fbpx
More
    27.8 C
    Colombo
    Monday, March 2, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    කිරි සිහිනයක පෙළගැස්ම – පළමු දිගහැරුම

    Family Tech Sponsorspot_imgspot_img

    ඔබත් දරුවකු පිළිසිඳ ගන්නා තෙක් බලා සිටිනවා නම් අද පටන් familylife.lk මවු සිහිනය තුළින් ඇරඹෙන නිරෝගී දරු සම්පතක් වෙනුවෙන් ඔබ දැනුවත් විය යුතු කරුණු කාරණා ගෙනන කිරි සිහිනයක පෙළගැස්ම ලිපි පෙල ඔබට බෙහෙවින්ම ප්‍රයෝජවත් වනු ඇත.

    www.familylife.lk

    පළමු දිගහැරුම

    දරුවකු බලාපොරොත්තු වන ඔබට ඒ සඳහා පූර්ව සූදානමක් තිබිය යුතුය. සෑම යුවලක්ම බලාපොරොත්තු වන පරිදි නිරෝගී දරුවකු තම දෝතට ලැබීමට පූර්ව සූදානමක් තිබිය යුතුය. ඒ සඳහා පහත දක්වා ඇති කාරනා පිළිබඳව අවධානය යොමුකළ යුතු වේ.

    – ඔබ ගැබ් ගැනීමට බලාපොරොත්තු වන විට වයස
    – උසට සරිලන බරක් පවත්වා ගැනීම
    – ෆෝලික් අම්ලය භාවිතය
    – ප්‍රතිශක්තීකරණය
    – තම සහකරුගේ හා තමන්ගේ රුධිර රීසස් සාධකය පිළිබඳ දැනුවත්ව සිටීම

    දරුවකු පිළිසිඳ ගැනීමේදී මවගේ වයස බලපාන්නේ කෙසේද?

    සාමාන්‍යයෙන් කාන්තාවකට ගැබ් ගැනීමට සුදුසු වයස් සීමාව ලෙස අවුරුදු 20-35 දැක්විය හැකිය. බොහෝ විට අද වන විට කාන්තාවන් ද අධ්‍යාපන/රැකියා කටයුතු හේතුවෙන් විවාහය ප්‍රමාද කරනවා සේම විවාහයෙන් පසුව දරුවන් හදාගැනීම ද ප්‍රමාද කරයි. වයස අවුරුදු 35 ක් වූ පසු ගැබ් ගැනීමේ දී ඔබට විවිධ අභියෝගයන්ට මුහුණ දීමට සිදු වේ.

    ස්‌ත්‍රියකට ඩිම්බ නිපදවීමේ හැකියාව මල්වර වීමත් සමගම ආරම්භ වන අතර ඔබගේ වයසත් සමගම ඩිම්බවල වයස මෙන්ම සාපල්‍යතාවය ද ක්‍රමයෙන් අඩුවේ. එමනිසා අවුරුදු 35 ඉක්ම වූ පසු මද සරුබවක් ද ඇතිවේ. වයස අවුරුදු 35 න් පසු ගැබ් ගත් කාන්තාවකට ගර්භණී සමයේ ඇති වන දියවැඩියාව හා අධික රුධිර පීඩනය වැනි සංකූලතා ද, ගබ්සා වීම, දරුවා නියමිත දිනට කලින් ඉපදීම, කුස තුළ දරුවාගේ වර්ධනය අඩාල වීම, දරුවා විවිධ සංකූලතාවයන්ට ගොදුරු වීම වැනි අවදානම් අවස්ථාවන්ට මුහුණ දීමට සිදු විය හැකිය.

    උසට සරිලන බරක් පවත්වා ගන්න

    ශරීර ස්කන්ධ දර්ශකය හෙවත් BMI (Body Mass Index) අගය ගණනය කිරීම මගින් පුද්ගලයෙකුගේ පෝෂණ තත්ත්වය මැන බැලිය හැකිය. ඒ අනුව ඔබට උසට සරිලන බරක් තිබිය යුතුයි. ගර්භණී වීමට ප්‍රථමව අඩු බරකින් යුතු වූ මවක් නම් ඇයට ගර්භණී සමයේ පෝෂණ අවශ්‍යතා පූරණය කරගත නොහැකි වීම නිසා දරුවා අඩු බරක් සහිත නොමේරූ දරුවකු වීමේ අවදානමක් ඇත. එසේම ගර්භණී වීමට ප්‍රථමව අධි බරක් ඇති මවක් නම් ඇය ගර්භණී සමයේ අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානමක් ඇත. ඒ හේතුවෙන් දරුවා ද විවිධ සංකූලතාවයන්ට ගොදුරු විය හැකිය. ඒ අනුව ගැබ් ගැනීමට පෙරාතුව ඔබේ BMI අගය 18.5 – 24.9 ත් අතර පවත්වා ගත යුතු බව සිහිතබා ගන්න. BMI අගය ගණනය කිරීම සඳහා ඔබේ බර කිලෝ ග්‍රෑම්වලින් හා උස මීටරවලින් ලබා ගන්න. දැන් තොරතුරු පහත සමීකරණයට ආදේශ කරන්න.

    www.familylife.lk

    ඒ අනුව ගර්භණී සමයේ ඔබගේ බර වැඩි විය යුත්තේ පහත පරිදිය

    www.familylife.lk

    ෆෝලික් අම්ලය භාවිතය , ප්‍රතිශක්තීකරණය, තම සහකරුගේ හා තමන්ගේ රුධිර රීසස් සාධකය පිළිබඳ දැනුවත්ව සිටීම යන කාරනා පිළිබඳ මෙම ලිපියේ දෙවන දැගහැරුමෙන් කතා කිරීමට බලාපොරොත්තු වේ. අප සමග රැඳී සිටින්න.

    සියළුම කිරි සිහිනයක පෙළ ගැස්ම ලිපි සඳහා පිවිසීමට මෙතැන ක්ලික්/ටැප් කරන්න

    කිරි සිහිනයක පෙළගැස්ම – දෙවන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – තෙවන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – සිව්වන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – පස්වන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – හයවන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – හත්වන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – අටවන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – නමවන දිගහැරුම

    www.familylife.lk

    මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම නොමසුරුව ලබා දෙමින් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා දැක්වූ සහයෝගයට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    scattered clouds
    27.8 ° C
    27.8 °
    23 °
    78 %
    3kmh
    31 %
    Mon
    28 °
    Tue
    28 °
    Wed
    27 °
    Thu
    27 °
    Fri
    27 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු