fbpx
More
    27 C
    Colombo
    Monday, October 7, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    අලුත උපන් ළදරුවන් ගැන සමාජයේ පවතින මිත්‍යා මත ~ දෙවන කොටස

    Family Tech Sponsorspot_imgspot_img

    අලුත උපන් ළදරුවන් ගැන සමාජයේ පවතින මිත්‍යා මත සම්බන්ධයෙන් ලිපියක් මීට පෙර අපි අරන් ආවා (පළමු ලිපිය සඳහා මෙතැන ක්ලික්/ටැප් කරන්න). මේ ගැන වැඩිදුරටත් කරුණු හොයා බලනකොට අපිට දැනගන්න ලැබුණු තවත් එවැනිම මත කිහිපයක් අපි මේ ලිපියෙන් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. මේ ගැන familylife.lk අපි ලියන්නේම විද්‍යාත්මක පදනමක් නොමැතිව සිදුකර බොහෝදෙනෙකු අමාරුවේ වැටෙන මේ කාරණා ගැන දැණුවත් කරන්නයි.

    කිරි දීලා මුනින් අතට තමයි නිදි කරවන්නේ

    මෙන්න මේ යල්පැනගිය සහ වැරදි උපදෙස අලුත් අම්මලට නිතරම ලැබෙන උපදෙසක්. තවදුරටත්, මව්කිරි ලබාදීමෙන් අනතුරුව දරුවා නිදිකරවීමේදී මුනින් අතට තියල නිදි කළාම කිරි වමනේ ගියොත් අනතුරක් වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි කියන කාරණයත් මේ වැරදි උපදෙසටම අමුණලා කියනවා. හැබැයි, තනිවම එහා මෙහා පෙරළීමේ හැකියාව නැති ළදරුවෙක්ව මුනින් අතට නිදි කරවීම, විශේෂයෙන් ගුඩුස් යැවිමකින් තොරව මුනින් අතට නිදි කරවීම ඉතාමත් අවදානම් කටයුත්තක් කියලා තමයි නවීන වෛද්‍ය විද්‍යාවේ පවසන්නේ. කුඩා දරුවන් මුනින් අතට නිදි කරවීම මගින් හදිසි ළදරු මරණ (Sudden Infant Death Syndrome) සිදුවීමට පවා හේතුවක් වෙන බව තමයි වෛදවරු නම් කියන්නේ.

    දත් එනකොට රිදෙන එක නවත්තන්න මී පැණි ගාන්න.

    අපේ වැඩිහිටියෝ ලබා දෙන තවත් වැරදි උපදසක් තමයි මේ. හැබැයි කිසිම අවස්ථාවකදී වයස අවුරුද්දකට වඩා අඩු දරුවන්ට මී පැණි ලබා දීම සුදුසු දෙයක් නම් නෙවෙයි. ආහාර විෂවීම, මළබද්ධය, ශරීරයේ දුර්වලතාවයක් ඇති වීම වගේම ළදරුවන්ට  මරණය පවා ගෙනදෙන ආකාරයේ බැක්ටීරියා මී පැණි වල අඩංගු වෙන බව පර්යේෂණවලින් හෙළිවෙලා තියෙනවා.

    www.familylife.lk

    බෙහෙත් විදින්න යන්න කලින් පැරසිටමෝල් දීල අරන් යන්න

    ඇතැම් මව්වරු අලුත උපන් ළදරුවන් හට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමට පෙර හෝ එන්නත ලබා දුන් විගසම පැරසිටමෝල් ලබා දෙනවා. අනිත් අයටත් උපදෙස් ලබාදෙනවා එහෙම කරන්න කියලා. හැබැයි එන්නත නිසා ඇතිවෙන්න පුළුවන් අතුරු ප්‍රතිපල මේ වැරදි ක්‍රියාව නිසා පිටත නොපෙන්වන්න ඉඩ තියෙනවා කියන කාරණයත්, පැරසිටමෝල් ලබා දිය යුත්තේ උණ ගැණුනොත් විතරක් කියන කාරණයත් සිහියේ තබාගැනීම අත්‍යවශ්‍ය වෙනවා.

    පුතාලට අළුකෙසෙල් දෙන්නෙපා

    මේ කතාවෙත් කිසිම සත්‍යතාවයක් නෑ. බොහෝ වැඩිහිටියන් පිරිමි දරුවන්ට අලුකෙසෙල් ලබාදෙන්න එපා කියන්නේ ලිංගික ශක්තිය හීන වෙන බව පවසමින්. හැබැයි අළුකෙසෙල් කියන්නේ තන්තු බහුල එළවළුවක් වගේම  උදරාබාධ, අජීර්ණ තත්ත්ව, පණු රෝග වලට කදිම ඉතාම ගුණදායක එළවළුවක්.

    සීතල කෑම/ උෂ්ණ කෑම

    සීතල සහ උෂ්ණ ක්‍රමයට ආහාර වර්ග කිරීම සිදු කරන්නේ ආයුර්වේද වෙදකමේ පමණයි. මේ වර්ග කිරීමේ ඇත්තක් තිබ්බත් වෛද්‍යවරු නිර්දේශ කරන්නේ වර්ග කිරීමකින් තොරව දරුවට කෑම බීම ලබාදෙන එක තමයි හොඳම දේ කියලා. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ආහාර වර්ග කෙරෙන්නේ ක්ෂුද්‍ර පෝෂක සහ මහා පෝෂක විදියට. මොන දේ වුණත් දරුවෙක් කුඩා කාලයේ ඉඳලම තේරීම් බේරීම්වලින් තොරව එළවලු පලතුරු ආහාරයට ගැනීම දරුවට විතරක් නෙවෙයි මව්පියන්ටත් සැනසීමක්නෙ නේද?

    බබාගේ රෙදි සෝදලා මිරිකුවාම බබා නින්දෙන් ඇඹරෙනවා

    අලුත උපන් ළදරුවන් නිතරම ඇඟ පොඩි කරමින් ඇඹරීම සහ හැඬීම ඉතාම සාමාන්‍ය සිදුවීමක්. රෙදි සෝදා මිරිකීම සහ මේ අතර කිසිම සම්බන්ධයක් තියෙනවා කියල කියන්න අමාරුයි. තමන්ට පහසු වෙලාවක දරුවාගේ රෙදි සෝදලා තද අව්වේ වෙලාගෙන මැදලා පාවිච්චි කරන එක තමයි වඩාත්ම සුදුසු වෙන්නේ.

    පංචායුධය දැම්මම ලෙඩ වෙන්නේ නෑ

    මේ කතාවෙත් විද්‍යාත්මක සත්‍යයක් නම් නෑ. පංචායුධ පළඳින දරුවෝ වගේම නැති දරුවොත් අසනීප වෙන එක බොහොම සාමාන්‍ය කරුණක්. වගේම දරුවෙකුට පංචායුධයක් පැළඳවීමේ ඇති වැරැද්දකුත් නෑ. හැබැයි පංචායුධයේ නූල දරුවාට අනතුරුදායක නොවන දිගකින් පවත්වාගැනීම, නිසි කාලයට මාරු කිරීම වගේම දරුවාගේ බෙල්ල යට ආසාදන මතු නොවෙන විදියට මේ නූල නිතරම වියළිව පවත්වා ගැනීමත් කියන කරුණු පිලිබදව මව්පියන් සැළකිලිමත් විය යුතුමයි. වගේම සැබෑවටම තමන්ගේ ළදරුවාට රන් ආභරණ පැළඳවීම අත්‍යවශ්‍ය කාරණයක්ද කියන දේ ගැනත් මව්පියන් විදියට දෙසැරයක් හිතුවනම් තමයි වටින්නේ.

    කිරි පබළු වැල දැම්මම අත පය බෝල වෙනවා

    මේ මතයේ කිසිම සත්‍යතාවයක් නෑ වගේම මේ පබළු වැල් නිසා දරුවාට අනතුරු පවා සිදුවීමේ හැකියාව තියෙනවා. නිසා ළදරුවන්ට මේ වගේ අනවශ්‍ය සැරසිලි නොකරන තරමට හොදයි කියලයි අපි නම් කියන්නේ.

    දරුවට කණ්නාඩියෙන්  මූණ බලන්න දෙන්න එපා

    පොඩි දරුවන්ට කණ්නාඩියෙන් මුණ බලන්න හොද නෑ  කියලා මතයකුත් අපේ වැඩිහිටියෝ අතරේ තියෙනවා. මේ කාරණයේ කිසිම සත්‍යතාවයක් නම් නෑ . වගේම කුඩා දරුවෙකුට කණ්නාඩියෙන් තමන්ගේ රූපය සහ මුහුණෙන් පළවෙන හැඟීම් නරඹන්නට ඉඩ ලබා දීම දරුවාගේ බුද්ධි වර්ධනයටත් ඉවහල් වෙන බව පර්යේෂකයෝ පවසනවා.

    wwww.familylife.com
    ©.kusiwawa.com

    ඇඟිලි සූප්පු කරන්නේ බඩගිනි නිසා

    ළදරුවන් ඇගිලි සූප්පු කිරීම ඉතාමත් සාමාන්‍ය ක්‍රියාවක් විදියට හදුන්වන්න පුළුවන්. මේක දරුවාගේ වර්ධන අවධිවලින් එකක් විදියට තමයි හඳුන්වන්නේ. මේ දේ බඩගින්න නිසාම සිදු කරනවා කියලනම් කියන්න අමාරුයි. නින්දට යාමේ පහසුව සදහා හෝ  දත් මතුවීමේ කාල සීමාවේදී ඇඟිලි හෝ සමහර අවස්ථාවල සම්පුර්ණ අතම කටේ දමා හපන්න ඇතැම් දරුවෝ පෙළඹෙනවා.

    වෘෂණ කෝෂවලට ගම්මිරිස් පිඹින්න

    පිරිමි ළදරුවන්ගේ වෘෂණ කෝෂ විශාලවීම වළක්වාගන්න නෑවීමෙන් පසු වෘෂණකෝෂ වලට ගම්මිරිස් පිඹින්න කියලා ගෙවල්වල ඉන්න අත්තම්මල කියනවා ඔබ සමහරවිට අහලා ඇති. හැබැයි මේ කතාවේ කිසිම විද්‍යාත්මක සත්‍යයක් නම් නෑ. මේ පිඹින ගම්මිරිස් වැරදීමකින් වත් දරුවාගේ මුණට ඉහුනොත් අන්න එක නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා.

    බබාගේ කිරි මිරිකන්න

    මේ දේ නම් ඉතාම අවදානම් සහගත සහ ඉතාම වැරදි ක්‍රියාවක් විදියට හදුන්වන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ වැරැද්ද කරන්නෙත් ගෙවල්වල ඉන්න අත්තම්මලම තමයි. කිරි මිරිකනවා කියලා හදුන්වන්නේ දරුවාගේ ළදරු පපුව තදින් මිරිකා එයින් එන යම් ශ්‍රාවයක් ඉවත් කිරීම. මෙහෙම කළාම දරුවාගේ පපුව විශාල වෙන්නේ නෑ කියල තමයි ඔවුන් තර්ක කරන්නේ. ඔබ අලුත් අම්මෙක් නම්, තාත්තෙක් නම් කිසිම දවසක මේ දේ ඔබේ දරුවට කරන්න ඉඩ දෙන්න එපා කියලයි අපි නම් කියන්නේ. මොකද ඉතාමත් සිනිදු ළපටි සමට මේ අමානුෂික ක්‍රියාව දරාගන්න ඉතාමත් අපහසුයි වගේම මේ නිසා දරුවාගේ පපු ප්‍රදේශය ආසාදනය වෙන්න තියෙන ඉඩකඩත් ඉතාම ඉහළ වෙනවා.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    moderate rain
    27 ° C
    27 °
    27 °
    81 %
    2.2kmh
    100 %
    Mon
    28 °
    Tue
    27 °
    Wed
    27 °
    Thu
    26 °
    Fri
    26 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු