More
    26.1 C
    Colombo
    Friday, September 4, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    මේ සාර්ථකත්වය ගැන ලෝකෙ වැඩියෙන්ම සතුටු වෙන්නෙ මගේ අම්මා

    Family Tech Sponsorspot_imgspot_img

    කලා ලෝකය කියන්නේ දවසින් දවස අලුත් නිර්මාණවලින් අලුත් දක්‍ෂයන්ගෙන් අලුත් වෙන තැනක්. ඉතින් සිංහල සිනමා ලෝකයට අලුතෙන්ම එක්වුණු වෙනස්ම තේමාවක් රැගත් නිර්මාණයක් තමයි “ඝරසරප” කියන්නේ. අද familylife.lk අපි “ෆැමිලි චැට්” එකෙන් කථා කරන්නේ “ඝරසරප” ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රඟදක්වන කවින්ද්‍යා අධිකාරි එක්ක.

    කවින්ද්‍යා කලාවට නම් අලුත් නෑ ඒත් සිනමාවට නම් අලුත්. හැබැයි ඉතින් ෆිල්ම් එක බලනකොට නම් අලුත් කියලා පෙන්නේ නෑ. බලමුකෝ කවින්ද්‍යා මොනවද කියන්නේ කියලා. ඊට කලින් කියන්න ඕන කවින්ද්‍යා එක්ක ගත කරපු විනාඩි කිහිපය familylife.lk අපිට හරිම සුන්දර වෙලාවක් වුණා. මොකද කවින්ද්‍යා ඒ තරම්ම සුහදශීලියි. හරිම ආදරණීයයි.

    familylife.lk
    ඝරසරප චිත්‍රපටයෙන්

    ඉතින් කවින්ද්‍යා මුලින්ම කියන්නකෝ කොහොමද “ඝරසරප” ෆිල්ම් එකට සම්බන්ධ වුණේ?

    ජයන්ත චන්ද්‍රසිරි අංකල් අම්මිට කෝල් කරලා කියලා තිබුණා අලුත් ෆිල්ම් එකක් කරනවා ඒකට මාව ඕන කියලා.

    ඉතින් ආරාධනාව ලැබුණු ගමන්ම කවින්ද්‍යා කැමති වුණාද?

    ජයන්ත අංකල් මාව තෝර ගෙනම තමයි අම්මිට කෝල් කරලා තිබුණේ.ජයන්ත වන්ද්‍රසිරි කියන්නේ ලංකාවේ සිනමාවේ දැවැන්තයෙක්. ඉතින් අම්මි පුදුම වෙලා තිබුණා මාව ඕන කිව්වම අම්මි එක පාරින්ම හා කියලා තිබුණා. අම්මි හා කිව්වට පස්සේ මට ඒ ගැන දෙපාරක් හිතන්න ඕන වුණේ නෑ කොහොමත් මම අම්මිගෙන් අහලානේ වැඩක් බාර ගන්නේ

    පළවෙනි චරිතයම ප්‍රධාන චරිතයක් වුණ එක ගැන මොකද හිතෙන්නේ?

    ඔව් මේක තමයි මගේ මුල්ම රගපෑම. ඉතින් පළවෙනිම චරිතය ප්‍රධාන චරිතයක් වුණු එක ගැන ගොඩක් සතුටුයි. ඊටත් වඩා සතුටුයි ජයන්ත අංකල්ගේ ෆිල්ම් එකක මුල්ම රගපෑම කරන්න ලැබුණු එක ගැන

    තවත් ලොකු විශේෂත්වයක් තියෙනවා නේද මේ පළවෙනි රගපෑමේ?

    ඔව් අම්මි මුලින්ම රගපෑවෙත් කමල් අද්දරආරච්චිඅංකල් එක්ක. ඒ වගේම මගේ මුල්ම ෆිල්ම් එකෙත් කමල් අංකල් ඉන්නවා. ඉතින් ඒක මට ගොඩක් විශේෂයි

    මේ චරිතය ටිකක් වෙනස් නේ ඉතින් කවින්ද්‍යා කොහොමද චරිතයට හැඩ ගැහුණේ?

    ඔව් මේකේ තියෙන්නේ ආවේශ වෙන චරිතයක්. අම්මි නම් කිව්වා මට රගපාන්න දේකුත් නෑ කියලා(සිනාසෙයි). කොහොමහරි මං ජයන්ත අංකල්ට කථා කරලා කිව්වා මම රගපාලා නෑ මං මොකද කරන්න ඕන කියලා. අංකල් කිව්වා රගපාලා නැත්නම් තවත් හොඳයි කියලා. පස්සේ ජයන්ත අංකල් ෆිල්ම් එකට වර්ක් ෂොප් එකක් කළා. ඒකෙන් මට ගොඩක් ලොකු පුහුණුවක් ලැබුණා

    කොහොමද රගපානකොට අනිත් කලාකරුවන්ගෙන් ලැබුණු සහයෝගය?

    ෆිල්ම් එකේ ඔක්කොම හිටියේ කලා ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෝ. ඉතින් මට ටිකක් බය හිතුණා. හැබැයි එයාලා මට ගොඩක් උදව් කළා. මාත් එක්ක ගොඩක් රගපෑවේ කුසුම් ආන්ටියි ශ්‍රියන්ත අංකලුයි වසන්ත අංකලුයි. එයාලා මට ගොඩක් දේවල් කියලා දුන්නා.

    familylife.lk
    ඝරසරප චිත්‍රපටයෙන්

    අම්මා මොකද කිව්වේ කවින්ද්‍යාගේ රගපෑම ගැන?

    අම්මි හරිම සංවේදීයි. මුල්ම මීඩියා ප්‍රෙස් එක දවසේ එයා ෆිල්ම් එක බලලා හොඳටම ඇඬුවා. ඉතින් මට ඒක ඇති හිතා ගන්න එයා කොච්චර සතුටු වුණාද කියලා. අනිත් එක අම්මි මාවයි මල්ලිවයි හැදුවේ තනියෙන්. ඉතින් අද අපි දෙන්නා යම් දේකින් සාර්ථක වෙනවා නම් මේ ලෝකේ අම්මි තරම් සතුටු වෙන කවුරුවත් නෑ

    කවින්ද්‍යාට ලැබුණු අමතක නොවනම ප්‍රතිචාරය මොකක්ද?

    මට හැම ප්‍රතිචාරයක්ම ගොඩක් විශේෂයි. එකක්වත් අමතක වෙන්නේ නෑ. හොඳම ප්‍රතිචාර ගොඩක්ම ලැබුණේ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන්. ඉතින් ඒවා මට කවදාවත් අමතක වෙන්නේ නෑ.

    ෆිල්ම් එකේදී සිදුවුණු අමතක නොවනම සිදුවීම මොකක්ද?

    මට ෆිල්ම් එකේ හැම සිදුවීමක්ම අමතක නොවන ඒවා තමයි. එකක් තමයි ෆිල්ම් එකේ තියෙන්නේ ආවේස වෙන කථාවක් නේ. ඉතින් ෆිල්ම් එකට කලින් වර්ක් ෂොප් එකේදී මගේ චරිතේ ප්‍රැක්ටිස් කර කර ඉන්නකොට මට කලන්තේ හැදිලා වැටුණා. ඉතින් කට්ටිය එහේ මෙහේ බයවෙලා දිව්වා. ඒක මට අමතක වෙන්නේ නෑ

    ෆිල්ම් එක බලනකොට මේ අපි දකින කවින්ද්‍යාද කියලා හිතෙන්නෙවත් නෑ.

    ගොඩක් අය එහෙම කිව්වා. මාව දැකලා තියෙන විදියට ඒ ඉන්නේ මමද කියලා හිතාගන්නවත් බෑ කියලා. මට හිතෙන්නේ මගේ අම්මියි තාත්තියි දෙන්නම රගපාලා තියෙනවානේ ඉතින් මටත් ඒ දෙන්නගේ හැකියාවෙන් ටික ටික මිශ්‍ර වෙලා ඇවිත් ඇති කියලා

    කවින්ද්‍යාගේ හැඩහුරුකම අම්මවයි තාත්තයි දෙන්නම වගේ කියලා කවුරුත් කියලා නැද්ද?

    ඔව් ඔව් ඒක හැමෝම කියනවා. ඒ ගැන නම් ඉතින් ගොඩක් සතුටුයි.

    ටෙලිඩ්‍රාමාවල රගපාන්න අදහසක් නැද්ද?

    ෆිල්ම් එකටත් කලින්ම ටෙලි ඩ්‍රාමා එකකට ආරාධනාවක් ලැබුණා. ඒත් මං ටෙලි ඩ්‍රාමාවල නම් රගපාන එකක් නෑ

    කවින්ද්‍යා මොනවද ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නේ?

    අම්මිගේ “එරන්දතී” කලායතනේ වැඩ බාර ගත්තා ළඟදි. මෙච්චරකල් අත්තම්මා තමයි බැලුවේ. දැන් එයාට චුට්ටක් සනීප නෑ. ඒ නිසා මං ඒක බාර ගත්තා. ඒ වගේම මගේ ඩිග්‍රි එකත් තව අවුරුදු දෙකකින් ඉවර වෙනවා.

    කවින්ද්‍යා පෙම් හීන කියලා සිංදුවක් කළානේ. ඊට පස්සේ සිංදුවක් එහෙම කරන්න අදහසක් නැද්ද?

    ඒක කරලා දැන් අවුරුදු තුනක් වෙනවා. අලුත් එකක් කරන්නත් අදහසක් තියෙනවා.

    කවින්ද්‍යා අම්මගේයි තාත්තාගෙයි සිංදුවලින් වැඩියෙන්ම ආස මොකකටද?

    ඒ දෙන්නා මල්ලිට කළා සිංදුවක් “සඳ සුමුදුයි” කියලා. මං ඒකට තමයි ගොඩක්ම ආස

    කවින්ද්‍යා වගේම මල්ලිත් ඉස්සරහට කලාවේදි දකින්න පු`ඵවන් වෙයිද?

    මල්ලි තාම ඉස්කෝලේ යනවා. එයා කැමති ක්‍රිකට්වලට. දැනට සනත් ජයසූරිය ක්‍රිකට් ඇකඩමි එකේ ඉගෙන ගන්නවා. එයා කලාවට නම් එන එකක් නෑ.

    අන්තිමට මොනවද කවින්ද්‍යාට අපේ familylife.lk රසිකයන්ට කියන්න තියෙන්නේ?

    මටයි අම්මිටයි තාත්තිටයි ආදරේ කරන හැමෝටම කියනවා හැමදාම ඒ ආදරේ ඒ විදියටම දෙන්න කියලා. ඒ වගේම මගේ අලුත් ෆිල්ම් එක බලලා Comment එකක් දෙන්න කියලා

     


    මෙම ලිපිය ගැන ඔබගේ අවංක අදහස් කමෙන්ට්ස් ඔස්සේ අපට කියන්න. ඔබ වැනිම රසිකත්වය ප්‍රිය කරන තවත් කෙනෙකුගේ රසවින්දනය සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    moderate rain
    26.1 ° C
    26.1 °
    26 °
    94 %
    4.7kmh
    42 %
    Thu
    28 °
    Fri
    31 °
    Sat
    32 °
    Sun
    28 °
    Mon
    29 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු