fbpx
More
    28.4 C
    Colombo
    Monday, October 7, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    අභියෝග එක්ක යන ජීවිතේ තමයි මරු – ලහිරු (ලා සිංඤෝ)

    Family Tech Sponsorspot_imgspot_img

    මට පුළුවන් කියන විශ්වාසය සහ ශක්තිය හැමෝටම තියෙන්න ඕන. කෙනෙක්ට ඒ විශ්වාසය තියෙනවා නම් ඒ කෙනා ජීවිතයේ ඉස්සරහට යන්නේ හිතාගන්නත් බැරි විදියට. ඉතින් මේ සතියේ familylife.lk අපි ෆැමිලි චැට් විශේෂාංගයෙන් කථා කළේ ඒ වගේ කෙනෙක් එක්ක. ඒ තමයි ළහිරු පෙරේරා නැත්නම් ලා සිංඤෝ (La Signore).

    ළහිරු කථා කරන හැම වචනයකම තිබුණේ මට පුළුවන් කියන විශ්වාසය. ළහිරු එක්ක කථා කරලා ඉවර වෙනකොට අපේ හිතටත් ආවා අපි හිතුවොත් , ඒ වෙනුවෙන් කැප වුනොත් අපිටත් ඕනම දෙයක් පුළුවන් කියන හැඟීම. ඉතින් ළහිරු ගැන ගොඩක් අය නොදන්න දේවල් ගොඩක් ළහිරු අපිත් එක්ක මෙහෙම කිව්වා.

    මේ ළහිරු ද?ලා සිංඤෝ ද?

    මෙහෙමනේ… ළහිරු පෙරේරා කියන්නේ මගේ නම එතකොට ලා සිංඤෝ (La Signore) කියන්නේ මම හදපු මගේ බ්‍රෑන්ඞ් එක

    ඇත්තටම මොකක්දලා සිංඤෝ (La Signore) කියන එකේ තේරුම?

    ලංකාවේ මහත්තයා එහෙමත් නැත්නම් ලන්කන් සිංඤො කියන තේරුම තමයි තියෙන්නේ

    ලා සිංඤෝ (La Signore) කියන නමින් අලුත් වැඩකට අත ගැහුවා නේද?

    ඔව්ලා සිංඤෝ (La Signore) කියන බ්‍රෑන්ඞ් එක මං හැදුවේ මේ දේ හිතේ තියාගෙන. ඒකේ පළවෙනි ස්ටෙප් එක විදියට ඒ Brand Name එකෙන් අලුත් පර්ෆියුම් රේන්ජ් එකක් හඳුන්වලා දෙනවා. කට්ටිය දැන් ඒ ගැන ටික ටික දන්නවා. නොවැම්බර්වල හරියටම Launch කරනවා. මේ Brand Name එකෙන් තව ගොඩක් දේවල් ඉස්සරහට බලා ගන්න පුළුවන්.

    ලා සිංඤෝ (La Signore) කියන්නේ තනියම කරපු වැඩක්ද?

    නෑ නෑ…ලා සිංඤෝ (La Signore) කියන බ්‍රෑන්ඞ් එක පිටිපස්සේ සෑහෙන්න කට්ටියක් ඉන්නවා. මේක තනි වැඩක් නම් නෙමෙයි.

    එතකොට ළහිරු සිංදු කියලා ඉවරද?

    කවදාවත් නෑ… සිංදු තමයි අංක එක

    චයිනා ටවුන් සිංදුවට හොඳ ප්‍රතිචාර ලැබුණා නේද?

    ඔව් ඔව්… චයිනා ටවුන් සිංදුව හිතුවට වඩා ගොඩක් හිට් වුණා

    හිට් වෙන සිංදු වෙළඳ දැන්වීම්වලට යොදා ගන්න එක ගැන මොකද හිතෙන්නේ?

    මෙහෙමයි අපි වෘත්තීමය කලාකරුවෝ නේ. ඉතින් අපේ ආදායම් මාර්ගය මේක. ඒ නිසා අපි කරන සිංදුවක් තව තවත් පැතිවලින් ආදායම් මාර්ගයක් කරගන්න එක වැරුද්දක් විදියට මං දකින්නේ නෑ. මං හිතන්නේ එහෙම තමයි වෙන්න ඕන. සමාජයට වැරදි දෙයක් දෙන්නේ නැත්නම් එහෙම කරන එකෙන් ප්‍රශ්නයක් නෑ.

    බ්‍රෑන්ඞ් එකක් කරනවා කියන්නේ එක්තරා විදියක අභියෝගයක්. ළහිරු පෙරේරා කියන්නේ අභියෝග භාර ගන්න කෙනෙක්ද?

    ඔව්. ළහිරු පෙරේරා කියන නම හොඳට හැදීගෙන එන කාලේ තමයි මමලා සිංඤෝ (La Signore) කියලා වෙනස් කරන්නේ. ඒකම අභියෝගයක්. මම කියන්නේ ඒකාකාරී ජීවිතේට වඩා අභියෝග එක්ක යන ජීවිතේ තමයි මරු.

    සංගීත ලෝකයේ මේ තරම් දුර එන එකත් අභියෝගයක් වෙන්න ඇති?

    මෙහෙමයි, ඉස්කෝලේ සෞන්දර්ය විෂය තෝර ගන්නකොට තාත්තා කිව්වා මියුසික් තෝර ගන්න කියලා. එතකොට මම මියුසික් ගැන මොකුත්ම දන්නේ නෑ. හැබැයි ටිකක් කල් යනකොට මං දැනගත්තා මියුසික් තමයි මගේ ඇගේ තියෙන්නේ කියලා. එතනින් පස්සේ හැමදාම හිතුවේ මගේ සිංදුවක් කරන්න ඕන… අලුත් දෙයක් කරන්න ඕන කියලා

    ඒ නිසා ගෙදර අය වැටුණේ හරි අමාරුවකලු නේද?

    (සිනාවෙමින්) ඔව් ඔව්. අක්කට තෑග්ගකට හම්බෙලා තිබුණා කීබෝඞ් එකක්. ඕක ඉතින් අන්තිමට මගේ වුණා. හැබැයි මං ප්ලේ කළේ මටම හිතෙන සිංදු. මං එක එක විදියේ ඒවා ප්ලේ කරනවා. ඉතින් ගෙදර අය අමාරුවෙන් හරි මේවා අහන් හිටියා. මට ඉතින් ඒ කාලේ හරි ආඩම්බරයි එයාලා ඒවා අහගෙන ඉන්නකොට

    ඒ වගේම ගොඩක් ලැජ්ජා වුණු දවසකුත් තිබුණා නේද?

    ඔව්. ඔව්. මං ගියේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට. ඒ ලෙවල් කරන කාලේ මං ඩී.එස් ගාන්ධර්ව ඔකෙස්ට්‍රා එකේ හිටියා. මේක වෙනකොට ගෘප් එකේ අපි ටිකක් ලොක්කෝ වගේ හිටියේ. තව පොඩි අය ටිකකුත් හිටියා. ඔන්න අපිට දවසක් යන්න වුණා ගුවන් විදුලි සංස්ථාවට (SLBC) සිංදු දෙකක් රෙකෝඞ් කරන්න. එකක් “අන්න බලන් සඳ” අනිත් එක “ආලේ බැන්ද මාගේ රම්‍ය වන්”. ඉතින් ආලේ බැන්ද සිංදුව ඉවර කළා. දැන් තියෙන්නේ අන්න බලන් සඳ. මේකේ තියෙනවානේ චන්දන පල්ලව කෝකිල කූජන කියලා කොටසක්. මට මේ කූජන කෑල්ල කියන්නම බෑ වරදිනවා. දෙතුන් සැරයක්ම ගත්තා ඒත් වරදිනවා. දැන් වෙලාවත් ඉවර වෙනවා අපිට දීපු. අර පොඩි ළමයි ටික හිනාත් වෙනවා. පස්සේ මං කිව්වා මට මේක කියන්න බෑ කියලා. ඊට පස්සේ අර පොඩි ළමයෙක් තමයි ඒක කිව්වේ. එදා මට ලොකු ලැජ්ජාවක් දැණුනා. එදා මං හිතා ගත්තා කවදාහරි උදේ ඉඳන් හවස් වෙනකන් හරි වැරදි වැරදි සිංදු කියන්න පුළුවන් මගේම ස්ටුඩියෝ එකක් දානවා කියලා.

    ඊට පස්සේ ඒකත් කළා?

    ඔව් ඉස්කෝලෙන් පස්සේ මං සිංගප්පූරුවේ ගිහින් Audio Engineering ඉගෙන ගත්තා. දැන් මට මගේම Music Oven කියලා ස්ටුඩියෝ එකක් තියෙනවා.

    ඉගෙන ගත්ත දේ දැන් උගන්වනවා එහෙම නේද?

    ඔව් මගේ පමිසජ Music Oven Institute එකේ Audio Engineering ඉගෙන ගන්න පුළුවන්

    ළහිරු කාලෙකට ෆාස්ට් ට්‍රැක් එකක් කරනවා තවත් කාලෙකට ලයාන්විත Slow සිංදුවක් කරනවා. මේක උපක්‍රමයක්ද?

    එහෙම හිතලා කළා නෙමෙයි. මං මුලින්ම කිව්වේ ලයාන්විත ගීත. ඔහොම ඉන්නකොට මම මගේ පළවෙනි බයිලා සිංදුව “රම්බරි” කරනවා. ඔන්න එතෙකොට මට තේරුණා මේකත් මට සෙට් වෙනවනේ කියලා. ඒ වගේම ඇත්තටම මගේ වාසනාවට මේ වර්ග දෙකම සමාජගත වුණා. ඉතින් මම මේ දෙකම කරනවා. ඉස්සරහට තව තව විදිත් අත්හදා බලාවි.

    ළහිරු සිංදු කීයක් විතර කරලා තියෙනවද?

    මං එළියට දාපු සිංදු 12 ක් තියෙනවා. හැබැයි මං ඉගෙන ගන්න කාලෙ ඉඳලම කරපු සිංදු එක්ක බැලුවොත් දැනට 200 ක් විතර කරලා තියෙනවා.

    ළහිරුගේ වාසනාවන්ත සිංදුව මොකක්ද?

    රම්බරි තමයි

    වැඩියෙන්ම පර්ෆෝම් කරන්නේ මොන සිංදුවද?

    12 යි නේ තියෙන්නේ. ඒ අතරින් අනිවාර්යෙන්ම ප්ලේ කරන්නේ රම්බරි, මොට්ටු, ළබැඳියේ

    ළහිරුගේ හැම සිංදුවකම සිග්නේචර් ඩාන්ස් එකක් තියෙනවා. මේක ඔයා හිතලම කරනවද?

    ඒක නම් ඔව්. ඉස්සර තිබුණා Macarena ඩාන්ස් ස්ටෙප් එක. හැමෝම මේක පිස්සුවෙන් වගේ ෆලෝ කළා. ඔන්න ඔය කාලේ මටත් හිතුණා සිග්නේචර් ස්ටෙප් එකක් මමත් කරනවා කියලා. ඉතින් මම ට්‍රයි කළා. තාමත් මම සාර්ථක නෑ කියලා හිතෙනවා. ඒත් චයිනා ටවුන් එකේ ඩාන්ස් එක නම් ටිකක් ෆේමස් වුණා කියලා දැනෙනවා.

    ගර්ල් ෆ්‍රෙන්ඞ්ට දුන්නු පළවෙනි ගිෆ්ට් එක ගැනත් කියමු නේද?

    එතකොට ගර්ල් ෆ්‍රෙන්ඞ් වෙලා නෑ. තාම ට්‍රයි කරන කාලේ. ඔන්න මට හිතුණා එයාගේ බර්ත් ඬේ එකට ගිෆ්ට් එකක් දෙන්න ඕන කියලා. ඉතින් මං කළා සිදුවක් “කෙතරම් කීවත් වැටහෙන් නෑ” කියලා. ඒ කාලේ දැන් වගේ ලේසි නෑ. සිංදුව කී බෝඞ් එකෙන් ප්‍රෝග්‍රෑම් කරලා රෙකෝඞ් බාර් එකකට ගිහින් ලයිව් සින්ග් කරන්න ඕන. එතකොට තමයි ඒක රෙකෝඞ් වෙන්නේ. ඔන්න මමත් එහෙම කරලා සීඩී එකක් ගහලා එයාට දුන්නා. ඒත තමයි මගේ ජීවිතේ පළවෙනි සිංදුව.

    www.familylife.lk

    කවුද ඉතින් මේ එයා

    එයා තමයි ඉතින් මගේ වයිෆ්. එයාගේ නම මීපමා සල්මලී කීර්තිරත්න

    ඉතින් ළහිරු ඉස්සරහට මොකද වෙන්නේ

    මේ සතියේ මගේ අලුත් සිංදුවක් එනවා. ඒකේ වීඩියෝ එක මං කරපු අනිත් ඒවායින් වෙනස්. මේක ඩුවට් එකක්. මරීෂා එකක් තමයි කරන්නේ. තව අලුත් දේවල් වෙන්න තියෙනවා. ඒවා ඉස්සරහට කියන්නම්කෝ.

    මොනවද අන්තිමට ෆැමිලි චැට් කියවන ඔයාගේ රසික රසිකාවියන්ට කියන්න තියෙන්නේ

    හැමදේම තාවකාලිකයි. ඉතින් හැමදාම සතුටින් ඉන්න

    ලා සිංඤෝ YouTube පිටුවට


    ඔබ වැනිම රසිකත්වය ප්‍රිය කරන තවත් කෙනෙකුගේ රසවින්දනය සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    light rain
    28.4 ° C
    28.4 °
    28.4 °
    75 %
    5.4kmh
    99 %
    Mon
    28 °
    Tue
    27 °
    Wed
    28 °
    Thu
    27 °
    Fri
    26 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු