fbpx
More
    30 C
    Colombo
    Monday, April 20, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    අලුත් පොඩ්ඩා පිළිගන්න පොඩිලොක්කව ලෑස්ති කරමු

    Family Tech Sponsorspot_imgspot_img

    අලුත් පොඩ්ඩා සහ පොඩි ලොක්කා කියන විටම ඔබ දන්නව අපි අද කතා කරන්න හදන්නෙ කා ගැනද කියල. ඔබ සිතූ ලෙසම, දෙවැනි දරුවෙක් පවුලට එකතු කරගැනීමේ දී වැඩිමහල් දරුවා ඊට සූදානම් කිරීම සම්බන්ධව ෆැමිලි ටුඩේ තුළින් ගෙන එන මේ ලිපිය හරහා කතා කරන්න familylife.lk අපි තීරණය කළා.

    මව්පියන් විසින් දරුවන් බිහිකිරීමේ අරමුණු එකිනෙකාට පුද්ගලානුබද්ධ කාරණා වෙනවා. වැඩිමහල් දරුවා හුදෙකලා වීමෙන් වැළක්වීමට දෙවැනි දරුවෙක්  බිහිකිරීම මෙයින් ප්‍රධානම අරමුණක් විදියට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. මව්පියන්ට කොහොම වුණත් මේ වෙනස වැඩිමහල් දරුවාට විශාල වශයෙන් බලපාන කාරණයක්.

    මුල්ම දරුවා පවුලට එකතු කරගන්නා අවස්ථාවට වඩා දෙවැනි දරුවෙක් නිවසට පැමිණීම මව්පියන්ට වගේම වැඩිමහල් දරුවාටත් විශාල අභියෝගකාරී, උද්වේගකාරී සහ යම් තරමකට පීඩාකාරී සිදුවීමක් විදියට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. දරුවන් දෙදෙනා පිළිබඳවම අවධානය නිසි ආකාරයට යොමු කරන අතරම කුමක් සිදු වුවත් මව්පියන් තමන් වෙනුවෙන් ඉන්නවා කියන කාරණය වැඩිමහල් දරුවාගේ හිතට දැනවීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා.

    අලුත් පොඩ්ඩා

    මව්පියන්ගේ පෙර සූදානම කවරාකාර වුවත් වැඩිමහල් දරුවා අලුත් අමුත්තාට කෙසේ ප්‍රතිචාර දක්වයිද යන කාරණය නිවැරදිවම කීම අපහසු කරුණක් වෙනවා. වගේම වැඩිමහල් දරුවාගේ වයසට අදාලව ඔවුන් අනෙක් දරුවා පිළිබද දක්වන ප්‍රතිචාරය විවිධාකාර වෙන අතර වැඩිමහල් දරුවාත් වයසින් ළාබාලයෙක් නම් ඔවුන්ට ඇතිවන කණගාටුව සහ වික්ෂිප්තබව වැඩිවෙනවා. විශේෂයෙන්ම අවුරුදු දෙකට අඩු දරුවන්ට පවුල, සහෝදර හැඟීම, අලුත් සාමාජිකයෙක් පවුලට එකතු වීම වගේ සංකල්ප වැටහෙන ප්‍රමාණය ඉතාම අඩු නිසා කතන්දර පොත්, වෙනත් පවුල් සම්බන්ධ උදාහරණ වගේ දේවල් මගින් එය පැහැදිලි කරදීම අවශ්‍ය වෙනවා..

    දරුවන් දෙදෙනාගේ සම්බන්ධය හැකිතාක් දුරට සහනදායි එකක් කිරීම සඳහා පහත සදහන් උපක්‍රම අනුගමනය කරන්න පුළුවන්කම තියෙනවා..

    • පොඩ්ඩා ඉපදෙන්න පෙර සිටම  ලොක්කවයි පොඩ්ඩාවයි යාළුවෝ බවට පත් කරවන්න. දරුවාට වැටහෙන භාෂාවකින් සිදුවෙන දේ ගැන පැහැදිලි කිරීම, ස්කෑන් පින්තූර නැරඹීම, උදරය අතගාන්න අවස්ථාව ලබා දීම, අලුත් බබාට ඇහෙන්න සින්දු කියන්න/ කතාන්දර කියන්න ඉඩ ලබා දීම, අලුත් සාමාජිකයෙක් එකතුවීම සම්බන්ධව ඇති කතන්දර පොත් කියවීම, අවශ්‍යනම් වීඩියෝ පට නැරඹීම, හැකිතාක් අලුතින් ඉපදීමට සිටින දරුවා සම්බන්ධව වැඩිමලා සමඟ  කතා කිරීම, බඩේ ඉන්න මල්ලිට/ නංගිට හිතෙනවා ඇත්තේ මොනවද?, අයියා/අක්කා ලඟට එනකොට එයාට සතුටු හිතෙනවා ඇති නේද? වගේ  දේවල්  කතා කිරීම,

    වැඩිමහල් දරුවා ඉපදීමට සිටින විට/ ඉපදුනු විට අම්මට තාත්තට දැනුනු හැඟීම විස්තර කිරීම, ස්කෑන් පරීක්ෂණ වලට යනවිට වැඩිමහල් දරුවා රැගෙන යාම සහ හදගැස්ම අසන්නට ඉඩ දීම, දරුවාගේ චලනයන් පෙන්වීම, අයියෙකු හෝ අක්කෙකු කෙනෙක් වීමේ වාසි පැහැදිලි කිරීම වගේ දේවල් කිරීම ඊට උපකාරයක් වේවි.

    • වැඩිමලා දුවෙකු වුවත් පුතෙකු වුවත් බෝනික්කන් හා සෙල්ලම් කිරීමට අවස්තාව නිතරම ලබාදීම මගින් දරුවාට යම් තරමක වැටහීමක් ලබාගැනීමට හැකියාව ලැබේවි. අලුත් පොඩ්ඩා ආව ගමන්ම සෙල්ලම් කරන්න එන්නේ නැතිවෙයි, වැඩිපුර අඬයි, වැඩිපුර නිදාගනිවී, නිතර කිරි බොන්න හොයාවි වගේ කරුණු ගැනත් ගැන මුල ඉදලම දරුවාට පීඩනයක් නොවෙන විදියට ආදරෙන් වටහා දීම පසුකාලීනව මව්පියන්ට පහසුවක් වේවි.
    • අම්මා අලුත් බබා ගේන්න රෝහලට යන බව හා දවස් කීපයක් ගෙවෙනතුරු එන්න වෙන්නේ නැති බව දරුවාට වටහා දීම සහ දරුවා ආදරයෙන්, කරුණාවෙන් සහ බුද්ධිමත් විදියට රැකබලා ගන්න අයෙකුගේ (පියා/ ආච්චි…) භාරයට පත් කිරීමට සූදානම් කරගන්න. දරුවාගේ හිත රිදෙන ආකාරයට යම් යම් අදහස් පළකිරීමෙන් වළකින ලෙසට ඔවුන්ට උපදෙස් ලබාදෙන්න.

     

    අලුත් පොඩ්ඩා

    • දරුවා ලැබීමෙන් පසු හැකි ඉක්මනින් වැඩිමහල් දරුවාට අලුත උපන් දරුවා පෙන්වන්න. පෞද්ගලික රෝහල්වල මෙවැනි පහසුකම් ඇතත් ප්‍රසූතිය සිදු වූයේ  රජයේ රෝහලක නම් නිවසට රැගෙන ඒමෙන් පසුව තමයි මේ දේ කරන්න වෙන්නේ. මේ පළමු අවස්තාව හැකිතරම්  වැඩිමලාගේ හිතේ නොමකෙන ලෙස සටහන් වුණු සුන්දර අවස්ථාවක් බවට පත් කරන්න.

    වැඩිමලාගේ ප්‍රියතම රසකැවිල්ලක් හෝ  සෙල්ලම් බඩුවක් රැගෙන දීම, දරුවා පහසුවෙන් සහ ප්‍රීතියෙන් සිටින අවස්ථාවක් පළමු හමුවීම සඳහා තෝරාගැනීම, දරුවා නිසි ආකාරයට පිරිසිදු කර අලුත උපන් දරුවා අතගෑමට, ලඟින් සිටීමට ඉඩ ලබාදීම, වැඩිමහල් දරුවා මුලින්ම එන අවස්ථාවේදී අලුත උපන් දරුවා මදක් පසෙකින් තබා වැඩිමලා තුරුලට අරගෙන සුරතල් කිරීම, වැඩිමලා සමඟ ඡායාරූපයක් ගැනීම වැනි ආකාර මගින් මේ දේ සිදු කරන්න පුළුවන්කම තියනේන්ව . මේ අවස්ථාවේදී සම්පූරණ අවධානය හිමිවිය යුතු වන්නේ වැඩිමල් දරුවාට බව සිහියේ තබාගැනීම අත්‍යවශ්‍ය වෙනවා..

    • අලුත උපන් දරුවා වැඩිමලාට ගෙනා තෑග්ගක් බවත්, වැඩිමලාත් මේ ආකාරයටම සිටි බවත්  පවසන්න. වැඩිමලාගේ සිත දිරිමත් වන ආකාරයට කතා කිරීම,  කලින් සූදානම් කරගත් ඇදුමක්, රසකැවිල්ලක්, සෙල්ලම් බඩුවක් වැනි දරුවා ප්‍රිය කරන තෑග්ගක් අලුත් බබා එනවිට ගෙනා බව පවසමින් දරුවාට ලබාදෙම වැනි දේවල් මගින් අලුත් සාමාජිකයාගේ පැමිණීම වැඩිමහල් දරුවා ප්‍රිය කරන ආකාරයට සමරන්න.
    • අලුත උපන් දරුවාගේ වැඩ කටයුතු සිදු කිරීමේදී වැඩිමලාගේ උපකාර ලබාගන්න. නැපියක් ගෙන්වාගැනීම, සේදු රෙදි නැවීම , සින්දුවක් කියමින් නංගි /මල්ලි නැලවීම,රැට්ල් වැනි සෙල්ලම් බඩුවක් සෙලවීම වගේ දේවල් කිරීමට වැඩිමලාට භාර දෙන්න. මෙමඟින් තමන්ද නිවසේ සිදු වූ අලුත් වෙනසේ වැදගත් කොටස්කාරයෙක් බව ඔහුට හැඟෙනවා. තමන් අතහැර දමා ඇති ගතියක් කිසි විටෙකත් දැනෙන්නට ඉඩ නොදෙන්නටත් කිසිම අවස්ථාවක දරුවන් දෙදෙනා වැඩිහිටියෙකු අසළ නොමැති අවස්ථාවලදී තනි නොකිරීමටත් වගබලා ගන්න.

     

    • වයසට ගැළපෙන ආකාරයට යම් තරමකින් තමන්ගේ වැඩ කටයුතු තනිවම කරගැනීමට දරුවාට හුරු කිරීම, කාමරයේ නව වෙනස්කම් සිදු කිරීම (වැඩිමලා තොටිල්ලෙන් ඉවත්කර ඇඳට ගැනීම වැනි) වැනි දේවල් අලුත් දරුවා නිවසට ගෙන ඒමට පෙරම සිදු කරන්න. දරුවා සමඟින් පෙර සිටම සිදු කල දත් මැදීම, ඇඟ සේදීම, ඇවිදීමට යෑම, කතන්දර පොත් කියවීම, ගීත ගායනය, සෙල්ලම් කිරීම වගේ ක්‍රියාකාරකම්වල වෙනසක් ඇති නොකිරීමෙන් වැඩිමල් දරුවාගේ හිත බිඳීමක් සිදු නොවේවි. දරුවන් දෙදෙනාම ලඟින් තබාගෙන හෝ දෙදෙනාටම අවශ්‍ය ආදරය සහ අවධානය ලබා දීම අත්‍යවශ්‍යයෙන්ම සිදු කළයුතු වෙනවා.
    • වැඩිමල් දරුවාගේ සිත රිදෙන ආකාරයේ දේවල් සිදු කිරීමෙන් හෝ පැවසීමෙන් වළකින ලෙසට අලුත උපන් දරුවා බැලීමට නිවසට එන හිතවතුන්, දරුවාගේ ආච්චි සීයා ඇතුළු ඥාතීන් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඔවුන් එන අවස්ථාවලදී  මව්පියන් විසින් කලින් සකස් කරගත් තෑග්ගක් වැඩිමල් දරුවාටත් ලබා දීම, අලුත් දරුවා හිතවතුන්ට හඳුන්වාදීම වැඩිමලාට භාර කිරීම,  ඔවුන් සමග අලුත් දරු සිඟිත්තා පිළිබඳ පමණක් නොව වැඩිමලා ගැන සහ වෙනත් මාතෘකා ගැනත් කතා බහ කිරීම ඉතාමත් සුදුසු දෙයක් ලෙසින් දැක්විය හැකියි.

     


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


     

     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    30 ° C
    30 °
    28 °
    75 %
    1.3kmh
    99 %
    Mon
    30 °
    Tue
    30 °
    Wed
    30 °
    Thu
    31 °
    Fri
    30 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු