ලෙඩ නොවී ඉන්න හැටි සහ ලෙඩ රෝග සෑදීමට තියෙන අවධානම නැති කර ගෙන සෞඛ්‍යය යහපැවැත්මකින් ජීවත් වෙන්නෙ කොහොමද කියල අපි familylife.lk සුව පියස යටතේ පළවුනු පසුගිය ලිපි වලින් කතා කළා. විශේෂයෙන් ශාරිරික යහපැවැත්ම යටතේ ශාරීරික ක්‍රියාකාරකම් වල තිබෙන වැදගත්කම ගැන කතා කළා. අද ලිපියෙන් අපි එදිනෙදා ජීවිතයේදී ශාරීරික ක්‍රියාකාරකම් වර්ධනය කරන්නේ කොහොමද කියල කථා කරන්න බලාපොරොත්තු වෙනවා.
මීට දශක කීපයකට කලින් නම් අපිට ශාරීරික ක්‍රියාකාරකම් ගැන මේ විදිහට කතා කිරීමේ අවශ්‍යතාවයක් පැවැතුනේ නෑ. මොකද ඒ කාලයේ පැවතුන සමාජ ක්‍රමයත් එක්ක බහුතරයක් දෙනා තම ශරීරය වෙහෙසා එදිනෙදා කරන වැඩ කටයුතුත් එක්ක නොදැනීම ශරීරයට අවශ්‍ය ශාරීරක ක්‍රියාකාරකම් සිදුවුනා.
මීමන ප්‍රේමතිලක කවියා සිය කිරිහාමි කවි පෙලෙන් අතීතයේ බහුතරයකගේ ජීවන රටාව මෙලෙසින් නිර්මාණයට නගනවා.
ගමේ පාසල වෙත
ගොස් පැමිණ හිරු සෙත අත
ගෙදර වැඩපළ මත
සිටුනු දකිතැක මොහු ද නොනැවතගවයන්ගේ වැඩපළ
එලවලු කොටුවේ වැඩපළ
කුඹුරේ සුළු වැඩපළ
මොහුට නිතරම පුරුදු වැඩපළමේ අතර නිසි ලෙස
ලබමින් තවත් නිදහස
ගමේ ලමයින් රැස
සමග එකතුව නටයි හෙළි බැස
තාක්‍ෂණික මෙවලම් භාවිතය වැඩි වීමත් සමග සමාජය වෙනස් වෙද්දී ළමා කාලය ගෙවන ආකාරය වෙනස් වෙලා. අද බොහෝ ළමුන්ට වැඩ කරන්න, ගවයෝ, එළවළු කොටු හෝ කුඹුරු නෑ. ඒ වෙනුවට අතට ලැබෙන තාක්‍ෂණික මෙවලමක් එක්ක දවස ගෙවන වර්තමාන සමාජය ළමා, තරුණ, වඩිහිටි භේදයකින් තොරව බොහෝ විට ශාරීරික ක්‍රියාකාරම් වලින් තොර අක්‍රිය ජීවන රටාවකට හුරු වෙලා.
නමුත් පරිනාම සංකල්පත් එක්ක අපේ ශරීරය නිමවෙලා ඇත්තේ සක්‍රීය ශාරිරික ක්‍රියාකාරකම් සහිත ජීවන රටාවත් උදෙසායි. අක්‍රීය ජීවන රටාවට හුරු වූ පුද්ගලයන් ඉක්මනින්ම විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වන්නේ එම නිසයි. නිරන්තර රෝගී අවධානමකට ඔවුන් ලක් වන්නේත් එම නිසයි.
බොහෝ දෙනා ලෙඩ රෝගයකට ලක් වන තුරුම අපිට ශාරීරික සෞඛ්‍ය පිළිබඳ වැඩි අවධානයක් දක්වන්නේ නෑ. තමන්ගේ පූර්ණ අවධානය රැකියාවට, අධ්‍යාපනයට, වගකීම් වලට යොදා තමන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳ අවධානය බැහැර කර ජීවත් වීමෙන් සිදුවන්නේ ඉතාමත් නිෂ්පල ජීවිතයක් හිමිවීමයි. ඊට හේතුව වන්නේ සියලු අනෙකුත් ඉලක්ක සපුරා ගෙන තම සෞඛ්‍ය ගැන උනන්දු විය යුතු බව මතක් වන විට බොහෝ වෙලාවට ඔබ පමා වැඩී. පසුගිය වසර ගනනාවක් පුරා ඔබ ගත කළ ජීවන රටාව ඔබට රෝගියෙකු කර අවසන්. එතැන් පටන් ඔබට සිදුවන්නේ බොහෝ වෙහෙස වී දිනාගත් සියලු දෑ රෝගය වෙනුවෙන් වෙන් කිරීමට සිදුවීමයි. එම නිසා නිතර තමන්ගේ අනෙකුත් ඉලක්ක මෙන්ම ශාරීරික සෞඛ්‍ය පවත්වා ගැනීමත් ජීවිතයේ අනිවාර්ය ඉලක්කයක් විය යුතුයි.
අලුතින් දැඩි වෙහෙසක් නොගෙන එදිනෙදා ජීවියේදී පහසුවෙන්ම කළ හැකි ක්‍රියාකරකම් කීපයක් අපි ඔබට මෙසේ මතක් කර දීමට කැමතියි. බැලූ බැල්මට ඉතා සරල ක්‍රියාකාරකම් ලෙස පෙනුනත් මෙම ක්‍රියාකාරකම් මගින් ඔබගේ ශරීරයේ නිරෝගී බවට ඇති කරන බලපෑම ඉතා විශාලයි. ඔබත් අදම මේ ක්‍රියාකාරකම් වලින් අඩුම තරමින් එකක් හෝ කීපයක් කරන්නට තවත් ප්‍රමාද වෙන්න නම් එපා. ඔබ ජීවිතයේ ආයෝජන ලෙස දකින බොහෝ මූළ්‍යමය අයෝජනයන්ට වඩා මෙම ආයෝජනය අනාගතයේ ඔබට ප්‍රයෝජනවත් වනවා නොඅනුමානයි.
වේගයෙන් ඇවිදින්න… අවිදින දුර වැඩි කරන්න
පවුලේ සියලු දෙනාට පහසුවෙන්ම කරන්න පුලුවන් දෙයක්. අපිට පුලුවන් බස් එකේ වැඩට යද්දී සාමාන්‍යයෙන් ඔබ බස් රථයෙන් බහින බස් නැවතුම වෙනුවෙට ඊට කලින් හෝ පසුව තිබෙන බසු නැවතුමෙන් බැස ඒ දුර පයින් ගමන් කරන්න. ඒ වගේම ළඟ තිබෙන කඬේට, සුපර් මාර්කට් එකට, හිතවතුන්ගේ හෝ නෑදෑ ගෙවල් වලට යන විට මෝටර් රථය වෙනුවෙට ඇවිදගෙන යන්න.
වැදගත්ම දේ තමයි තමන්ගේ ආරක්‍ෂාව ගැන සැලකිලිමත් වන අතරම දහදිය දෑමීමට ප්‍රමාණවත් වේගයකින්, එමෙන්ම හදවත ගැහෙන වේගය වැඩි වන ආකාරයට ඇවිදින එක. එවිට අපගේ ශරීරයේ ඇති වැඩි පුර කැලරි ප්‍රමාණය දහනව වීම ආරම්භ වනවා. ඒ වගේම මාංශ පේෂී ශක්තිමත් වීම, දරාගැනිමේ හැකියාව වැඩි වීම, සන්ධි වල ක්‍රියාකාරිත්වය වැඩී වීම වැනි තවත් බොහෝ ශරීරයට හිතකර ප්‍රතිපළ ලඟා කරගන්න ඔබට හැකිවෙනවා. බොහෝ වෙලාවට කාර්යාල වල හිඳගෙන වැඩ කරන ඔබට හැකි සෑම විටම කුඩා දුරක් හෝ ඇවිදීමට හැකි නම් එයින් ඔබට ලැබෙන වාසිය අප්‍රමානයි. එමෙන්ම නිරන්තරයෙන් විදුලි සෝපානය වෙනුවට තරප්පු පෙළ භාවිතයට ගැනීම ඔබගේ ආයු අපේක්ෂාව වැඩි කිරීමට හේතු වන බව මතක තබා ගන්න.
ගෙදර දොර වැඩ සඳහා අනිවාර්ය කාලයක් වෙන් කරන්න
කොතරම් වැඩ රාජකාරි අධික වුවද ගෙදර දොර වැඩ සඳහාද කාලයක් වෙන්කරන්න. පවුලේ සියලු දෙනාට එකවර සහභාගී විය හැකි වේලාවක් තෝරා ගත හැකිනම් එය වඩාත් යෝග්‍යයි. පවුලේ සියල්ලන් එක්වී ශරීරයේ ක්‍රියාකාරිත්වය වැඩි කරන ගෙවතු වගා, නිවෙස අස්පස් කිරීම, වැනි කටයුත්තක් සැලසුම් කර ඒ වෙනුවෙන් පවුලේ සියල්ලන්ම කාලය වෙනකිරීම මගින් අත්වන වාසිය ශරීර සෞඛ්‍යට මෙන්ම සොඳුරු පවුල් සබඳතා වර්ධනයටත් ඉතා වැදගත්.
පවුලේ ක්‍රිඩාවකට කාලය වෙන් කරන්න.
සවස් කාලයේ හෝ සති අන්තයේ බැඞ්මින්ටන් වැනි ක්‍රිඩාවක් සඳහා කාලය වෙන් කරන්න. අපිට තියෙන වැඩත් එක්ක වෙලාව හොයා ගන්නෙ කොහොමද කියන ප්‍රශ්නයම ඔබට ජීවත් වීමට ඇති කාලය අවම කිරීමට හේතුවක් බව සිහි කරන්න. කෙසේ හෝ කාලය සොයා ගැනීම අනාගතයේදී එක්තැන් වී කාලයට කරන්නට දෙයක් නොමැතිව ගත කිරීමට වඩා යහපත් නොවන්නේද?
තමන්ගේ රුචිය පරිදි ක්‍රියාකාරකම් නිර්මාණය කර ගන්න
ඔබ නැටුමට ගැයුමට ප්‍රිය කරන අයෙක් නම් එම ක්‍රියාකාරකම් පවා ඔබේ ශරීරයේ ක්‍රියාකාරිත්වය වැඩි කර ගැනීමට යොදා ගත හැකියි. වේග රිද්ම සංගීතයකට හොඳට ශරීරයේ දාහදිය එන තෙක් නටන්නට හැකි නම් දෙවරක් නොසිතා ඒ වෙනුවෙන් කාලය වෙනකරන්න. ඔබ සංචාරයට කැමති අයෙක් නම් කන්දක් නැගීම, පිහිනීම වැනි ක්‍රියාකාරකම් සැලසුම් කරගන්න. පැපැදි සාවාරියක් සංවිධානය කරන්න. මෙවැනි තමන්ට මෙන්ම කන්ඩායමකට විනෝදය ගෙනෙන ක්‍රියාකාරකම් සංවිධානය මගින් නොදැනීම ඔබේ ශරීරයේ ක්‍රියාකාරිත්වය වැඩි වනවා. විනෝදය පසුපස හඹා ගොස් ජීවිතයේ ආයුෂ කෙටි කරගන්නවාට වඩා එම විනෝදය භාවිතා කිරීමෙන් සෞඛමත් නිරෝගී දිවිපෙවතකට පසුබිම සකස් කරගන්න ඔබට පුළුවන්.
මෙම කටයුතු කිරීමේදී තමන්ගේ ආරක්‍ෂාවට මුල් තැන දෙන්න. එමෙන්ම දැනට හෘදයාබාධ වැනි රෝගී තත්ත්වයන්ට ලක්ව ඇති පුද්ගලයන් අනිවාර්යයෙන්ම තම වෛද්‍යවරයාගේ උපදෙස් වලට අනුකූලව මෙම කටයුතු සංවිධානය කරගන්න.
මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම නොමසුරුව ලබා දෙමින් කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වෛද්‍ය මනූජා පෙරේරා මෙනවිය දැක්වූ සහයෝගයට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.