fbpx
27.1 C
Colombo
Wednesday, April 16, 2025
www.familylife.lk
www.familylife.lk
www.familylife.lk
www.familylife.lk

පොඩි දරුවන් සමග චාරිකා යන්නට පෙර මේ ගැනත් සිතන්න

Family Tech Sponsorspot_imgspot_img

විවේකි කාලයක් ලැබුනාම පවුලේ චාරිකාවක යෙදෙන එක ගතට වගේම හිතටත් සැහැල්ලුවක් දෙන දෙයක්. ඒත් කුඩා දරුවෙක් ඉන්න පවුලකට මෙය තරමක් කරන්නට අපහසු දෙයක්. ඒ අපහසුව මගහරවා ගෙන සුන්දර චාරිකාවක් යන්න වැදගත් වෙන කරුනු ටිකක් අද අපි familylife.lk තුළින් කතාබහ කරමු.

 

බොහෝවිට මෙහෙම ගමනක් යන්න කලින් දරුවා ගැන හිතුවම මෙච්චර වද විඳගෙන ගමනක් යනවට වඩා ගෙදර ඉන්න එක සැපක් කියල දෙමවුපියන්ට හිතෙනවා. නමුත් එහෙම හිතුවොත් දරුවා දෙයට හුරුවීම කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. නිසා දරුවාට කරදරයක් නැති තැනකට පවුලේ විනෝද චාරිකාවක් යන්නට පෙර මේ ගැනත් හිතලාම ගමන සැළසුම් කරන්න

කදිම ගමනාන්තයක්

දරුවාට අනතුරුදායක නැති, දරුවා අරගෙන යන්නට(හදිසියේ හෝ වඩාගන්නට සිදුවුවහොත්) අපහසු නැති, නීති රීති නොදා ළමයට නිදහසේ ගැවසෙන්නට ඉඩ හැරිය හැකි(හොටෙල් එකක්, බීච් එකක්, පාර්ක් එකක්) වගේ තැනක් ගමනට තෝරාගන්න. වගේම ගමන වාහනයක ගත කරන කාලය හැකි තරම් අඩු වෙනවානම් එය දරුවාට සිදුවන අපහසුතාවය අඩු කරාවි. ළමයා චාරිකාවකට සහභාගි වෙන මුල් කාලයේදී හැකි තරම් දරුවාගේ පාර්ශවයෙන්ම හිතලා මේ දේවල් කරන්න පුළුවන්නම් වටිනවා.


යන පිරිස

පවුලේ චාරිකාවකට පවුලේ අම්මා තාත්තා සහ දරුවන් හැරෙන්නට වෙනත් හිතවතුන් හෝ නෑදෑයින් සම්බන්ධ වෙනවානම් අනිවාර්යයෙන්ම අය ගැන හොඳ අවබෝධයක් ලබාගන්න. සමහරුන් ළමයෙකුගේ ඇඬුම් ඉවසන්නට පුරුද්දක් දක්වන්නේ නැහැ, ඇතැම් අය දරුවාට පහසුවෙන් කන දෙයක් ලබාදී නිදි කරවීමට හුරුවී සිටින නිසා එවන් අය සමග දරුවා චාරිකාවක් ගෙන යාම දරුවාට අපහසුවක් වගේම දෙමවුපියන්ටත් තරමක අපහසුතාවක් ගෙනේවි. නිසා දරුවා සමග චාරිකාවක් යනවානම්චාරිකාවට එක්වන අනෙකුත් පිරිස ගැන නිසි අවධානයක් දෙන්න. හැකිතරම් දරුවාගේ පළමු චාරිකා කිහිපය පවුලක් ලෙසින් තනිව යන්නට හැකිනම් අගෙයි.


අවශ්‍යම දේවල් වැඩිපුර ගෙනියන්න

දරුවාට සාමාන්‍යයෙන් දවස් දෙකකට පැම්පර්ස් 8ක් මාරු කරනවා නම් දින දෙකේ ගමනක් අතරතුර පැම්පස් 12ක්වත් රැගෙනයන්න. දරුවා විසින්ම ගලවාගත්තොත්, වතුර හැලුනොත් වගේ තත්ත්වයකදී ඔබට එය ප්‍රයෝජනවත් වේවි. දරුවාට සාමාන්‍යයෙන් අවශ්‍ය කරන ආහාර පවා තරමක් වැඩිපුර ගෙනයාම හිතට සැහැල්ලුවක්. ගෙදරදි දරුවාට බඩගිනි දැනුනොත් දෙන්න දේවල් අතපොවන මානයේ තිබුනත් චාරිකාවකදී එය පහසු නැහැ. එනිසා පෙර සූදානම වැදගත්. ඇඳුම් පවා කිහිපයක් වැඩිපුර ගෙනියන්න.


ආහාරපාන

ගමන පිටත්වෙන දවසේ උදෑසන ආහාරය, දිවා ආහාරය ගෙදරින්ම හදාගෙන යන්න. පලතුරු, යෝගට් අරගන්න. ගෙදරිදී හදාගත්තු සීරියල් වගේ දේවල් ගෙනියන එක පහසුවක්. අවුරුද්දට අඩු දරුවෙක් නම් වැඩිහිටියන්ගෙ කෑම දෙන්න බැරි නිසා විශේෂයෙන් සැලකිලිමත්ව කෑම ටික ගෙදරින් හදාගෙන හෝ පෙරසූදානමක් ඇතුව යන්න. අවුරුද්දට වැඩි දරුවෙක් නම් පලතුරු, බිස්කට්, ඕට්ස්, රුලන්, හබලපෙති, ෆ්‍රෙශ් මිල්ක්, සැන්විචස් වගේ දරුවා කන්න කැමති දෙයක් අරන් යන්න සැළසුම් කරන්න. අවුරුද්දට වැඩි උනත් ඇතැම් විට වැඩිහිටියන්ගේ කෑම  කන්න අකමැති දරුවෙක් නම් එයාගේ විදියට කෑම ටික හදාගෙන ගිහින් බඩ පිරෙව්වොත් දරුවත් සතුටෙන්. දෙමවුපියනුත් සතුටෙන්. දරුවගෙ කෑම ගැන නම් අනිවාර්යෙන්ම හිතන්න ඕන.එක දවසකට වඩා වැඩි ට්‍රිප් එකක් නම් කෑම හදාගන්න ඕනකරන එලවලු, පරිප්පු, හාල් ගෙනියන්න ඕනි. පොඩි රයිස් කුකර් එකක්, ෆුඩ් වෝමර්, උනු වතුර බෝතල් වගේ හැමදෙයක්ම ගෙනියන්න ඕන. ගමන යන අනිත් අය හිතන හිතන විදියට කන බොන දේවල් දරුවට කවන්න පොවන්න දෙන්නත් එපා.


අත්‍යවශ්‍ය සියළු දේ

දරුවාට අත්‍යවශ්‍ය සියළු දේ ගෙදර කියලා වෙනසක් නොදැනෙන විදියට අරගෙන යන්න. යන තැන්වලින් හොයාගන්නවා කියලා හිතාගෙන යන්න එපා. ඩයපර්ස්, බෙහෙත්, උන කටුවක්, නැපි, ෆ්ලැනල්, දේශගුනයට ගැලපෙන ඇඳුම්, කෑම හදන භාජන, පොටිය, සෙල්ලම් බඩු වගේ හැම දෙයක්ම පිලිවෙලට අසුරගෙන අරන් යන්න. යන තැන්වල ඩයපර්ස් විසි කරලා නොඑන්නත් වගබලාගන්න.


තවමත් මවුකිරි බොන දරුවෙක්නම්

මව් කිරි බොන බබෙක් නම් අම්මා බබට කිරි දෙන්න පහසු විදියේ ඇදුම්  පමණක් අඳින්න. කිරි දොවලා අරගෙනයනවානම් නියමිත විදියට දොවලා බෝතල්වල අසුරලා ගෙනයෑමට පෝර්ටබල් ෆ්‍රිජ් එකක් පාවිච්චි කරන්න. වාහනයේදී කිරි රත් කිරීමට උනුවතුර ගෙන යන්න. පිටි කිරි බොන දරුවෙක් නම් සෞඛ්‍යාරක්ෂිතව කිරි සදාගැනීමට අවශ්‍ය දේවල් ගෙනයන්න.


දරුවා වෙනුවෙන්

දරුවාට කරදරයක් නොවෙන්නට අපහසුවක් නොවෙන්නට සියළු දේ කැපකරන්නට බළාපොරොත්තුවෙන දෙමවුපියන් සිතිය යුතු තවත් සුළු කාරණා කිහිපයක්ම තියෙනවා. පළමු දේ දරුවාගේ නින්ද. දරුවා ගෙදරදී නිදාගන්නා අයුරින්ම පහසු ලෙස නිදන්නට සළස්වන්න. සෑමවිටකම දරුවා සමග ගමනක් යන විට ජංගම දුරකතන චාජ් කර, බැටරි පැක් චාජ් කර තබාගන්න. එය හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනවත් වේවි. දරුවා වෙනුවෙන් කළ සෑම සැලසුමකටම අමතර සැළසුමක් තියාගන්න. උදාහරණයකට දරුවා කෑම නොකෑවොත් කන්නට දිය හැකි තවත් යමක්. යන තැනට සරිලන ඇඳුම් සහ ආයිත්තම්(සීත පෙදෙසකදීනම් හිසේ සිට දෙපතුළ දක්වා වැහෙන ඇඳුම්, මුහුදුබඩ පළාතක නම් කොට කලිසම් සහ වැලිවලින් සෙල්ලම් කළ හැකි භාන්ඩ) රැගෙන යන්න. දරුවා නිදියන අතරේ කෑගසමින් සින්දු කියන එකෙන් වළකින්න. සද්දයට දරුවා ඇහැරුනොත් එය දරුවාට අපහසුවක් වගේම දෙමවුපියන්ටත් අපහසුවක් වේවි.


මෙම ලිපිය ගැන ඔබගේ අවංක අදහස් කමෙන්ට්ස් ඔස්සේ අපට කියන්න. ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


Cover Photo – baithombeachresort.com

මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

Colombo
few clouds
27.1 ° C
27.1 °
27.1 °
81 %
1.6kmh
19 %
Wed
29 °
Thu
30 °
Fri
30 °
Sat
29 °
Sun
30 °
www.familylife.lk
www.familylife.lk
www.familylife.lk
www.familylife.lk
error: Content is protected !!
www.familylife.lk

හොඳම දේ ඔබ ලඟටම...

දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු