fbpx
More
    27 C
    Colombo
    Monday, October 7, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    එයා මගේ දරුවන්ගේ අම්මා වුණු එක තමයි මට ලැබුණු වටිනම දේ – දසුන්

    Family Tech Sponsorspot_imgspot_img

    කලා ලෝකය ලස්සන වෙන්නේ එක එක අදහස් තියෙන, එක එක දක්‍ෂතා තියෙන ගොඩක් අය එකතු වුණාම. ඒ විවිධත්වයට තමයි ප්‍රේක්‍ෂකයෝ ආදරේ කරන්නේ. ඉතින් දසුන් පතිරණ කියන්නෙත් අන්න ඒ වගේ වෙනස්ම විදියේ චරිතවලින් අපි අතරට එන දක්‍ෂ කලාකරුවෙක්. හරිම විවෘත අදහස් තියෙන දසුන් එක්ක කරපු කථා බහ familylife.lk අපිට හරිම ලස්සන අත්දැකීමක් වුණා.

    දසුන්ගේ ජීවිතයේ අමතක නොවන දවස් අතරට තව දවසක් පහුගිය දවසක එකතු වුණා නේද?

    ඔව් ගිය මාසේ පැවැත්වුණු Hiru Golden Film Awards 2018 සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය මට ලැබුණා. මේක ලැබුණේ සයපෙති කුසුම (ෆ්‍රැන්ජිපානි) කියන ෆිල්ම් එකට.

    www.familylife.lk
    ©hirugoldenfilmawards.hirutv.lk

    මේ ආපු ගමන ගැන ආයෙත් කථා කරන්න මේක තමයි හොඳම වෙලාව ?

    මෙහෙමයි. මං පොඩි කාලේ ඉඳලම කළේ ඩාන්සින්. ඉතින් ඩාන්සින් එක්ක එකතු වුණු ඇක්ටින් එහෙම ඉස්කෝලේ කාලේ කළා. ඔහොම ඉන්නකොට ඕලෙවල් වලින් පස්සේ මට හරි ටාගට් එකක් තිබුණේ නෑ මොකක්ද කරන්නේ කියලා. හරියටම කිව්වොත් ආතක් පාතක් නැතුව හිටියේ. මේ කාලේදි තමයි මිල්ලේ සොයා ෆිල්ම් එක එහෙම බලලා මහේන්ද්‍ර අයියාගේ ඇක්ටින්වලට පිස්සු වැටිලා හිටියේ. ඉතින් දවසක් මං දැක්කා මහේන්ද්‍ර අයියගේ Workshop එකක් තියෙනවා කියලා. ඉතින් මං ඒකට සම්බන්ධ වුණා. ඒ පටන් ගත්ත ගමන තමයි තාම මේ යන්නේ

    ඒ ගමනේ කරපු පළවෙනි ඩ්‍රාමා එක මතකද?

    මොකද මතක නැත්තෙ? මං ඩ්‍රාමා එකක පළවෙනියට දෙබසක් කිව්වේ රොෂාන් රවීන්ද්‍රගේ “රස්තියාදුකාරයා” කියන ඩ්‍රාමා එකේ

    දසුන් සැබෑ ජීවිතේදීත් රස්තියාදුකාරයෙක් නේද?

    ඔව් මං ඉස්සර ඉඳලම රස්තියාදු ගහනවා. දැන් කලාවේ රස්තියාදු ගහනවා.

    රස්තියාදුව නිසා ලැබුණු දේවලුත් ගොඩයි නේද?

    ඔව්. රස්තියාදු ගහපු නිසා තමයි මං සමාජයේ ඉන්න එක එක චරිත හඳුන ගත්තේ. මට විවිධ විවිධ අය හම්බුණා. ඉතින් ඒ ලබපු අත්දැකීම්වලින් තමයි මං මට ලැබෙන චරිතය ජීවත් කරවන්නේ. ඉතින් රස්තියාදුවෙන් ලැබෙන සමාජ දැනුමට මං කැමතියි.

    සමාජ දැනුම වැදගත්ද රගපාන්න?

    අනිවාර්යෙන්ම. අපි රගපාන්නේ සමාජයේ ඉන්න තවත් චරිතයක් නම් ඒකට අදාල වටපිටාව හදාගන්න ඒ ඒ චරිතයට අදාල සමාජ දැනුම අනිවාර්යෙන්ම ඕන.

    එතකොට රගපාන්න ආසාව විතරක් මදි කියලද දසුන් කියන්නේ

    දැන් මෙහෙමනේ. කාට හරි Accountant කෙනෙක් වෙන්න ආසයි කිව්වම කම්පැනි එකකින් එන්න කියලා Accountant Post එකක් දෙන්නේ නෑනේ. ඒකට අවශ්‍ය දැනුම එයාට තියෙන්න ඕන. කලාවත් ඒ වගේ ආස වුණාට බෑ ඒකට අවශ්‍ය දැනුමත් තියෙන්න ඕන.

    දසුන් මේ දැනුම ගන්න කාපු කට්ට ගැන අද මොකද හිතෙන්නේ?

    ඇත්තටම එදා මට ඒ කට්ට කන්න වුණු එක ගැන මං අද ගොඩක් සතුටු වෙනවා

    ඇයි එහෙම කියන්නේ?

    මෙහෙමනේ… ඒ කාලේ workshop එකකට ආපු හැමෝම ආවේ නලුවෙක් හරි නිළියෙක් හරි වෙන්න. ඉතින් තරගෙත් වැඩියි. ඒ වගේම ලස්සන පෙනුම තියෙන අයට ඉක්මනටම චාන්ස් එකක් එනවා ෆීල්ඞ් එකට එන්න. ඉතින් මගේ පෙනුමට මට වැඩ ලැබුණේ නෑ. ඉතින් මට තව තව workshop වල ඉන්න වුණා. ඒකෙන් මට තව තව දැනුම ලැබුණා.

    www.familylife.lk
    ©hirugoldenfilmawards.hirutv.lk

    වැඩ ලැබෙන්නේ නැති වෙනකොට මේක අතෑරලා දාන්න ඕන කියලා හිතුණේ නැද්ද?

    කවදාවත් නෑ. මේක තනියම ගහපු ගේම් එකක් නෙමෙයි. අපි සෙට් එකක් හිටියා. මේ සෙට් එක තමයි එකට නාට්ටි බලන්නේ. ෆිල්ම්ස් බලන්නේ. ඉතින් මේ සෙට් එකම එන්නේ අපි අපිම කරපු වැඩවලින් තමයි.

    ඒ දේවල් ලැබෙනකොට නැතිවෙලා ගිය දේවලුත් ඇති?

    නැතිවුණ ඒවා ගොඩයි. මට ගෙදර අය එක්ක ඉන්න තිබුණු කාලේ නැති වුණා. මගේ ගමේ යා`ඵවෝ අතෑරුණා. හිටපු ගර්ල් ෆ්‍රෙන්ඞ්ස්ලා පවා නැති වුණා.

    හැබැයි එක දෙයක් නැති වුණේ නෑ නේ?

    ඔව් ඒ තමයි මගේ ටාගට් එක. ඉතින් අද මං මගේ ටාගට් එකේ ඉන්නවා.

    මේ වෙනකොට ෆිල්ම් කීයක් කරලා තියෙනවද?

    06 ක් 07 ක් විතර

    වැඩිපුරම කැමති ෆිල්ම් ද? ටෙලිඩ්‍රාමා ද?

    දෙකටම කැමතියි. ප්‍රේක්‍ෂකයන් අතරට යන්න තියෙන ඕනම විදියකට මං කැමතියි. ඒක ෆිල්ම් එකක් ටෙලි ඩ්‍රාමා එකක් එහෙම නැත්නම් වෙබ් ඩ්‍රාමා එකක් වෙන්නත් පු`ඵවන්.

    සුපුන් රත්නායකගේ හැම නාට්ටියකටම දසුන් ඉන්නවා නේද?

    ඒක හරි. හැමෝම අහනවත් එක්ක ඒක. සුපුන් කියන විදියම නම් එයාට කතාව ලියනකොටම ඔළුවට එන්නේ මාවලු. ඉතින් මං ඒ චරිතේ සුපුන්ගේ ඔළුවෙ තියෙන විදියටම කරනවත්ලු.

    ඒ නිසා ඉස්සරහට තව දෙයක් වෙනවලු නේද?

    ඔව් සුපුන්ගේ ඊළඟ ඩ්‍රාමා එකෙත් ඉන්නේ මමයි ශලිනියි

    දසුන් එක්ක රගපාපු අය අතරින් කැමතිම නිළිය කවුද කියලා ඇහුවොත්

    සමනලී ෆොන්සේකා

    ජීවිතය වෙනස් කරපු චරිතය මොකක්ද?

    දෙක තුනක් තියෙනවා. ආනන්ද අබේනායකගේ “අහසින් වැටුණා” කියන ටෙලිඩ්‍රාමා එකේ චරිතය සහ සයපෙති කුසුම (ෆ්‍රැන්ජිපානි) ෆිල්ම් එකේ චරිතය.

    දසුන් හොඳ නළුවෙක් කියලා දැන් හැමෝම දන්නවානේ හැබැයි තාම හොඳ නැට්ටුවෙක් කියලා පෙන්නන්න අවස්ථාවක් ලැබුණේ නෑ නේද?

    ඔව්. තාම එහෙම චරිතයක් නම් ලැබුණේ නෑ. එහෙම චාන්ස් එකක් ලැබෙනවා නම් මරු.

