්ත්වයකි. මන්ද හොර වංචාකාරයන් විවිධ මානසික විකෘතිතා ඇති පුද්ගලයන් මේ අතර සිටින බැවින්ය. අප බුද්ධිමත් විය යුතුය.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    කවරයේ ඡායාරුපය – i2-prod.mirror.co.uk

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    scattered clouds
    32 ° C
    32 °
    32 °
    68 %
    4.9kmh
    26 %
    Fri
    32 °
    Sat
    29 °
    Sun
    28 °
    Mon
    28 °
    Tue
    26 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු