Midlife crisis ගැන චැට් එකක් දාමු කියල තමයි ගිය සතියෙ අපි නැවතුනේ. මේ ඒ පොරොන්දුව.
online සරන්නිය… මේ ඇගේ අවකාශයයි – ” මා වැස්සේ ඇවිද යාමට කැමතී. මන්ද එවිට කිසිවෙකුටත් මා හඩනා බව නොපෙනෙයි”
මගේ යාලුවෙක් FB එකේ status එකක් දාල තිබුන “තමන්ගෙ පෙනුම විවිද ස්වරෑපයෙන් දකින්න ලැබෙන එක මේ කාලෙ මිනිස්සුන්ට තියෙන සතුටක් කියලා..” උදේ ඉදන් රෑ වෙනකන් FB wall එකේ ඉහල පහල යනකොට දකින selfie කන්දරාව දැක්කම මට හිතුනා යාලුවා කියපු කතාව ඇත්ත නේද කියලා. හැබැයි ඉතින් ඔය අවුැදු 18, 20 පොඩි කෙල්ලො කොල්ලො නම් ඉතින් තමන්ගෙ හුරැ බුහුටි ඉරියව් අනිත් අයගෙ ආකර්ෂණය තකා wall එකේ publish කරනවා.
ඒත් ඉතින් මේ 40ත් පැනපු අපේ පරම්පරාවෙ ඈයොත් ඒ පැත්තෙන් මේ පැත්තෙන් බල බල selfie දාන එකේ තේරැම මොකක්ද කියලා මාත් කල්පනා කළා. කිව්වට මොකද ඉතින් මාත් share නොකරට දවසට selfie දෙක තුනක් අරගෙන face makeup එකක් එහෙම දාලා මුනෙ තියෙන ආවාට ටිකයි, මෝදු වේගෙන එන රැලි ටිකයි මැකිල යන හැටි බලලා පොඩි ස්වයං වින්දනයක් ලබනවා. ඒකට ඉතින් මොකද නේද?
දවසක් මට යාලුවෙක් තමයි ඔය midlife crisis එක ගැන කීවෙ. පස්සෙ google කරලා බැලුව අපි දන්න කියන අයටත් ඕක තියෙනවද දන්නෙ නෑනෙ.
Midlife අර්බුධය කියන්නෙ ගෑණු පිරිමි දෙගොල්ලන්ටම මූන දෙන්න වෙන තත්ත්වයක් කියලා තමයි කියන්නෙ. හැබැයි ගොඩක් අය midlife crisis කියන සංකල්පය පිළිගන්න කැමති නැතිලු. නමුත් අවුරැදු 40 පස්සෙ බොහෝ දෙනෙක් ඊට සමාන දෙයක් හෝ අත්විදිනවා කියලා තමයි අධ්‍යයන වල සඳහන් වෙන්නෙ.
මැදි වයසට ආවාම ගොඩක් දෙනා තරැණ කාලෙ හිතේ තිබුන targets වගේ දේවල් වර්තමාන තමන්ගෙ තත්ත්වයත් එක්ක ඇගයීමට ලක්කරනවාලු. අන්න එතකොට ගොඩක් අය අර්බුධයට යන්න තියෙන ඉඩකඩ වැඩිලු. පිරිමි මේ midlife crisis තත්ත්වයට මුනදෙනකොට තමන්ගෙ ජයග්‍රහණයන් පිළිබඳව, පන්ඩිත බව විදහාපෑම, මුහුකුරා ගිය බව පෙන්වීම වගේ දෙවල් මෙන්ම status පිළිබඳව කෙලින්ම අවධානය යොමු කරනවා කියලයි තියෙන්නෙ.
වෙලාවකට හිතෙනවා මේ අධ්‍යයන ඇත්තනම් FB එක මේ crisis තත්ත්වයන් සමනය කරන්න දිව ඔසුවක් නේද කියලා. status එකයි පම්පෝරි ටිකයි පෙන්න ගන්න මේවගේ තැනක් කොහිද ලෝකෙ. හැබැයි ඉතින් කාපු බීපු තැනයි, කාපුවයි post ekak දාගත්තෙ නැත්තන් කාපු ටික දිරවන්නෙත් නැති තරන් සමහරැන්ට. ඒකෙ වරදකුත් නෑ අප්පා සල්ලි වියදන් කරලා අමාරැවෙන් ගත්ත photos ටික නිකන් තියෙන wall එකේ දැම්මම මොකද වෙන්නෙ.
ඒවගේ පම්පෝරි පෙන්නන්නෙ නැතුව මතවාදයක් මිනිස්සු අතරට ගෙනියන්න හදන Face Book ලියන්නොත් කොච්චර ඉන්නවද?. ඒ හැම කෙනාටම Midlife crisis හැදිලද නෑනෙ. කොහොම උනත් පිරිම කට්ටිය මේ තත්ත්වයට මූන දුන්නාම තමන්ගෙ ජයග්‍රහණයන්, Status ගැන කෙලින්ම අවධානය යොමු කරන අතරෙ ඒවා අනිත් අයට පෙන්වන්න උත්සාහ කරනවලු. ගැහැණු වැඩිපුරම අර්බුධයට යන්නෙ පෙනුම, ලිංගික ආකර්ෂනය ආදිය පදනම් කරගෙන කියලා තමයි කියන්නෙ.
මේ තත්ත්වයන් සායනිකව ප්‍රතිකාර ගන්න තත්ත්වයට ම යන බව තමයි බටහිර රටවල පර්යේෂන වල තියෙන්නෙ. හැබැයි තමන්ගෙ අරමුණු වෙනුවෙන් කැපවී කටයුතු කරන අයට දැනටමත්, ඉතා අඩු වයසින් සාර්ථකත්වයට පත් වුනු අයට මෙම අර්බුධයට මූන දීම අඩුයිලු. වයසට යාම ඔවුන්ට පහසුයි.
තවත් පිරිසක් ඉන්නවා හදිස්සියේම තමන් වයසට යනවා කියලා වටහාගෙන කාලය ගෙවී ගියත් තාම බොහෝ දේවල් කරගෙන නෑ කියන පසු තැවීමත් එක්ක midlife crisis තත්ත්වයට මුනදෙනව.
ඔන්න රෝග ලක්ෂණ ටිකකුත් හොයා ගත්තා. තමන් ලග ඉන්න අයටත් තියෙනවද බලන්න මේ ලක්ෂණ.
- හිටපු ගමන් තමන් පාවිච්චි කරපු car එක විකුණලා අලුත් sport car එකක් ගන්න හිතන එක..
- සමහර අය එක පාරටමඇදුම් විලාසිතා වෙනස්කරලා makeup එක වෙනස්කරලා අමුතුම පෙනුමක් ගන්න හදනවා
- සාධාරණ හේතු නැතුව අධික කෝපයට පත් වෙනවා
- පරණ මිතුරන් disconnect කරලා අලුත් තරැණ මිතුරන් සොයා ගැනීම
- අනාගතය ගැන විකල්පයක් නෑ කියලා සිතීම
- මරණය හා මිය යාම ගැන සිතිවිලි වැඩි වෙනවා
- රැකියාව වෙනස් කරන්න, divorce වෙන්න හිතනවා
- නිදි පුරැදු වෙනස් නෙවා. නින්ද යන්නෙ නෑ..
ඔය වගේ තව ගොඩක් මානසික තත්ත්වයන් ගැන කියලා තියනව. දැන් ඉතින් මේක කියවල අනුන්ගෙ wall වලට ගිහින් මූට නම් midlife crisis තමයි කියලා නිගමන වලට එන්න එපා. අඩු වැඩි විදිහට ඔන කෙනෙක්ට මේ වගේ ලක්ෂණ තියෙන්න පුලුවන්.
හැබැයි මේ ගැනත් විවිධ අදහස් තියෙනව. “වයසින් මුහුකුරා යනකොට සිත ඉතා සංවේදී වීමත් සමහරැ තියුණු කාර්කික චින්තනයට යොමු වීමත් නිසා ගැඔුරැ සිතිවිලි වල යෙදෙන අය, දෙයක් දිහා විවිධ පැතිකඩ වලින් බලන එක මේ වගේ crisis තත්ත්වයක් නෙවෙයි” කියන එක .
අනික මටනම් හිතෙන්නෙ අපේ කාලේ මිනිස්සුන්ගෙ ආර්ථික ප්‍රශ්න, ළමයින්ගෙ ප්‍රශ්න, love ප්‍රශ්න, පවුල් ප්‍රශ්න දිහා බැලුවම ජීවිතේ midlife එකට එනකන් ඉන්න ඔනි නෑ. කොයි මොහොතෙත් ජිවිතේ අර්බුදයට යන්න පුලුවන්.
හැබැයි ඉතින් ඔය midlife crisis එකට ආවම විරැද්ධ ලිංගික ආකර්ෂනය පොඩ්ඩක් මදි කියලා හිතුනාම කට උල් කරලා face makeup එකක් දාලා selfie එකක් දෙකක් දැම්මා කියලා සායනික ප්‍රතිකාර නම් ඕනි නෑ. එතනින් crisis එකෙන් ගොඩ ආවට වෙන වෙන crisis පටන් ගන්න පුලුවන්.
හැබැයි ඉතින් ඔය අධ්‍යයන වල කියලා තියෙන්නෙ midlife crisis එක නරක දේකුත් නෙමෙයිලු .ඒක ධනාත්මකව වැලද ගන්න මිනිස්සුත් ලෝකෙ ඉන්නවලු.
අර්බුදය ගැන වැටහීමක් තියෙන කොට තමන්ගෙ ආදරණීයන් එක්ක කතා කරන්න පුලුවන්. එතකදි අලුත්ම targets හදාගන්න පුලුවන්. ඉදිරි වසර 05ට හෝ 10 සැලසුම් හදාගෙන ඒ වෙනුවෙන් වැඩකරන්න පුලුවන්. Comfortable zone එකෙන් එලියට එන්න පුලුවන් වෙනවා. තමන්ගෙ සෞඛ්‍යය ගැන නැවත හිතන්න පුලුවන්. සමහරු ස්වේච්ඡාවෙන්ම සමාජ සේවයට යොමු වෙන්න පුලුවන්. කොහොම උනත් මෙලෝ සිහියකින් තොරව ගත කරන ජීවිතේට වඩා තමන් ගත කරන ජිවිතේ අවබෝධයෙන් ගතකරනවා නම් මේ ගොඩක් crisis වලින් ගොඩ එන්න පුලුවන්. කොහොම උනත් අතේ සතේ නැති වෙන කොටනම් ඔය කොයි crisis එකටත් මූන දෙන්න වෙනවා.
යාලුවෙක් share කරලා තිබුනා දාහක් ප්‍රශ්න තියෙද්දිත් කිසි ප්‍රශ්නයක් නෑ වගේ හිනා වෙලා ඉන්න පුදුම ශක්තියක් තියෙන්න ඔනි කියලා. ඇත්ත තමයි තමන්ගෙ crisis ටික ලෝකෙට පෙන්නන්නෙ නැතුව උදේ ඉදන් රෑවෙනකන් හිනා වෙලා ඉන්න එකත් ලේසි නෑ තමයි. මේකත් post එකක දැක්ක එකක් තමයි. ලෝක ඉතිහාසයේ වඩාත් දුක්බර වැකිය ලියලා තියෙන්නෙත් ලෝකය උපරිමයෙන් සතුටෙන් තියන්න උත්සාහ කල මිනිසාමයි.
“මා වැස්සේ ඇවිද යාමට කැමතී. මන්ද එවිට කිසිවෙකුටත් මා හඩනා බව නොපෙනෙයි.
– චාලි චැප්ලින්.”
හ්ම්ම් ….
දැනෙනව නම් ශෙයා කරන්න