    ඉතින් ඇයි රියැලිටි වැඩසටහනකට ගියේ නැත්තේ?

    මට ලැජ්ජයි SMS ඉල්ලන්න. හරියට ඡන්ද කැම්පේන් කරනවා වගේ SMS ඉල්ලන එක මට හිතෙන විදියට එච්චර ලස්සන දෙයක් නෙමෙයි.

    දසුන් රැඩිකල් ද?

    අනේ නෑ. මං මගේ ලයිෆ් එක එන්ජෝයි කරනවා එච්චරයි. මං සිස්ටම් වෙනස් කරන්න යන්නේ නෑ. මගේ විදියට ජීවත් වෙනවා. මගේ ලයිෆ් එක ගැන මං තීරණය කරනවා.

    www.familylife.lk

    එහෙම ගත්ත තීරණයක් ගැන පහුගිය දවස්වල ලොකුවට කථා කෙරුණා නේද?

    ඔව් ඔව්. මං බඳින්නේ නැතුව තාත්තා කෙනෙක් වුණ එක නේ. මෙහෙමයි බඳිනවා කියන එක ලියවිල්ලක් වුණු ෆැමිලීස් කොච්චර තියෙනවද? රටට පේන්න ණය වෙලා වෙඩින් අරන් දැන් විඳවන අය කොච්චර ඉන්නවද? මගේ තියරි එක මේකයි. තමන් එක්ක ඉන්න ගෑණි හරි මිනිහා හරි ඉන්නවා නම් ඉන්නවා. යනවා නම් මොන ලියවිලි තිබ්බත් යනවා. ඒ වගේම ඉන්න බැරි නම් යන්න අයිතියකුත් තියෙනවා. ඉතින් මට බඳින්න ඕන වුණේ නෑ. ඒත් මට තාත්තා කෙනෙක් වෙන්න ඕන වුණා. ඒකට මගේ ගර්ල් කැමති වුණා. ඉතින් අපි දෙන්නා කළා.

    ඉතින් එක පාරටම තාත්තා කෙනෙක් වෙන්න හිතුණේ ඇයි?

    මං “තාත්තා” කියන නාට්ටියේ රගපෑවා නේ. ඒක තාත්තා කෙනෙක්ගේ ආදරය ගැන තියෙන සංවේදී කථාවක්. මේක කරනකොට මට හිතුණා ඇත්තටම තාත්තා කෙනෙක්ගේ හැඟීම් මොන වගේද කියලා. ඉතින් මට ඕන වුණා ඒ මට දැණුන හැඟීම ඇත්තටම විඳින්න. ඉතින් දැන් මං තාත්තා කෙනෙක්.

    දුවලා දෙන්නෙක්ගේ ආදරණීය තාත්තා කෙනෙක්?

    ඔව් මං දුවලට තමයි ගොඩක් ආදරේ. පළවෙනියත් දුවෙක්. දෙවෙනියට හම්බෙන්න ඉන්නෙත් දුවෙක්.

    දූලා දෙන්නාගේ අම්මාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

    එයා තමයි හංසි දිසානායක. එයාගෙන් තරම් සහයෝගයක් මට වෙන කෙනෙක්ගෙන් ලැබෙන්නේ නෑ. මං ගන්න හැම තීරණයකම එයා මට ලොකු ශක්තියක් වෙනවා. ඉතින් එයා මගේ දරුවන්ගේ අම්මා වුණු එක තමයි මට ලැබුණු වටිනම දේ

    හැමෝටම ප්‍රශ්නයක් වුණු ඒකත් අන්තිමට විසඳුණා නේද?

    ඔව්… ඔව්… හංසියි මමයි විවාහ වුණා. දුවව රට අරන් යද්දි අපි දෙන්නාගේ විවාහ සහතිකය අවශ්‍ය වෙනවා ඒ නිසා අපි දෙන්නා විවාහ වුණා.

    ඉතින් අන්තිමට දසුන්ට කැමති දෙයක් කියන්න පුළුවන්

    මං හැමෝටම කියන්නේ අපි ජීවත් වෙන්නේ හරිම ටික කාලයයි. ඉතින් ඉන්න ටිකේ අනුන්ට කරදරයක් නැතුව සතුටින් ජීවත් වෙන්න. ජීවිතය විඳවන්නේ නැතුව විඳින්න

    කවරයේ ඡායරූපයේ අනුග්‍රහය – D ArTz Photography


    ඔබ වැනිම රසිකත්වය ප්‍රිය කරන තවත් කෙනෙකුගේ රසවින්දනය සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    moderate rain
    27 ° C
    27 °
    27 °
    81 %
    2.2kmh
    100 %
    Mon
    28 °
    Tue
    27 °
    Wed
    27 °
    Thu
    26 °
    Fri
    26 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු