fbpx
28 C
Colombo
Monday, May 12, 2025
www.familylife.lk
www.familylife.lk
www.familylife.lk
www.familylife.lk

කිරි සිහිනයක පෙළගැස්ම – තෙවන දිගහැරුම – දරුවකු පිළිසිඳ ගැනීම

Family Tech Sponsorspot_imgspot_img

දරුවෙකු පිළිසිඳ ගැනීමට පෙර ඔබගේ පූර්ව සූදානම පිළිබඳව දැනටමත් ඔබ දැනුවත් බැවින් (පසුගිය ලිපි මෙතනින්) family doctor මව් සිහිනය මව් සිහිනය තුළින් ගෙන එන මෙවර ලිපියෙන් දරුවකු පිළිසිඳ ගැනීම පිළිබඳව දැනුවත් කරන්නට familylife.lk අපි සුදානම්.

www.familylife.lk

තෙවන දිගහැරුම

පැළයක් හැදෙන්නට බීජයක්, මාධ්‍යයක්, සුදුසු දේශගුණයක් මෙන්ම නිසි රැකවරණයද අත්‍යවශ්‍ය වන්නා සේම දරුවෙකු මවකගේ ගර්භාෂය තුළ වැඩෙන්නට ද මෙවැනිම සාධක සපුරාලිය යුතුය. මුල්ම සාධකය වන ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් ගර්භාෂය තුළ නිසි ලෙස සංසේචනය විය යුතුය. එසේ සංසේචනය වීමට සුදුසුම කාලය සරු කාලයයි.

සරු කාලය

කාන්තාවකගේ ආර්ථව චක්‍රය තුළ දරුවකු පිළිසිඳ ගැනීමට ඇති සම්භාවිතාව වැඩිම කාලය සරු කාලය (Fertile Period) ලෙස හඳුන්වයි. ඔසප් චක්‍රය ආරම්භ වන්නේ ඔසප් වීමත් සමගයි. ඔබගේ ආර්තව චක්‍රය මුලින්ම රුධිර වහනය වන දිනය පළමු දිනය ලෙස සලකා ගණන් කළ හැක. මෙහිදී සිදුවන්නේ ඔබගේ ගර්භාෂ බිත්තියේ ඇති සියුම් පටකය ගැලවී රුධිරය සමග ඉවතට ගලා ඒමයි. එතැන් සිට ඩිම්බ කෝෂවලින් ඊළඟ මාසය තුළ මුදා හැරීම සඳහා ඩිම්බ මේරීම ආරම්භ වෙයි.

www.familylife.lk/family doctor
©healthybabyhappyearth.com

ඩිම්බයක් පිටවීමට සුදුසු තත්ත්වයට මේරීම සඳහා සාමාන්‍යයෙන් දින 14ක පමණ කාලයක් ගතවේ. එය කාන්තාවකගෙන් කාන්තාවකට වෙනස් විය හැකිය. රුධිර වහනය දින පහක් පමණ පැවතිය හැක. බොහෝ විට 7වන දිනය පමණ වන විට රුධිර වහනය සම්පූර්ණයෙන්ම නවතියි. මේ අතරතුර ගර්භාෂ බිත්තියේ ඇති පටකය ඝනකම් වීමද සිදුවේ. එය රුධිරය සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථවලින් පොහොසත්වෙයි. 14වන දිනය පමණ වන විට ඩිම්බ කෝෂ තුළ සෑදුණු මේරූ ඩිම්බය මුදා හැරෙයි.

ඩිම්බයක් ඩිම්බ කෝෂවලින් මිදී පැලෝපීය නාලය දිගේ ගමන් කිරීම ආරම්භ වීම ඩිම්බහරණය ලෙස හැඳින්විය හැකිය. ඩිම්බයකට සහ ශුක්‍රාණුවක් හමු වී සංසේචනය විය හැක්කේ මෙම කාලය තුළයි. ක්‍රමවත්ව දින 28කට වරක් ඔසප් වීම සිදු වෙන කාන්තාවකගේ නම් සරු කාලය වන්නේ අවසන් වරට ඔසප් වීම ඇරඹුණ දිනයේ සිට 12 වන දිනයත් 16 වන දිනයත් අතර කාලයයි. නමුත් මෙම කාල සීමාවන් ඉක්මවූ පසුවද ගැබ් ගැනීමක් සිදු වීමේ හැකියාවක් ඇත.

www.familylife.lk/ family doctor
©d3b3by4navws1f.cloudfront.net

මෙලෙස දින 28 කට වරක්‌ ඔසප්වීම සිදුවීමත් ඔසප් චක්‍රයේ 14 වැනි දිනයේ සිට සරු කාලය ආරම්භවීමත් සිදුවන්නේ ඉතා ක්‍රමික ඔසප් චක්‍රයක්‌ ඇති කාන්තාවකගේය. නමුත් සමහර කාන්තාවන්ගේ ඔසප් චක්‍රය දින 28 කට වරක්‌ සිදු නොවේ. ඇතැම් කාන්තාවන්ගේ ඔසප් චක්‍රය දින 45 ක්‌ හෝ දින 60 ක්‌ ලෙස පවතී. මෙවැනි ඔසප් චක්‍රයක්‌ ඇති කාන්තාවන්ගේ සරු කාලය උදාවන්නේ ඔසප්වීම සිදුවීමට දින 14 කට පෙරය. එනම් දින 45 කට වරක්‌ ඔසප්වීම සිදුවන කාන්තාවකගේ සරු කාලය උදාවන්නේ ඔසප්වීමක්‌ ආරම්භ වී 31 වැනි දිනයේ සිටය.

දින 30 කට වරක්‌ ඔසප්වීම සිදුවන කාන්තාවකගේ සරු කාලය උදාවන්නේ දින 16 දීය. ඇතැම් කාන්තාවන්ගේ ඔසප් චක්‍රය අක්‍රමවත්ය. ඔසප් වන දින නිශ්චිතවම හඳුනාගත නොහැක. එවැනි කාන්තාවන්ගේ සරු කාලය හඳුනා ගැනීමට අසීරුය. එබැවින් එවැනි කාන්තාවන් පළමුව තම ඔසප් චක්‍රය ක්‍රමවත් කරගත යුතුය.

www.familylife.lk / Family doctor
©theskinnerd.com
ඩිම්බහරණය සිදුවන විට,
  • පියයුරුවල මෘදු බව
  • උදරයේ වේදනාව
  • ඉතා සුළු වශයෙන් යෝනියෙන් රුධිර වහනය
  • යෝනි ආශ්‍රිත ශ්‍රාවයන් ඝනකම අඩු ඇලෙන සුලු බවක් ඇතිවීම
  • ලිංගික සබඳතා කෙරේ ඇති කැමැත්ත වැඩිවීම

වැනි ලක්ෂන පෙන්නුම් කරයි.

ශුක්‍රාණුවකට ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුළ දින 5ක් පමණ සජීවීව සිටිය හැකිය. ඩිම්බයකට ගර්භාෂය තුළට පැමිණි පසු දින දෙකක් පමණ සජීවීව සිටිමට හැකියාවක් ඇත. ඒ නිසා ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එකතුවී සංසේචනයක් සිදුවීමට ඩිම්බ පිටවෙන දිනයට ආසන්න දිනක දී ලිංගික එක්වීම ප්‍රමාණවත්ය. ඩිම්බ පිටවෙන දිනයට දින දෙකකට පෙර සහ දින දෙකකට පසු දින දක්වා කාලය සරු කාලය ලෙස සලකන්නේ මේ කාරණය නිසාවෙන්ය.

සියළුම කිරි සිහිනයක පෙළ ගැස්ම ලිපි සඳහා පිවිසීමට මෙතැන ක්ලික්/ටැප් කරන්න

කිරි සිහිනයක පෙළගැස්ම – පළමු දිගහැරුම

කිරි සිහිනයක පෙළගැස්ම – දෙවන දිගහැරුම

කිරි සිහිනයක පෙළගැස්ම – සිව්වන දිගහැරුම

කිරි සිහිනයක පෙළගැස්ම – පස්වන දිගහැරුම

කිරි සිහිනයක පෙළගැස්ම – හයවන දිගහැරුම

කිරි සිහිනයක පෙළගැස්ම – හත්වන දිගහැරුම

කිරි සිහිනයක පෙළගැස්ම – අටවන දිගහැරුම

කිරි සිහිනයක පෙළගැස්ම – නමවන දිගහැරුම

www.familylife.lk

මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම නොමසුරුව ලබා දෙමින් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා දැක්වූ සහයෝගයට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.


ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

Colombo
scattered clouds
28 ° C
28 °
28 °
80 %
4.2kmh
37 %
Mon
30 °
Tue
29 °
Wed
30 °
Thu
30 °
Fri
30 °
www.familylife.lk
www.familylife.lk
www.familylife.lk
www.familylife.lk
error: Content is protected !!
www.familylife.lk

හොඳම දේ ඔබ ලඟටම...

දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු