fbpx
More
    28.4 C
    Colombo
    Monday, October 7, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    හිත හොඳ අය වයසට යන්නේ නෑ…

    Family Tech Sponsorspot_imgspot_img

    ඒ හිනාව හරිම ලස්සනයි. ඒ ලස්සන හිනාවත් එක්ක කියන සිංදුවල තියෙන්නෙත් හරි පුදුම රහක්. ඒ වෙන කවුරුවත් නෙමෙයි. ඒ තමයි හැමදාම මියුසික් ෆීල්ඞ් එකට අලුත් දෙයක් අරන් එන රන්ධීර් විතාන. මේ සැරේ familylife.lk අපි family chat එකෙන් කථා කළේ රන්ධීර්ට. රන්ධීර් එක්ක කථා කරනකොට වෙලාව යනවා දැණුනේවත් නෑ. ඒ තරම්ම මේ කථා බහ හරිම රසවත් වුණා. රන්ධීර් මොනවද අපිත් එක්ක කථා කළේ කියලා කියවලම බලන්නකෝ.

    රන්ධීර් මොකක්ද මේ නෞකා කියන්නේ ?

    නෞකා කියන්නේ මගේ අලුත්ම ගීතය. ඇත්තටම මේක මම 2008 රිලීස් කරපු නාමල් මිටක් ඇල්බම් එකේ තිබුණු ගීතයක්. මේ සැරේ අලුත් වෙනස්කම් ටිකක් එකතු කරලා රිලීස් කළා.

    මොනවද ඒ අලුත් වෙනස්කම් කියලත් කියමු නේද?

    HIP HOP STYLE එක මික්ස් කරලා තියෙනවා. ඒ වගේම මේ වැඩේට Drill Team එකේ රවි ජේ සම්බන්ධ වුණා. ඉතින් මේ ගීතයේ මියුසික් ඉඳලා හැමදෙයක්ම ප්‍රේක්‍ෂකයන්ට ලොකු වෙනසක් වුණා කියලා ලැබෙන ප්‍රතිචාරවලින් පේනවා.

    ලැබුණු ප්‍රතිචාරවලින් රන්ධීර් තවත් දෙයක් දැන ගත්තා නේද?

    ඔව්. මං මුලින්ම ක්‍ෂේත්‍රයට එන්නේ HIP HOP ගායකයෙක් විදියට. ඉතින් මේ ගීතයේ තියෙන මගේ HIP HOP පාට් එකට ෆෑන්ස්ලා දක්වපු ප්‍රතිචාරවලින් මට දැණුනා එදා දැකපු රන්ධීර්ට තාමත් කට්ටිය ආදරෙයි, එයාව අමතක නෑ කියලා.

    මේ ගීතයෙන් කියවෙන්නේ මොන වගේ දෙයක්ද?

    මේකේ කියන්නේ හිතුවක්කාර ගෑණු ළමයෙක් කෙනෙක්ගේ ජීවිතයට ඇතුල් වෙලා ජීවිතය කළඹලා ආයෙත් හැරිලාවත් බලන්නේ නැතුව යන කථාවක්. මේ ගීතය ලිව්වේ උපුල් ශාන්ත සන්නස්ගල. ඒ වචන ඇතුලේ තියෙන කථාව ගීතය අහලම බලන්නකෝ…

    මියුසික් වීඩියෝ එකත් ටිකක් වෙනස් නේද?

    ඔව් මියුසික් වීඩියෝ එක කළේ චමිල් පතිරණ (තාලරූප). අපි මේක කළේ කලාත්මක විදියට. ගීතයේ කියවෙන ඒ හිතුවක්කාර ගෑණු ළමයාගේ සිතුවිලි එයාගේ කළබලකාරී වැඩ විෂුවල් එකෙන් එළියට අර ගන්න තමයි මෙහෙම කළේ. ඒක සාර්ථකයි කියලා මං හිතනවා.

    සුදු කිරිල්ලියේ ගීතයත් අමතක කරන්න බෑ නේ ඒ ගැනත් කියමු නේද?

    ඇත්තටම ඒකටත් ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුණා. ඒකත් ටිකක් වෙනස් විදියේ ගීතයක් නේ.

    ලොකුම වෙනස තිබුණේ රන්ධීර්ගේ Costume එකේ… එහෙම නේද?

    (සිනාවෙමින්) ඔව් නේද? ඇත්තටම මං ඒකේ ඇන්දේ සරම. ඒ කාලේ මං දිගටම ඇන්දේ ඒකනේ. මං හරිම ආසයි ඒ ඇඳුමට. හරිම සරල ඇඳුමක් නවීන කාලෙට ගැළපෙන විදියට හදලා තියෙනවා. ඒ බ්‍රෑන්ඞ් එක තමයි LOVI කොහොමත් මං ආසයි ෆැෂන් පැත්තෙන් අලුත් අලුත් දේවල් අත්හදා බලන්න.

    රන්ධීර් දැනට සිංදු කීයක් විතර කරලා තියෙනවද?

    ඇල්බම් දෙකක් කළා. හැමෝම කථා කරන හිට්ම වුණු ගීත 05 ක් විතර තියෙනවා

    ඒ අතරින් ප්‍රසිද්ධම සිංදුව මොකක් කියලද හිතන්නේ?

    නාමල් මිටක් සහ මල් මදහාසේ

    රන්ධීර් වැඩියෙන්ම perform කරන්න කැමති සිංදුවක් තියෙනවද?

    එහෙම එකක් නෑ. මගේ ඔක්කොම සිංදුවලට මං ආසයි.

    රසිකයන් නිසා වුණු අමතක නොවන සිදුවීමක් නැද්ද?

    දවසක් නිව්යෝක්වල තිබුණු ෂෝ එකකදි ආපු ප්‍රේක්‍ෂකයෙක් මම ඇඳගෙන හිටපු ටී ෂර්ට් එක ඉල්ලගෙන ගියා. ඒක මට තාම මතකයි. මොකද ඒ මට තියෙන ආදරේ නේ.

    රන්ධීර් වැඩියෙන්ම කැමති මොන රටේ තියෙන සංදර්ශන වලට යන්නද?

    මට ලංකාවේ වගේම නවසීලන්තයෙත් පුරවැසිභාවය තියෙනවා. ඉතින් එහේ ෂෝ එකක් කියන්නේ ගෙදර යනවා වගේනේ. මං එහේ යන්න කැමතියි. තව ඉතාලියේ යන්නත් කැමතියි. ඒ රටේ සංස්කෘතියට ඉතිහාසයට මං කැමතියි.

    රන්ධීර් හැමදාම එකම විදියට මෙච්චර ලස්සනට ඉන්නේ කොහොමද?

    හිත හොඳ අය වයසට යන්නේ නෑ කියලා කියනවනේ. (රන්ධීර් එක්ක කථා කරපු විනාඩි කිහිපයේදී ඒක නම් ඇත්තමයි කියලා අපිටත් හිතුණා)

    රන්ධීර්ට ඇඞ්වර්ටයිසින් ඒජන්සි එකකුත් තියෙනවා නේද?

    ඔවු මගේ මියුසික් වැඩ ගොඩක්ම තියෙන්නේ සති අන්තේ දවස්වල. ඉතින් සතියේ දවස්වලදි ඇඞ්වර්ටයිසින් ඒජන්සි එකේ වැඩ ටික කරගෙන යනවා.

    රන්ධීර්ට රඟපාන්න එහෙම ආරාධනා ලැබිලා නැද්ද?

    ආරාධනා නම් ලැබිලා තියෙනවා. මම භාර අරගෙන නෑ. මොකද මං ඒක කරනවා නම් ඒ ගැන හොඳට අධ්‍යනය කරලා තමයි කරන්න ඕන. එහෙම නැත්නම් අපේ ප්‍රවීණයෝ මේ තාක් උස් තැනකට ගෙනත් තියෙන රංගන ක්‍ෂේත්‍රයට මං කරන්නේ අසාධාරණයක්.

    හැබැයි රන්ධීර්ට ඒ ගැන දැනුම නෑ කියන්නත් බෑ නේද?

    මගේ ඩිග්‍රි එක කළේ ජන සන්නිවේදනය. එතනදි මං හැදෑරීමක් කරලා තියෙනවා. ඒත් මං හිතන්නේ මං ගොඩක් දක්‍ෂ නිෂ්පාදන අංශයට. ඒ නිසාමයි මං ඇඞ්වර්ටයිසින් ඒජන්සි එකත් පටන් ගත්තේ.

    රන්ධීර්ට මුහුදත් එක්ක තියෙන්නේ හරි අපූරු බැඳීමක්ලු නේද?

    (සිනාවෙමින්) මෙහෙමයි මං හරි ආසයි බීච් සයිඞ් එකට. ඉතින් නිවාඩුවක් ලැබුණු ගමන් යන්නේ ඒ වගේ පැතිවලට තමයි.

    ඔන්න දැන් රන්ධීර්ට කැමති දෙයක් කියන්න පුළුවන් අපේ familylife.lk කට්ටියට…

    මේ ලෝකේ ආර්ටිස්ට් කෙනෙක් බිහිවෙනවා නම් ඒ ප්‍රේක්‍ෂකයෝ නිසා. ඉතින් මාත් එක්ක අවුරුදු 10 ක් හිටපු ඔයාලා නිසා තමයි අද මං මෙහෙම ඉන්නේ. ඉතින් හැමෝමට ගොඩක් ස්තූතියි. හැමදාම මාත් එක්ක ඉන්න. ඒ වගේම මගේ යූ ටියුබ් චැනල් එකත් Subscribe කරන්න. එතකොට මගේ අලුත් සිංදු මුලින්ම ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම මගේ අලුත් ගීතය නෞකා අහලා බලලා ඔයාලට හිතෙන දේ කියන්න.

    අනෙකුක් family chat ලිපි…


    මෙම ලිපිය ගැන ඔබගේ අවංක අදහස් කමෙන්ට්ස් ඔස්සේ අපට කියන්න. ඔබ වැනිම රසිකත්වය ප්‍රිය කරන තවත් කෙනෙකුගේ රසවින්දනය සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    light rain
    28.4 ° C
    28.4 °
    28.4 °
    75 %
    5.4kmh
    99 %
    Mon
    28 °
    Tue
    27 °
    Wed
    28 °
    Thu
    27 °
    Fri
    26 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු