fbpx
More
    30 C
    Colombo
    Monday, April 20, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    කිරි සිහිනයක පෙළගැස්ම – සිව්වන දිගහැරුම

    Family Tech Sponsorspot_imgspot_img

    ස්වභාව ධර්මය විශ්මයජනකය. ජීවයේ රඳා පැවැත්ම සඳහා අපුරූ පුද්ගල සම්බන්ධතාවයන් ගොඩ නංවා ඇත. ආදරය හා ආකර්ෂණය මූලික කරගත් බැඳීමක් තුලින් නව ජීවියකුගේ උපතට මංපෙත් විවිර කර ඇත. විවාහක යුවලකගේ ඊළඟ පැතුම කිරි සිහිනය මල්ඵල ගන්වා ගැනීමය. familylife.lk කිරි සිහිනයක පෙළගැස්ම (පසුගිය ලිපි සඳහා මෙතැන ක්ලික්/ටැප් කරන්න) තුළින් මෙවර දිගහැරෙන්නේ ඒ සොඳුරුතම පැතුම ඉටු වීම පිළිබඳවයි.

    www.familylife.lk

    සිව්වන දිගහැරුම

    ඔබ අපේක්ෂා කරන ඒ සොඳුරුතම පැතුම ඉටු වී ඇත්දැයි දැන ගන්නෙ කෙසේද?

    ඔබේ මාස් ශුද්ධිය අපේක්ෂා කරන දිනය පසු වන විට ඔබ තුල බලාපොරොත්තුවක් සමග මුසු වූ චකිතයක් ඇතිවන බවට සැකයක් නැත. මාසිකව සිදුවන ශුද්ධවීම බලාපොරොත්තු වන දිනයේ සිට සති 2 කට (එනම් දින 14 කට) පෙර සංසේචන වූ කළලය ඔබගේ ගර්භාෂයේ තැනපත් වේ. ඒ අනුව මාස් ශුද්ධිය අපේක්ෂා කරන දින සිට ඉදිරියට දින හතරක් දක්වා කාලය තුල ඔබේ ගර්භණීත්වය පරික්ෂා කළ හැකිය.

    දරුවකු කුස තුල පිළිසිඳ ගත් පසු සති දෙකක් පමණ ගත වූ විට ගැබ් ගෙන ඇත්දැයි දැන ගත හැකිය. ඔබේ කුසෙහි සිටින කළලය නිකුත් කරන BhCG නැමැති හෝර්මෝනය මවගේ රුධිරයට මිශ්‍ර වේ. එම හෝමෝනය මවගේ මුලුමහත් ශරීරයේම ක්‍රියාකාරීත්වයට බලපෑමක් ඇති කරවයි. ඒ අනුව ඔබට මුත්‍රා සාම්පලයක් පරික්ෂා කිරීම තුලින් ගැබ් ගෙන ඇත්දැයි නිශ්චිතවම දැනගත හැකිය.

    www.familylife.lk
    ©firstvue.eu
    • උදෑසන හිස්බඩ පිටකරන මුත්‍රා සාම්පලයක සාන්ද්‍රණය උපරිමව ඇති හෙයින් ඔබේ ගර්භණීත්ව පරික්ෂාවට ලබා ගත යුත්තේ උදෑසන හිස්බඩ පිටකරන මුත්‍රා සාම්පලයකි.
    • මෙසේ ලබා ගත් මුත්‍රා සාම්පලය වෛද්‍ය රසායනාගාරයකට ලබා දී පරික්ෂා කරවා ගන්න.
    • එසේම වෙළෙඳ පොලේ ගර්භණීත්වය පරික්ෂා කර ගත හැකි අයුරින් සකස් කර ඇති (Pregnancy Checking Slip) පටියක් භාවිත කර නිවසේ සිටම ඔබේ ගර්භණීත්වය තහවුරු කර ගන්නට හැකිය.
    • මෙම පටියෙහි සටහන් කර ඇති ප්‍රමාණයට මුත්‍රා සාම්පලයෙහි ගිල්වා ටික වේලාවක් සිටින විට එහි දක්වා ඇති ඉරි දෙකම රතු පැහැ ගනී නම් ඔබගේ කුසෙහි දරු පිළිසිඳ ගැනීමක් සිදුව ඇති බව තහවුරු කරගත හැකිය.

    ඔබගේ මාස් ශුද්ධියද නතරව වී ඇතත් මුත්‍රා පරික්ෂණය අසමත්ද?

    ඔව්, මෙවැනි අවස්ථාවක කිරි සිහිනයකට ඇඟිලි ගණින ඔබ කලබලයට පත් වීම පුදුමයක් නොවේ. ඔබගේ මාස් ශුද්ධියද නතරව මුත්‍රා පරික්ෂණයත් අසමත් වීමට ප්‍රධාන සාධකයක් වන්නේ කළලය විසින් මවගේ රුධිරයට ප්‍රමාණවත් පරිදි හෝමෝන නිකුත් නොකිරීම විය හැකිය.

    එනිසා ඉවසීමෙන් තවත් දින දෙකක් තුනක් පමණ ගතවනතුරු සිට නැවත පරික්ෂණය කරන්න. නැතහොත් ඔබට BhCG රුධිර පරික්ෂණයකට යොමු වීමෙන් ගර්භණීත්වය නිවැරදිවම තහවුරු කර ගැනීමට හැකි වන අතරම යම් හෙයකින් කළලයට අවදානම් තත්ත්වයක් ඇත්නම් මුල් අවස්ථාවේදීම ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීමේ හැකියාව ඇත.

    මාස් ශුද්ධිය සිදු වන දිනය පිළිබඳ අවබෝධයක් නැති නම්

    මාස් ශුද්ධිය අක්‍රමවත් කාන්තාවන්ට ගර්භණීත්වය තහවුරු කරගැනීමට මදක් අපහසු වන්නෙ නිශ්චිතවම ඔවුන් මාස් ශුද්ධිය සිදු වන දින වකවානුව නොදන්නා නිසාවෙන්ය. ඔබත් එවැනි අයෙක් නම් ඔබට ශාරීරිකව ඇති වන වෙනස්කම් පිළිබඳ සැලකිලිමත් වන අතරම මාස් ශූද්ධිය සිදු විය හැකි යැයි සිතන කාලය පසු වීමෙන් අනතුරුව මුත්‍රා හා ලේ පරික්ෂාව සිදු කරගත හැකිය.

    ඔබේ කුසේ නව ජීවයක්

    ඔබගේ ශරීරයේ හෝමෝන වෙනස් වීම නිසා මානසික වශයෙන් ඔබගේ සිතුවිලි වල වෙනස් විමක් ඇති විය හැකිය.

    • ඇතැම් ගර්භණී මව්වරුන් කාරණයක් නැතිවම සතුටට පත් වීම දුකටපත් වීම වැනි තත්ත්වයන් ඇති විය හැකිය.
    • ක්‍රියාශීලීව සිටි ඔබට හිටි හැටියේම අධික තෙහෙට්ටුවක් සහමහන්සියක් ඇති වීමත් සිදුවිය හැකිය.
    • දරුවා කුස තුල වැඩෙන විට ප්‍රසාරණය වන ගර්භාෂය මුත්‍රාශය මතට පීඩනය ඇති කිරීම නිසා ඔබට වෙනදාට වඩා වැඩි වැඩියෙන් මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය ඇතිවේ.
    • පියයුරු වල බර ගතියක්, ඉදිමිනු තත්ත්වයක් ඇතිවීම.
    • පියයුරු වල තරමක වර්ධනයක් හා මෘදු මොලොක් බවක් ඇති වේ.
    • ඔබට විවිධ ආහාර වලට දක්වන ප්‍රතිචාර වෙනසකට ලක් වීම. විවිධ සුවඳ වර්ග පවා ගන්ධයන් සේ දැනීම වැනි දෑ ඇති විය හැකිය. එයට හේතුව ගැබ් ගත් පසු ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වයේ වෙනස්වීමයි.
    • ඔබට ඇතැම් විශේෂ ආහාර වලට වැඩි රුචියක් ඇති වීමත් මෙතෙක් කලක් ප්‍රිය කල ඇතැම් ආහාර අරුචියක් ඇතිවීමක් සිදු විය හැකිය.
    • උදා අසනීප තත්ත්වයක් ලෙස හඳුන්වන උදෑසන කරකැවිල්ල හා ඔක්කාරය ඇති වීම ඇතැම් කාන්තාවන්ට ගැබ් ගෙන සතියක් හෝ ඊටත් වඩා අඩු කාලයකින් ඇති විය හැකිය. උදා අසනීප තත්වය ගැබ් ගෙන මාසයක් පමණ යනතුරු ඇතැම් කාන්තාවන්ට දක්නට නොලැබෙන අවස්ථාද ඇත.
    • කරකැවිල්ල හා ඔක්කාරය වමනය ඇතිව හෝ නොමැතිව උදෑසන පමණක් නොව සවස් කාලයේ හෝ රාත්‍රියේ කාලයේදිද ඇති විය හැකිය.
    • ඔබගේ ශරීරයේ උෂ්ණත්වය පෙරට වඩා ඉහල යාමක්ද දැකිය හැකිය.
    www.familylife.lk
    ©bellywoodshow.com

    සත්තකින්ම, නිරායාසයෙන්ම ශරීරය ඔබ ගැබ් ගැනීමත් සමගම ඔබේ ශරීරයේ හෝමෝන වල වෙනස් වීම් වලට ශරීරය හුරු කරවන්නට අවශ්‍ය කටයුතු සියල්ලම මැනවින් ඉටු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉහත කාරණා ඔබට අත් දකින්නටත් විඳින්නටත් සිදුවේවී. ඔව් දැන් ඔබ ගැබිණියක්. ලෝකයට නව ජීවයක් එක් කරන්නට සූදානම් වන ආදරණීය මවක්.

    සියළුම කිරි සිහිනයක පෙළ ගැස්ම ලිපි සඳහා පිවිසීමට මෙතැන ක්ලික්/ටැප් කරන්න

    කිරි සිහිනයක පෙළගැස්ම – පළමු දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – දෙවන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – තෙවන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – පස්වන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – හයවන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – හත්වන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – අටවන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – නමවන දිගහැරුම

    www.familylife.lk

    මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම නොමසුරුව ලබා දෙමින් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා දැක්වූ සහයෝගයට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    Cover Photo ©christinemariephoto.com

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    30 ° C
    30 °
    28 °
    75 %
    1.3kmh
    99 %
    Mon
    30 °
    Tue
    30 °
    Wed
    30 °
    Thu
    31 °
    Fri
    30 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු