More
    30 C
    Colombo
    Monday, October 19, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    විවිධ රසයන්ගෙන් යුතු පරිවර්තන කෘති 7ක් විඳගන්න…

    Family Tech Sponsorspot_imgspot_img

    පොත් ගැන කතා කරන්න සාහිත්‍ය මාසෙම වෙන්න ඕනි නැති නිසා familylife.lk අපි family read මේ ලිපියෙන් පරිවර්තන පොත් කීපයක් ගැන කතා කරන්න හිතුවා. පොත් කියවන්නට රිසි ප්‍රජාවෙන් මේ වෙද්දි වැඩි දෙනෙක් පරිවර්තන පොත් වලටම ඇළුම් කරන්න පුරුදු වෙලා. අපේ රටේ රචකයො අතින් නිර්මාණය වුනු අගනා කෘතීන් ගැනත් අපි අනාගතයෙදි කියන්නම්. ඒ අයත් ඇතුළුව පොත් වලට පෙම් බදින කොයි කාටත් මේ ලිපිය ප්‍රයෝජණවත් වෙයි කියලා අපි හිතනවා.

    www.familylife.lk

    1. දුම්රියේ යුවතිය

    පෝලා හෝකින්ස් විසින් 2015 දි ලියැවුණු “The girl on the train” කියන පොත  කෝශලී සිරිචන්ද්‍ර අතින් “දුම්රියේ යුවතිය” නමින් පරිවර්තනයට ලක්වෙනවා. මෙහි මුල් කෘතිය වසරක් ඇතුළත ලොව පුරා පිටපත් මිලියන 15ක්  විකිණීමෙන් සහ භාෂා 40 ට අධික ප්‍රමාණයට පරිවර්තනය වීමෙන් පැහැදිලි වෙනවා මෙයට කොයි තරම් පාඨක පිරිසකගේ ආදරය හිමිවෙලා තියෙනවද කියන එක ගැන. ඒ වගේම මේ පොත ඇසුරින් 2016 දි “The girl on the train” කියලා චිත්‍රපටයකුත් නිපදවෙනවා. රේචල්, ඇනා සහ මේගන් කියන කාන්තාවන් තුන්දෙනෙක් වරින් වර තමන්ගේ කතාව කියන ආකාරයට තමයි කතාව ලියවෙන්නේ.

    මෙහි ප්‍රධන චරිතය වෙන්නේ රේචල් කියන තරුණ කාන්තාව. ඇයගේ කලින් සැමියා වන ටොම් විවාහ වී සිටින්නේ ඇනා සමගින්. ඇනාගේ සහ ටොම්ගේ නිවසට ආසන්න නිවසක මේගන් සහ ඇගේ සැමියා වෙන ස්කොට් පදිංචි වෙලා ඉන්නවා. දිනපතා උදේ හවස මෙතනින් ගමන් කරන රේචල් දුම්රිය සංඥාවක් ලග දුම්රිය නතරවෙනකොට මේ ගෙවල් පේළිය දකිනවා. මේ අයගේ ජීවිත යම් සිදුවීම් මාලාවක් නිසා එකට සම්බන්ධ වෙන ආකාරය තමයි මේ පොතෙන් කියවෙන්නේ. පරිච්ඡේදයක් පාසාම කුතුහලය වැඩිවෙන ආකාරයට ලියැවුණු මේ පොත ත්‍රාසජනක පරිවර්තන කියවන්න කැමති අයට වඩාත් ගැළපේවි.

    www.familylife.lk

    2. Twilight පරිවර්තන පොත් පෙළ

    ෆැන්ටසි ගණයේ පරිවර්තනවලට ප්‍රිය කරන අය වෙනුවෙන්ම ලියැවුණු පොත් පෙළක් විදියට ට්විලයිට් පොත් මාලාව හදුන්වන්න පුළුවන්. ස්ටෙෆනි මේයර් විසින් රචනා කෙරුණු “Twilight, New moon, Eclipse, Breaking dawn part 1 සහ Breaking dawn part 2″ කියන පොත් චින්තා සුභාෂිණි රණසිංහ විසින් “ගොම්මන් කළුවර, අමාවක, මිලින හිරු, හිමිදිරි උදාව 1 සහ හිමිදිරි උදාව 2″ යන නම්වලින් පරිවර්තනය වෙලා තියෙනවා. ප්‍රේමණීය වැම්පයරයා එඩ්වර්ඩ්ටත් වෘක සම්භවයක් ඇති මිතුරා ජේකබ්ටත් මැදි වන ඉසබෙලා ස්වෝන්ගේ ඉරණම විසදෙන ආකාරය මේ පොත් පෙළින් කියවෙනවා. ආදරය, භීතිය, කුතුහලය, අද්භූතබව කියන හැමදේම කැටිවුණු හීන ලෝකයක් විදියට මේ කතා මාලාව හදුන්වන්න පුළුවන්.

    3. සාරාගේ ගෙත්තම

    අද්භූත නමුත් සිදු නොවිය නොහැකි ආකාරයේ කෘති රචනා කරන වික්ටෝරියා හෝල්ට්ගේ “Kirkland Revels (1963) ” නමැති කෘතිය ඉ.ක. ජිනදාස විසින් “සාරාගේ ගෙත්තම” නමින් පරිවර්තනය කෙරෙනවා. කර්ක්ලන්ඩ් දේවස්ථානයේ  නටඹුන් අතර ඉදිකෙරුණු  රොක්වෙල් පරපුරේ මන්දිරය වෙන රෙවෙල්ස් නිවසේ හිමිකාරයා වන්නට සිටින ගේබ්‍රියල්, කැතරින් සමගින් විවාහ වී නිවසට පැමිණ සතියකට පසු සිය දිවි නසාගන්නවා. ඒ වන විටත් ගර්භණීව සිටින කැතරින් සහ ඥාති තරුණයෙක් වන සයිමන් මෙය දිවි නසා ගැනීමක් ද, මිනීමැරුමක් ද යන්න සොයා බලනවා. කැතරින්ගේ දරු ගැබට පවා අවදානමක් වන මේ සොයා යෑම අවසානයේ ඔවුන් මේ කුමන්ත්‍රණයේ සුළ මුල සොයා ගන්නවා. ප්‍රේමය, ධෛර්‍යය, භීතිය වගේම කුතුහලයෙන් පිරුණු මේ පොත සාර්ථක පරිවර්තනයක් විදියට හදුන්වන්න පුළුවන්.

    www.familylife.lk

    4. හිමි අහිමි

    ඩැනියෙල් ස්ටීල්ගේ “Kaleidoscope” කියන පොත “හිමි අහිමි” නමින් පරිවර්තනය කරන්නේ කෝශලී සිරිචන්ද්‍ර විසින්. පසුකාලීනව දක්ෂ නළුවෙකු බවට පත්වෙන සෑම් වෝකර් කියන ඇමෙරිකානු යුධ භටයා, සොලෝන්ජ් බැර්ත්‍රොන් කියන රූමත් ප්‍රංශ ජාතික කාන්තාව සමගින් දෙවන ලෝක යුද සමයේදී ප්‍රේමයෙන් බැදෙනවා. සුරංගනා කතාවක් වගේ වෙන ඔවුන්ගේ පෙම් කතාව අවසානයේ ශෝකාන්තයක් වන අතරේ මව්පියන් අහිමි වන ඔවුන්ගේ දියණියන් තිදෙනා එකිනෙකාගෙන් වෙන්කොට පවුල් තුනක් විසින් හදා වඩා ගැනෙනවා. මව්පියන්ගේ හිතවතෙකුගේ මාර්ගයෙන් වසර 30 ට පසු නැවත එක් වන මේ සොයුරියන් තිදෙනා පිළිබ​ඳ ඉතාමත් අනුවේදනීය කතා පුවත මෙහි අඩංගු වෙනවා.

    www.familylife.lk

    5. මළවුන්ගෙන් නැගිට ආ පළිගන්නා

    1886 දි මාරි කොරෙලි විසින් රචනා කෙරුණු “Vendetta” නම් කෘතිය අජිත් ප්‍රියශාන්ත රත්නායක වීසින් “මළවුන්ගෙන් නැගිට ආ පළිගන්නා” නමින් පරිවර්තනය කෙරෙනවා. 1959 දි ඩී.සී රණසිංහ මහතා අතින් ද, පසුකාලීනව ඩේවිඩ් කරුණාරත්න මහතා අතින්​ද මෙය “දෙයියෝ සාක්කි“  නමින් සංක්ෂිප්තව පරිවර්තනය කෙරෙනවා.

    නීනා නමැති තරුණියව විවාහ කරගන්නා ෆැබියෝ රොමානි නමැති තරුණ සිටුවරයා ඇය සමග ප්‍රීතියෙන් දිවි ගෙවන අතරේ 1884 දි නේපල්ස් වෙ​ත කොළරා වසංගතය පැමිණෙනවා. එක් දිනක මිය ගියා යැයි වරදවා වටහාගැනීමක් හේතුවෙන් රොමානි සිටුවරයා ද මිහිදන් කෙරෙනවා. නැවත සිහිය ලබා සොහොන් ගෙයින් මිදී එන සිටුවරයාගේ සිත කම්පාවට පත් වෙන්නේ නීනා ඔහුගේ හොදම මිතුරා සමගින් පෙමින් වෙලී සිටින ආකාරය දැකීමෙන්. තමන් පත්ව සිටි මුළාව වටහාගන්නා ඔහු පසුව ඒ දෙදෙනාගෙන් පළිගන්නා ආකාරය පිළිබද කතාව මේ පොතෙන් කියවෙනවා. විශේෂතම කරුණ වෙන්නේ විසින්ම තවත් කාන්තාවක් තුළ පවතින චපලකම හා වංචනික බවත්, ආලයත් වෛරයත් අතර ඇත්තේ කෙස් ගසක වෙනසක් පමණක්ය යන්නත් හුවා දක්වමින් රචනා මෙය කර තිබීමයි.

    www.familylife.lk

    6. ප්‍රේම සැදෑවෝ

    ඊ.එල් ජේම්ස්ගේ “Fifty shades of Gray” කියන ආන්දෝළනාතමක කෘති පෙළ රංජිත් කුරුප්පු විසින් “ප්‍රේම සැදෑවෝ” නමින් පරිවර්තනය කෙරෙනවා. මේ පොත් මාලාවේ පොත් 5ක් මේ වන විට නිකුත් වෙලා තියෙනවා. භාෂා 12කට පරිවර්තනය වෙමින් පිටපත් දස ලක්ෂ ගණනින් අලෙවි වුණු මේ පොත් පෙළ ඇසුරෙන් චිත්‍රපට මාලාවකුත් නිපදවුනා.

    පරපීඩ​ක කාමුකත්වයෙන් පෙළෙන ක්‍රිස්ටියන් ග්‍රේ නම් කෝටිපති තරුණ ව්‍යාපාරිකයා, ඇනස්ටාසියා ස්ටීල් නමැති තරුණිය සමග සම්බන්ධතාවයක් ඇති කරගැනීමත්, ප්‍රේමයෙන් වෙළීමත්, විවාහ වීමත් සමග ඔහු මේ තත්ත්වයෙන් ක්‍රමක්‍රමයෙන් මිදෙන ආකාරය පිළිබ​ඳව මේ පොතෙන් කියවෙනවා. අතිශය සෘංගාරාත්මක සිදුවීම් ඇතුළත් නිසා වැඩිහිටියන්ට වඩාත් සුදුසු බව පොතේ පළමුවෙන්​ම සදහන් කරලා තියෙනවා.

    www.familylife.lk

    7. සම්භවය

    ඩෑන් බ්‍රවුන් විසින් රචිත “Origin” නමැති කෘතිය කුමාර සිරිවර්ධන විසින් “සම්භවය” නමින් පරිවර්තනය කෙරෙනවා. ඩෑන් බ්‍රවුන්ගේ “The da vinci code”, “ඩාවින්චි කේතය” නමිනුත් “Inferno”, “නිරය” නමිනුත් පරිවර්තනය වන්නේ මේ පරිවර්තකයා අතින්මය. Angels and demons කෘතියේ ප්‍රධාන චරිතය වන මහාචාර්‍ය රොබර්ට් ලැන්ඩන් මේ සියළුම පොත්වල ප්‍රධාන චරිතය වනවා.

    මොහුගේ කෘති හරහා විවිධ ක්ෂේත්‍රයන්ට අදාළව කරුණු ලියැවෙන සහ දැනුම ලබාදෙන අතරම කෘතිය පුරාවටම කුතුහලය එක ලෙසම රඳවා තබා ගන්නත් නොසිතු විරූ අවසානයක් ලබා දෙන්නත් සමත්වෙනවා.සම්භවය පොතෙන් කියවෙන්නේ එඩ්මන්ඩ් කියර්ෂ් නමැති විද්‍යාඥ‍යා මිනිසාගේ සම්භවය පිළිබදව නව කරුණක් හෙළිකිරීමට සූදානම් වන විටදී හදිසියේ ඝාතනයට ළක් වීමත්, ඔහුගේ සොයාගැනීම ලොවට හෙළිකිරීමට ලැන්ග්ඩන් සහ ස්පාඤ්ඤයේ අනාගත රැජින අම්බ්‍රා දරන මාරාන්තික උත්සහයත් පිළිබදවයි.


    ඔබ වැනිම රසිකත්වය ප්‍රිය කරන තවත් කෙනෙකුගේ රසවින්දනය සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    Cover Photo – w1.wallls.com

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    30 ° C
    30 °
    28 °
    78 %
    2.8kmh
    100 %
    Mon
    31 °
    Tue
    30 °
    Wed
    29 °
    Thu
    27 °
    Fri
    27 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු