fbpx
More
    28 C
    Colombo
    Wednesday, June 4, 2025
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    Share Responsibility – ඔන්ලයින් අහස යට 5

    Family Tech Sponsorspot_imgspot_img

    Share Responsibility ගැන කතා කරන්න කියාපු කාලෙ. මේ දවස්වල හඩ පට අහනවා ඇරෙන්න වෙන වැඩක් නෑ. FB එකෙයි whatsapp එකෙයි video වලට තැනක් නෑ. හඩ පට තමයි නැගලා යන්නෙ. රූපවාහිනී මාධ්‍ය එන්න කලින් ගුවන් විදුලිය හරහා හඩට ප්‍රබල හැකියාවක් තිබුනා, මිනිස්සු අතරට පණිවිඩ ගෙනියන්න. කණ මුලික කරගත්ත සන්නිවේදනය තමයි මිනිස්සු අතරට වේගයෙන් යන්න පුලුවන් මාධ්‍ය උනේ. පස්සෙ ඉතින් ඇස හා රෑපය මුල් කරගත්ත මාධ්‍ය මිනිස්සසු අතර ප්‍රබල උනා.

    Social Media වල මුණ ඔබා ගත්තට පස්සෙ ඔය කෝකටත් වඩා ක්ෂණිකයකින් මිනිස්සු අතරෙ ඕන එකයි එපා එකයි හැම එකම බෙදා ගන්න පටන් ගත්තා. ඒක ඉතින් medium එකේ වරද නෙමෙයි.

    Share Responsibility

    ඒකට තමයි සන්නිවේදනයේ ප්‍රගමනය කියලා කියන්නෙ. එන්න එන්න මාධ්‍යයක තියෙන හැකියාවන් වැඩිවෙනවා. මාධ්‍ය එකිනෙක සම්මිශ්‍ර වෙනවා. ඉතින් මෙච්චර රෑපය ප්‍රබල කාලෙක හඩ පට වලට තියෙන ඉල්ලුම දැක්කම පුදුමත් හිතෙනවා.

    ඒකට හේතුව ඉතින් අපි කොහොමත් උපතින්ම අනුන්ගෙ කුණු අවුස්සන ඕපදූප වලට ලොල් ජාතියක්නෙ. Online හැම තැනම share වෙන මේ හඩ පට විතරක් නෙමෙයි, ගොඩක් දේවල් දිහාබැලුවම තමයි හිතෙන්නෙ මිනිස්සු වැඩියෙන්ම share කරන්නෙ ජුගුප්සාජනක දේවල් නේද කියලා. ඒක ඉතින් මිනිස්සුනගෙ මනසෙ ඇතුලාන්තයෙන්ම එන අවිඥාණික ආශාවක්. කොහොම උනත් ඉතින් online සැරිසරන කොට අපිට හැම තැනම share button එකක් දීලා තියෙන නිසා හැම වෙලේම ඔහේ share කරලා දානවා.

    Share කරන්න කලින් පොඩ්ඩක් හරි හිතනවනම් මේ කරන දෙයින් තව කෙනෙක්ගෙ ආත්ම ගෞරවයට කොහොම බලපායිද. ඒ මනුස්සයා සමාජය ඉදිරියෙ, දෙමව්පියො ඉදිරියෙ කොහොම අසරණ වෙයිද, කියලා මීට වඩා ලෝකෙම වෙනස්වෙනවා. පොඩ්ඩක්වත් එහෙම හිතන්නෙ නෑනෙ.

    තාක්ෂණය ලැබිලා තියෙනව, ඒත් ඒක භාවිත කරන කොට පොඩ්ඩක් හරි වගකීම් සහගත වෙන්න ඔනි කියලා මටත් හිතුනෙ share කිරීම සම්බන්ධව හදපු advertistment එකක් දැක්කට පස්සෙ. Online සැරි සරන කොට අබ්බගොබ්බයො වගේ නැතුව මේ වගේ දේවල් ගැන සන්වේදී වෙන්න ඕනි කියලා හිතුන නිසා මේ video එක හැමෝමත් එක්ක share කරන්න හිතුනෙ.

    Share කිරීම විතරක් නෙවෙයි, දෙන්නෙක් අතරට කැමරා කාචයක්, පටිගත කිරීමක් සිදුවෙනවා කියන්නෙම තුන් වෙන්නෙක් ඒ දිහා බලනවා, අහගෙන ඉන්නවා කියන එක තේරැම් ගන්න ඕනෙ. පස්සෙ රට දාලා යන්නවත් සිය දිවි හානි කර ගන්නවත් නැත්තන් පාරෙ බැහැලා යන්න බැරි වෙන්නෙවත් නෑ එතකොට.

    කෙනෙක් ගෙ පුද්ගලිකත්වය විතරක් නෙමෙයි පරිසරය, ස්වාභාව ධර්මය සතා සිව්පාවාගේ පැවැත්මත් පවා අපේ share button එක මත තීරණය වෙන කාලයක් මේක. SHARE RESPONSIBILITY අලුත් මතවාදයක්. Online රැල්ලක් හදන්න කියාපු වචනයක්. #shareresponsibility

    ඔන්න මේ ලිපිය නම් ඔබ අතින් ෂෙයා වෙන්නම ඕනෙ ලිපියක්. හා නැද්ද මං අහන්නෙ?


    දැනෙනව නම් ශෙයා කරන්න


     


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    scattered clouds
    28 ° C
    28 °
    28 °
    83 %
    4.6kmh
    29 %
    Wed
    28 °
    Thu
    29 °
    Fri
    29 °
    Sat
    29 °
    Sun
    29 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු