fbpx
More
    26.9 C
    Colombo
    Monday, April 7, 2025
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    කිරි සිහිනයක පෙළ ගැස්ම ~ හත්වන දිගහැරුම – දරු උපත සිදුවන දිනය

    Family Tech Sponsorspot_imgspot_img

    කිරි සිහිනයක සේයාව දැනුන ගත් මොහොතතේ සිටම අම්මටත් තාත්තටත් හිතට ඇති වන ගැටලු දෙකක් වන දරු උපත සිදුවන දිනය හා දරුවා දුවෙක්ද පුතෙක්ද යන්න දැනගන්නා ආකාරය තමයි මෙවර කිරි සිහිනයක පෙළ ගැස්ම (පසුගිය ලිපි සඳහා මෙතන ක්ලික්/ටැප් කරන්න) තුළින් සාකච්ඡාවට ගැනේ.

    www.familylife.lk

    හත්වන දිගහැරුම

    අපේ කිරි සිහිනය සැබෑ වන දිනය කවදාද ?

    අම්මගෙ කුස තුලට වැඩිය පැටියා දස මාසයක් මවි කුසෙහි වැඩෙනවා. ඒ කියන්නේ සති හතලිහක්. දින වලින් දැක්වුවහොත් දින 280 කින් දරුවා බිහිවීමට නියමිත දිනය ලෙස සලකනවා. මේ ක්‍රමය සියයට සියයක්ම නිවැරදි නොවන්නේ ප්‍රසූතිය සිදුවන කාලය දරුවකුගෙන් දරුවකුට වෙනස් වන නිසාය. ප්‍රසූතිය ගර්භයට සති 37ත් සති 42ත් අතර එනම් දින 259- 294 කාලය තුල සිදු විය හැකියි.

    ඉතින් දැන් පැටියා හරියටම මේ ලොවට එන දිනය (දරු උපත සිදුවන දිනය) අපි ගණනය කරමුද? සාමාන්‍ය ලෙස දින 28කට වරක් පිළිවෙලට ඔසප් වීම සිදු වෙන මවකට අවසන් වරට ඔසප් වූ දිනයේ සිට සති 40ක් වෙන දිනය ගණනය කරන සරල ක්‍රමය මගින් ප්‍රසූත දිනය ගණනය කරගත හැකිය. ඒ අනුව අවසන් වරට ඔසප් වූ දිනයට මාස 9ක් සහ දින 7ක් එකතු කිරීමෙන් දරුවා බිහි වීමට නියමිත දිනය ඔබට ම ගණනය කර ගන්න පුළුවන්.

    අවසන් වරට ඔසප් වූයේ 2019 ජනවාරී 05 දා යැයි සිතමු

    දරු උපත සිදුවන දිනය

    වෛද්‍ය වරුදරු උපත සිදුවන දිනය ගණනය කර ගැනීම පහසු වීම සඳහා Pregnancy Wheel ලෙස හඳුන්වන රෝදයක් වැනි උපකරණයක් භාවිතා කරයි. තාක්ෂණය බොහොම දියුණු අද කාලයේ ප්‍රසූත දිනය ගණනය කර ගැනීමට පරිගණක මෘදුකාංග සහ Mobile Apps දැන් තිබෙනවා. මෙම ගණනය කිරීමට නම් අනිවාර්යෙන්ම ඔබට අවසන් වරට ඔසප් වූ දිනය පිළිබඳ දැනීමක් තිබිය යුතුය.

    ස්කෑන් පරීක්ෂණයක් මගින් දරුවා ලැබෙන දිනය ගණනය කිරීම වඩාත් නිරවද්‍යයි. මෙම ස්කෑන් පරීක්ෂණයේ දී දරුවාගේ ප්‍රමාණය මැන බලා දරු ගැබේ වයස ඉතා නිවැරදිව අනුමාන කළ හැකියි. ස්කෑන් පරීක්ෂණයේ දී ඔසප් වීමට අනුව දරුවා ලැබෙන දිනයට වඩා වෙනස් දිනයක් දරුවා ලැබෙන දිනය ලෙස අනුමාන කල හොත් ස්කෑන පරික්ෂණයේ දිනය නිරවද්‍ය ගණනය කිරීම ලෙස පිළිගනු ලබයි.

    www.familylife.lk

    පැටියා දුවෙක්ද පුතෙක්ද දන්නෙ නැහැ

    ඔන්න ඉතින් ඉවසිල්ලක් නැති අනෙක් ගැටලුව. කුසෙහි වැඩෙන පැටියා දුවක් වුනත් පුතෙක් වුනත් ඒ ඔබේම වස්තුවයි. පැටියගෙ ස්ත්‍රී පුරෂ භාවය තීරණය වන්නේ පැටියා මව් කුසෙහි ස්ථාපනය වන විටදිමයි. මවකගේ කුසෙහි නව ජීවයක් පිළිසිඳ ගන්නේ ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකතු වීමෙන්.

    ඩිඛ්ම්බයක ගැහැණු වර්ණ දේහ එනම් X වර්ණ දේහ තිබෙන්නේ 1යි. ශුක්‍රාණුවක් ගැහැණු වර්ණ දේහ එනම් X වර්ණ දේහ 1 ක් හෝ පිරිමි වර්ණදේහයක් එනම් Y වර්ණ දේහ 1 ක් තිබිය හැකියි. ශුක්‍රාණුවේ තිබෙන වර්ණ දේහය අනුව තමයි කළලයේ ස්ත්‍රී පුරුෂ බව තීරණය වන්නෙ. වරකට පිටවෙන ශ්‍රක්‍රාණු වලින් 50% පිරිමි වර්ණදේහ සහිත ශ්‍රක්‍රාණු වන අතර ඉතිරි 50% ගැහැණු වර්ණ දේහ සහිත ශ්‍රක්‍රාණුත් වේ. ඒ අනුව ඩිම්බය සමඟ X වර්ණ දේහ සහිත ශ්‍රක්‍රාණුවක් සංසේචනය වුවහොත් දූ පැටියෙකුත් ඩිම්බය සමඟ Y වර්ණ දේහ සහිත ශ්‍රක්‍රාණුවක් සංසේචනය වුවහොත් පුතු පැටියෙකුත් ඔබේ දෝතට වඩීවි.

    දුවක් වුවත් පුතෙක් වුවත් කොන්දේසි විරහිතව මේ පුංචි අමුත්තව ආදරෙන් පිළිගන්න ඔබ දෙදෙනාම සුදානම් විය යුතුයි. කුසෙහි වැඩෙන පැටියා දුවෙක්ද පුතෙක්ද යන්න ගර්භණි සමයෙ සිදු කරන ස්කෑන් පරික්ෂණ සහ වෙනත් පරික්ෂණ මගින් සනාථ කරගැනීමට හැකියි.

    සාමාන්‍යයෙන් සති 20දී කරන කළලයට ඇති අවදානම් සහ දින නිර්ණනය කිරීමට සිදු කරන ස්කෑන් පරීක්ෂණයේදී කළලයේ ස්ත්‍රී පුරුෂ භාවය දැනගත හැකියි. නවීන ස්කෑන් යන්ත්‍රයක් භාවිතා කර පළපුරුදු වෛද්‍ය වරයෙකුට සති 16දී පමණ පවා මෙය පැවසීමට හැකියාව තිබේ. මෙම කාලය වන විට දරුවාගේ බාහිර ලිංගේන්ද්‍රියන් වැඩී ඇති නිසා ස්කෑන් යන්ත්‍රය ආධාරයෙන් පරීක්ෂා කර කුසෙහි වැඩෙන්නේ දුවෙක්ද පුතෙක්ද යන්න නිර්ණනය කරයි.

    කලාතුරකින් ගර්භාෂයට සිහින් කටුවක් ඇතුල් කර කළලයේ අසාමාන්‍ය තත්වයන් හඳුනා ගැනීමට ඇම්නියොසෙන්ටෙසිස් නම් පරීක්ෂණය සිදු කරයි. මෙම පරීක්ෂණයෙන්ද කුසෙහි වැඩෙන්නේ දුවෙක්ද පුතෙක්ද යන්න නිර්ණනය කල හැකිය.

    සති 11දී පමණ කරන රුධිර පරීක්ෂණයක් මගින් දරුවාගේ DNA පරීක්ෂා කිරීමේ හැකියාව ඇත. දරුවාට තිබිය හැකි ජානමය රෝග තත්වයන් පිළිබඳව සති 11ක පමණ කාලයෙ දී ම දැන ගැනීමට හැකිය. මෙම පරික්ෂණය ඉතාමත් මිල අධික පරීක්ෂණයක් වන අතර බොහෝ විට සිදු කරන්නේ ජානමය රෝග තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානමක් ඇත්නම්ය.

    ලිපිය කියවා අවසන් වූවා නම් විද්‍යාත්මකව ඔබේ ගැටලු දෙකට පිළිතුරු ලැබෙන්නට ඇති බව නොඅනුමානය.

    සියළුම කිරි සිහිනයක පෙළ ගැස්ම ලිපි සඳහා පිවිසීමට මෙතැන ක්ලික්/ටැප් කරන්න

    කිරි සිහිනයක පෙළගැස්ම – පළමු දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – දෙවන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – තෙවන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – සිව්වන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – පස්වන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – හයවන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – අටවන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – නමවන දිගහැරුම

    www.familylife.lk

    මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම නොමසුරුව ලබා දෙමින් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා දැක්වූ සහයෝගයට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    26.9 ° C
    26.9 °
    26.9 °
    85 %
    2.4kmh
    93 %
    Mon
    30 °
    Tue
    29 °
    Wed
    29 °
    Thu
    30 °
    Fri
    29 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු