More
    31.1 C
    Colombo
    Sunday, September 6, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    ගර්භණී සමය

    ගර්භණී සමය යනු කාන්තාවකගේ ජීවිතයේ ඉතාමත් සුවිශේෂී කාල පරාසයක්. මවුසිහිනය වෙනුවෙන් බලාපොරොත්තු දල්වා ගෙන සතුටෙන්, කැපවීමෙන් මෙන්ම යම් කාරනා පිළිබඳ චකිතයෙන් ගෙවෙන මේ සමයේ වෛද්‍ය විද්‍යාව ජීවිතයට ඉතාමත් තදින් බලපාන කාරනයක් බවට පත්වෙනවා.

    ගර්භණී තත්ත්වයට පත් වූ ඕනෑම කාන්තාවක් සුදුසුකම් ලත් ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය වරයෙකු වෙත යොමු වන්නේ නිසි පරිදි සිය ගර්භණී සමය කළමනාකරණය කරගනිමින් නිරෝගි දරු උපතක් සිදුකර ගැනීමට සිතේ ඇති බලාපොරොත්තුව ඉටු කරගැනීම වෙනුවෙන්.

    familylife.lk මවු සිහිනය නමින් මෙහි පළවන දැනුම් සම්භාරය අප ඔබට ගෙන එනු ලබන්නේ ඔබගේ ගර්භණී සමයේ තව දුරටත් දැනුම සපයමින් ඔබට සිතේ ඇතිවන පුංචි චකිතයක් හෝ මගහැරීමේ අරමුණින්. ඒ වෙනුවෙන් දිවයිනේ සිටින අත්දැකීමෙන් පොහොසත්, දැනුමින් සන්නද්ධ ප්‍රසව හා නාරී විශේෂඥ වෛදවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ලියවෙන දැනුමින් සාරවත් ලිපි මෙන්ම මෙම කාලය තුල වැදගත් එදිනෙදා ජීවන රටාව පිළිබඳ ලිපි හා වීඩියෝ දර්ශන ඔබ වෙත රැගෙන එනවා.

    මේ සියළු දැනුම් හා අත්දැකීම් සම්භාරයත් සමගින් ඔබගේ ගර්භණී සමය අවසානයේ නිරෝගිමත්, වාසනාවන්ත, ආදරණීය දරු පැටියෙක් මෙලොව එලිය දකිනවා වගේම මවගේ නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව පවත්වා ගැනීමට අත්වැලක් සැපයීමද අප මෙමගින් උදක්ම බලාපොරොත්තු වන පරමාර්ථයක්.

    Colombo
    overcast clouds
    31.1 ° C
    31.1 °
    31 °
    71 %
    4.9kmh
    100 %
    Sun
    31 °
    Mon
    32 °
    Tue
    29 °
    Wed
    29 °
    Thu
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු