fbpx
More
    27.8 C
    Colombo
    Monday, March 2, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    කොළඹ ජාත්‍යන්තර‌ පොත් ප්‍රදර්ශනයට යන්නට පෙර…

    Family Tech Sponsorspot_imgspot_img

    කොළඹ පමණක් නොව ලංකාව පුරාම පොත් කියවීමේ රසිකයින් කොළඹ නගරයට එක්වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ වෙන්නට නියමිතයි. Familylife.lk තුලින් අපි අද මේ කරන්නේ ඒ ගැන පුංචි සිහිකැඳවීමක්…

    ඔබේ කුටුම්භයේත් පොත් කියවීමේ රසිකයින් සිටිනවානම් පවුලේ ස්වාමියාත් බිරින්දෑත් දරුවනුත් එක්ව ප්‍රදර්ශනයට යන්නට ඔබ දින ගනිනවා ඇති. නමුත් ඊට පෙර මොහොතක් ඔබ මේ ගැනත් සිතිය යුතුයි. මේ කාරණා 7 ඔබ මේ සාහිත්‍ය මාසයේ යන්නට පෙර සිතුවොත් සහ සැපිරුවොත් එයින් ඔබට වාසියක්ම වන බව අපි ඉඳුරාම දන්නවා.

    පොත් ලැයිස්තුවක්

    ඔබ සැබෑ කියවන්නෙක් නම් පොත් ප්‍රදර්ශනයට යන හේතුවක් තිබිය යුතුයි. එකම ස්ථානයකින් පොත් ටික තෝරාගැනීමට හැකිවීමත්, වට්ටම් හිමි වීමත්, සිතට සැහැල්ලු මිතුරන් මුණගැසෙන වටපිටාවක් වීමත්, දුර්ලභ පොත් හැමුවීමට ඉඩ තිබීමත් යන කාරණා වෙයි. කෙසේ වුවත් එසේ යන ඔබ අත පොත් ලැයිස්තුවක් තිබීම අතිශය වැදගත්. එහි ඔබට මිලදීගැනීමට අවශ්‍ය පොත්, සහ එහි ප්‍රකාශකයා සඳහන් වූවානම් ප්‍රමාණවත්. සාමාන්‍යයෙන් ප්‍රකාශකයා වෙතින් හොඳම වට්ටම ලැබෙන නිසා පොත තිබීමේ වැඩිම සම්භාවීතාවය ඇත්තේ ප්‍රකාශකයා සතුව නිසාත් එය සාර්ථක වනු ඇති.

    ඉතුරුම් සැලැස්මක්

    පොත් ප්‍රදර්ශනයට යන ඔබේ සැප්තැම්බර් මාසයේ පඩියෙන් කොටසක් ගෙන හෝ එදිනට ඔබගේ අතේ ගැවසෙන මුදලෙන් කොටසක් ගෙන පොත් ගන්නට යනවානම් එය එතරම් නුවණැති ක්‍රියාවක් නොවෙයි. වසරක් පුරා ඔබට මසකට සුළු මුදලක් ඉතිරි කරන්නට හැකිවූවානම් එය ඔබට සරිලන වැයපසක් ඉතිරි කර දෙන්නට ඉඩ තියෙනවා. වගේම ඔබට දැන් කල් නැති වුනත් මෙම මාස දෙකක කාලය හෝ වෙනුවෙන් යම් මුදලක් ඉතිරි කරන්නට හැකිනම් සැප්තැම්බරයේ අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන්ද වියදම් කරන්නට මුදල් ඉතිරි වේවි.

    සැලසුම්

    පළමුවෙන්ම ඔබේ අරමුණ පැහැදිලි කරගත යුතුයි. ඔබ පොත් ප්‍රදර්ශනයට යන්නේ මිතුරන් හා විනෝද වීමේ මූලික අරමුණෙන්ද? වසරක් පාසා යායුතු නිසාද? නැතිනම් ඔබට සැබවින්ම මෙම පොත් ප්‍රදර්ශනයෙන් පොත් මිලදී ගැනීමේ අරමුණක් තිබෙනවාද? කියා සිතන්න. සැබවින්ම අරමුණක් ඇත්නම් පොත් ගන්නට යන දිනය බොහෝ දෙනා පැමිණෙන සතිඅන්ත හෝ නිවාඩු දිනයක්ද?  පොත් ගන්නට යන වේලාව සෙනග අඩුවෙන් ගැවසෙන රාත්‍රී හෝ කාර්යාල වේලාවක්ද? පොත් ගන්නට යන්නේ කා සමගින්ද? පොත් ගන්නට යන්නේ බස් රථයකින්ද? ඔබ තෝරාගන්නට පොත් විශාල ප්‍රමාණයක් ලැයිස්තු ගත කර සිටිනවානම් සමගින් නැවත බස් රථයක පැමිණිය හැකිද?  යන සියළු සැලසුම් ඔබ සිතිය යුතුමයි.

    ළමයි ගෙනයනවානම්

    දෙමවුපියන් සමගින් පොත් තෝරන්නට දරුවනුත් එක්වීම දරුවන්ගේ මානසිකත්වයට සුබවාදී බළපෑමක් සිදුකරන්නක්. එනිසා ඔබේ දරුවනුත් කියවීමට හිතැත්තන් කරවන්නට මෙය සුබවාදී ආරම්භයක් කළ හැකියි. නමුත් දරුවන් සමගින් ගමන් කරද්දී පොත් ගැනම පමණක් නොව ඔබට දරුවන්ගේ සුවපහසුව ගැනත් අනිවාර්යෙන්ම සිතන්නට සිදුවෙනවා.

    දරුවන්ගේ ආහාරපාන වගේම ඔවුන්ගේ ආරක්ෂාව ගැනත් අනිවාර්යෙන්ම සිතන්න සිදුවෙනවා. නිසා යම් හෙයකින් මගහැරුනොත් දරුවාට රැඳී සිටින්නට තැනක් කියාදී, දරුවාගේ සාක්කුවකට දෙමවුපියන්ගැන විස්තර ඇතුළත් කොළයක් ඇතුළු කරන්නට කටයුතු කරන්න.

    අමතර වියදම්

    මෙවන් පොත් සල්පිලකට යන ඔබට පොත්වලට වියදම් කරන මුදලට අමතරව තවත් වියදම් කිහිපයක්ම එක්වෙන්නට ඉඩ තියෙනවා. අතරින් පතර කන්නට යෙදෙන ආහාර බොහෝමයක් පොත් සල්පිල පුරාම තිබෙනවා. අතර අතිශය ප්‍රසිද්ධ නූඩ්ල්ස් වගේම තවත් කෙටි ආහාර සහ බීම වර්ග බොහෝමයක් එහි තියෙනවා. ඒවායේ වියදමත් අනිවාර්යෙන්ම ඔබට දරන්නට සිදුවෙනවා. වගේම ඔබ බස් රථයක ගමන් කළත් ඔබ සතුව පොත් අධිකනම් ඔබට ත්‍රී රෝද රථයකට මුදල් වෙන්කරන්නට සිදුවෙනවා. ඒවගේම කෙටි ආහාර අතරේ ප්‍රධාන ආහාර වේලාවක් පැමිණීමත් සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්.

    විකල්ප

    කොළඹ ජාත්‍යන්තර පොත් සල්පිලට යනවාට වඩා පහසු විකල්ප ඔබට සොයාගන්නට හැකියි. උදාහරණයකට පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන සමයේ බොරුල්ල සහ පුංචි බොරුල්ල ප්‍රදේශයේ සුළු දුරක් ඇතුළතින් ඔබට ගොඩගේ, සුරස, සමයවර්ධන, විජේසූරිය වැනි පොත් හල් බොහෝමයක් සොයාගත හැකියි. ඒවායේදීත් ඔබට පොත් සල්පිලෙන් ලැබෙන වට්ටමම හෝ ඊටත් වැඩි වට්ටමක් ලැබෙන අතරේ වැඩි සෙනගකින් තොරව පොත් තේරීමේ හැකියාවත් ලැබෙනවා. වගේම ගොඩගේ වැනි පොත්හලකින් පැරණි දුර්ලභ පොත් රාශියක් නිවීසැනසිල්ලේ තෝරාගන්නට හැකියාවත් ලැබෙනවා. මේ සියල්ල හා සසඳා බලද්දී පෙර සඳහන් කරපු අමතර වියදමත් නොමැතිව, තෙරපීමක් නොමැතිව නිවීසැනසිල්ලේ පොත් තෝරාගන්නට අවස්ථාව ලැබෙනවා.

    ඔබ දුර පලාතක සිට පැමිණෙන්නේද?

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඔබ දුර බැහැර පෙදෙසක සිට පැමිණෙන්නෙක් නම් ඔබ අනිවාර්යෙන්ම පෙර සූදානමක් තබා ගත යුතුයි. ඔබට යම් පොතක් මගහැරුනොත් එය මිලදීගන්නට තවත් දිනක් පැමිණෙන්නට සිදුවන නිසා ඔබ අනිවාර්යයෙන්ම ඔබේ පොත් ලැයිස්තුව වඩා පිළිවෙළකට ප්‍රකාශකයා සේම අනෙකුත් මිළදී ගත හැකි පොත් අලෙවිසල්ද සඳහන් කරගෙන පැමිණීම වටිනවා. වගේම දුරක සිට පැමිණෙනවා නම් කිහිපදෙනෙකු එක්ව වාහනයක පැමිණීම වඩා සාර්ථක ක්‍රමයක්. අනුව දිගු කාලයක් පුරා සල්පිලෙහි ඇති සියළු පොත්හල් තුළට ගොඩවදින්නට ඔබට ඉඩහසර ලැබෙනවා.

    පොත් ප්‍රදර්ශනයට යන්නෙ ඔබේ දුවට හෝ පුතාට පොත් තෝරාගැනීමට නම් බලන්න මේ ලිපියත් ඔබට වැදගත් නේද කියලා.

    කියවීමට හුරුවෙන දරුවෙකුට තෑග්ගක් දෙන්න කදිම පොත් 9 ක්

     


    මෙම ලිපිය ගැන ඔබගේ අවංක අදහස් කමෙන්ට්ස් ඔස්සේ අපට කියන්න. ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    Cover Photo – lifehack.org

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    scattered clouds
    27.8 ° C
    27.8 °
    23 °
    78 %
    3kmh
    31 %
    Mon
    28 °
    Tue
    28 °
    Wed
    27 °
    Thu
    27 °
    Fri
    27 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු