හෙලිකොප්ටර් දෙමාපියන් කෙසේ වෙතත් අම්මෙක් තාත්තෙක් වුන ඔබ මීට කලින් “හෙලිකොප්ටර් පේරන්ටින්” කියන වචනය ගැන අහලා තියෙනවා ද? ලස්සන වචනයක් වගේ පෙනුනට දරුවෙක්ගේ ජීවිතයට මව්පියන්ගෙන් වෙන්න පුළුවන් ලොකුම හානිවලින් එකක් තමයි මේ.
මේ වෙනකොට දරුවන්ට අනවශ්‍ය තරම් නිදහසක් ලබාදීලා ඒ ජීවිත විනාශ වෙන්න ඉඩ දෙන මව්පියන් තරමටම හෙලිකොප්ටර් දෙමාපියන් ඉන්න නිසා familylife.lk අපි හිතුවා ඒ කාරණය ගැන මේ ලිපියෙන් කතා කරන්න.
දරුවන්ට අනවශ්‍ය තරම් අවධානයක් ලබාදෙන, ඔවුන්ගේ ගැටළුවලට සහ තීරණ වලට අසීමිත විදියට බලපෑම් කරන, දරුවන්ට කිසිම නිදහසක් හෝ ස්වාධීනත්වයක් ඇතුව හැදී වැඩෙන්න ඉඩක් ලබා දෙන්නේ නැති මව්පියන් “හෙලිකොප්ටර් පෙරන්ට්ස්” ගණයට අයත් වෙනවා.
තවත් විදියකින් කීවොත් තමන්ගේ දරුවාගේ ජීවිතයේ සෑම දෙයකටම මේ වගේ අම්මලා තාත්තලා මැදිහත් වෙනවා විතරක් නෙවෙයි ඒ මැදිහත්වීම් වලින් මිදෙන්න කිසිම දවසක තමන්ගේ දරුවට ඉඩක් ලබා දෙන්නේ නෑ. අනවශ්‍ය නිදහස තරමටම හෙලිකොප්ටර් දෙමාපියන් වශයෙන් සිදුකරන මේ දේත් දරුවාගේ ජීවිතයට සිදු කරන අකටයුත්තක් බව මේ ය තේරුම් ගන්නේ නෑ. අපි බලමු මේ කියන කාරණය දිගුකාලීනව දරුවාට අහිතකර විදියට බලපාන්නේ කොහොමද කියලා.
සෞඛ්‍යමය ගැටළු
මෙවැනි දරුවන්ට ළමා අවධියේදී වගේම වැඩිහිටි වයසේදීත් රෝගාබාධ වැළදීමට ඇති ඉඩ කඩ වැඩි වෙනවා. ගොඩක් වෙලාවට ඇති සුරක්ෂිතව හැදී වැඩෙන දරුවොන්ට තමන් අවට පරිසරය එක්ක එකතුවෙන්න තියෙන කාලය අවම බව ඔබ දකිනවා ඇති. ගල්, වැලි, වතුර, පස්, සුරතල් සතුන්, සමවයස් කණ්ඩායම් එක්ක මුහුවෙන්න ලැබෙන ඉඩ කඩ අඩු නිසාම මේ දරුවන් ඉතා ඉක්මනින් රෝගී වෙනවා.
ඒ වගේම මව්පියන්ගේ අධීක්ෂණය යටතේ යම් යම් සීමාවන්ට යටත්ව තෝරා බේරාගත් අහාර පාන පමණක් ලබා ගැනීම නිසාත් මේ තත්ත්වය ඉහල යනවා. අනෙක් අතට දරුවා නාන වෙලාව, කන වෙලාව, නින්දට යන වෙලාව, සෙල්ලම් කරන වෙලාව විදියට සියලු දෙයක්ම අම්මලා තාත්තලාට අනවශ්‍ය ආකාරයට සිදු වෙන නිසා පසු දරුවට මේ ගැන ස්වාධීන තීරණයක් ගන්න අවස්ථාවත් අහිමි වෙනවා.
ඒ වගේම වැඩිහිටි වියට පත්වෙලා මව්පියන්ගේ සිහිකැදවීම් නැති වෙනකොට මේ ය තමන්ගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන එකත් අඩු වෙනවා. වෙනත් විදියකට කීවොත් තමන්ගේ පෞද්ගලික සෞඛ්‍ය නඩත්තු කරගැනීමේ හැකියාව මේ දරුවන්ට අහිමි වෙලා යනවා.
තමන් අති සුවිශේෂ බවට හැගීමෙන් පසු වේ.
මේ ලෝකේ ඉන්නේ තමන්ගේ දරුවා විතරයි කියන හැගීමෙන් කටයුතු කරන අම්මලා තාත්තලා නොදැනුවත්ව හෝ දැනුවත්ව මේ අදහස කුඩා වයසේ ඉදලම දරුවාගේ හිතටත් කාවද්දනවා. “තමන්ට මේ දේ අනිවාර්යෙන් හිමි විය යුතුයි/ මේ දෙය ලබන්න එකම සුදුස්සා මම/ මෙතැන සිටින විශේෂම කෙනා මම” වගේ සිතිවිලි මේ දරුවන් තුළ නිතරා පවතිනවා.
මේ දේ සීමාව ඉක්මවා ගියාම, ජීවිතයෙන් අහිමි වීම් ලැබෙනකොට ඒ දේ දරාගැනීමේ හැකියාව මේ දරුවන්ට නැති වෙනවා. බලාපොරොත්තු බිදවැටීම්, විදවීම් සහ සමහර වෙලාවට සියදිවි නසාගැනීම් දක්වා මේ තත්ත්වය වර්ධනය වෙන්න ඉඩ තියෙනවා.
චිත්තවේගාත්මක ගැටළු
තමන්ගේහැගීම් පාලනය කරගැනීමට මේ දරුවන් හුරු වන්නේ ඉතාමත් අඩුවෙන්. දරුවන් වෙනුවට ඒ දේ අම්මලා තාත්තලා සිදු කිරීමම තමයි මෙයට හේතුව වෙන්නේ. දරුවා කෝපයට, දුකට හෝ කලබලයට පත්වෙන අවස්ථාවල ඒවාට ස්වාධීනව සහ හරියාකාරව මුහුණ දෙන්න හුරු කරනවා වෙනුවට මව්පියන් හැම විටම දරුවාට සහය දීමට ඉදිරිපත්වෙනවා.
දරුවා හුදෙකලා එන අවස්ථාවල වගේම වැඩිහිට වියට පත් වීමෙන් පසුවත් මේ දේ ඔහුගේ ජීවිතයට විෂා අහිතකර බලපෑමක් සහ අවාසියක් වෙනවා. අවාසනාවන්ත විදියට විෂාදය සහ කිසිදු අකාරයකින් තමන්ගේ ජීවිතය ගැන තෘප්තියට පත් නොවෙන තත්වයකට මේ දරුවන් අනආතයේදී පත්වීමට ඇති ඉඩකඩ විශාල වෙනවා.
අසීරු තත්ත්වයන් ඉවසීමට ඇති නොහැකියාව.
මෙවැනි මවුපියන් යටතේ හැදෙන වැඩෙන දරුවන් අපහසුකම් සහ අසීරුතාවලට මුහුණ දීමට හරියාකාරව හුරු වන්නේ නෑ. දරුවා අපහසුවකට, වේදනාවකට හෝ අසීරුහාවයකට පත්වෙන සෑම අවස්ථාවකම මව්පියන් ඉදිරිපත්වෙලා දරුවාට ආරක්ෂක පලිහක් වගේ ක්‍රියා කරනවා. ස්වශක්තියෙන් අපහසුතා තේරුම් ගැනීමට ඇති හැකියාව මේ නිසා නැති වෙලා යනවා.
වැඩිහිටි වියට පත් වුනාම වැඩි වශයෙන් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවෙන්නට මේ දරුවන් පෙලඹෙනවා. තමන්ට ඇතිවන කුඩා හෝ මානසික අපහසුතාවයක් වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අපරාධයක් හෝ ලජ්ජා විය යුතු කාරණයක් නොවුනත් මව්පියන්ගේ අනර්ථකාරී හැසිරීම නිසා දරුවා මේ තත්ත්වයට පැහැ වීම කනගාටුවට කාරණයක් විදියටයි අපි හදුන්වන්නේ.
කුසලතා වර්ධනයට ඇති හැකියාව අවම වේ.
තද කාලසටහනකට අනුව ආකෘතියක් ඇතුලේ හැදී වැඩෙන දරුවාට අවට පරිසරයෙන්, සම වයස් කණ්ඩායම් වලින් සහ සමාජයෙන් අත්දැකීම් ලබා ගැනීමට ඇති හැකියාව අවම වෙනවා. තමන්ගේ සහජ හැකියාවන් දියුණු කරගැනීමට ඉඩ ලැබෙනවාට වඩා දෙමව්පියන්ගේ රුචි අරුචිකම් අනුව ක්‍රියා කරන්න සිදු වෙනවා.
මවගෙන් පියාගෙන් මානසික සහනයක් හෝ සාර්ථකත්වය වෙනුවෙන් උත්තෙජනයක් නොලබන දරුවාට තමන්ගේම කියා අරමුණක් හෝ ඒ අරමුණ ජයගන්නට අවශ්‍ය හැකියා වර්ධනයක් නොලබා මව්පියන්ගේ රූකඩයක් බවට පත්වෙනවා.
ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.