fbpx
More
    27.8 C
    Colombo
    Monday, March 2, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    කිරි සිහිනයක පෙළගැස්ම – දෙවන දිගහැරුම

    Family Tech Sponsorspot_imgspot_img

    familylife.lk මවු සිහිනය තුලින් ගෙන එන තමාගේ කුසින් බිහිවන දරුවෙකුගේ සිහිනය දකින කාන්තාවන් වෙනුවෙන් සැකසුනු කිරි සිහිනයක පෙළ ගැස්ම ලිපි පෙළේ දෙවන දිගහැරුමයි මේ. ෆෝලික් අම්ලය භාවිතය , ප්‍රතිශක්තීකරණය, තම සහකරුගේ හා තමන්ගේ රුධිර රීසස් සාධකය පිළිබඳ දැනුවත්ව සිටීම යන කාරනා පිළිබඳ මෙම ලිපිය මගින් සාකච්ඡා කරයි.

    www.familylife.lk

    දෙවන දිගහැරුම

    ෆෝලික් අම්ලය නිර්දේශ කරන්නේ ඇයි?

    දරුවකුගේ ස්නායු පද්ධතියේ වර්ධනයට ෆෝලික් ඇසිඞ් අත්‍යවශ්‍ය සාධකයකි. මුල් සති කිහිපයේ සිටම කලලයේ ස්නායු වර්ධනය ආරම්භ වේ. කාන්තාවන් බොහෝමයක් තමන් දරුවකු පිළිසිඳගෙන ඇති බව දැන ගන්නේ ගර්භයට සති හතරක් හෝ පහක් පමණ ගත වූ පසුය.

    දරුවකු අපේක්ෂා කරන සෑම කාන්තාවකටම ගැබ් ගැනීමට මාස තුනකට පෙර සිට ෆෝලික් ඇසිඞ් 1mg ක ප්‍රමාණයක් පෙත්තක් වශයෙන් ලබාගන්නට යැයි උපදෙස් දෙන්නේ එනිසාවෙන්ය. ගැබ් ගැනීමට පෙර සිටම ෆෝලික් ඇසිඞ් ලබා ගැනීමෙන් දරුවා පිළිසිඳ ගත් දා සිටම ස්නායු පද්ධතියේ වර්ධනය නිසියාකාරව සිදුවේ.

    මොළයේ ස්නායු හා කොඳු නාරටියේ ආබාධ මෙන්ම දරුවාගේ හෘදය, තොල්, තල්ල, නිරෝගීව වැඩීමට ද ෆෝලික් ඇසිඞ් උපකාරී වේ. එසේම මව හා දරුවා සම්බන්ධ වන වැදෑමහේ වර්ධනයට ද ෆෝලික් අම්ලය අත්‍යවශ්‍යය. ෆෝලික් අම්ලය නිසියාකාරව නොලැබුන මවකට නොමේරූ දරුවන් හා අඩු බර දරුවන් බිහිවීමේ අවදානම වැඩිය.

    www.familylife.lk

    ස්වභාවික ආහාරවලින් ද ෆෝලික් අම්ලය ලබා ගත හැකිය.

    දොඩම් යුෂ, කොළ පැහැ එළවළු, ධාන්‍යමය ආහාරවල ෆෝලික් අම්ලය බහුලව අඩංගුය. ස්වභාවික ආහාරවල අඩංගු ෆෝලික් අම්ලයට වඩා පහසුවෙන් පෙති ස්වභාවයෙන් ගන්නා ෆෝලික් අම්ලය සිරුරට උරා ගනියි. එනිසා බාහිරින් ෆෝලික් අම්ලය ගැනීමට ද නිර්දේශ කරයි.

    දරු පිළිසිඳ ගැනීමකට පෙර රුබෙල්ලා එන්නත ලබාගන්න

    රුබෙල්ලා රෝගය වෛරසයක්‌ නිසා වැළඳෙන රෝග තත්ත්වයකි. මෙම රෝග තත්ත්වය සාමාන්‍ය පුද්ගයකුට වැළඳීම බරපතල කාරණයක් නොවුනද ගැබිණි සමයේ මුල් කාලයේ වැළඳීම කුස තුළ වැඩෙන කලලයට සෘජු බලපෑමක් එල්ල කරයි. රුබෙල්ලා රෝගය වැළඳුන විට උණ ඇඟ පතේ වේදනාව, ශරීරයේ රතුපාට දද ඇති වීම වැනි රෝග ලක්‌ෂණ දැකිය හැකිය.

    www.familylife.lk

    ගැබිනි සමයේ රුබෙල්ලා රෝගය වැළඳීමෙන් සිදුවන බලපෑම

    ගැබිනි සමයේ මුල් කාලයේ රුබෙල්ලා ඇති වීමෙන් ඇතැම් විට
    • ගබ්සාවීමක් සිදුවිය හැකිය.
    • මළදරු උපතක්‌ සිදු විය හැකිය.
    • ඉපදෙන්නට සිටින දරුවා සංජානීය රෝග තත්ත්වයන්ට ගොදුරු විය හැකිය.
    • – අන්ධභාවයට පත් වීම
    • – දරුවා බිහිරි වීම
    • – මොළය කුඩාවට පිහිටීම
    • – මන්දබුද්ධික වීම
    • – දරුවාගේ හැසිරීමේ වෙනස්‌කම් ඇති වීම

    බොහෝවිට මෙම රෝග ලක්‌ෂණ දරුවා බිහිවූ මුල් කාලයේම හඳුනා ගැනීමට නොහැකිය. බැලු බැල්මට නිරෝගි දරුවෙකු ලෙස දැකිය හැකි වුවද දරුවා ක්‍රමයෙන් වර්ධනය වන විට ඉහත කී ලක්ෂණ දැකගත හැකිවේ. ඇතැම් දරුවෙකුට සියලුම සංජානීය රෝග ලක්ෂණ ඇති විය හැකි අතර තවත් දරුවෙකුට මෙයින් එක් ලක්‌ෂණයක්‌ හෝ කිහිපයක් පමණක් තිබිය හැකිය.
    ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ වන විට රුබෙල්ලා එන්නත ලබාදීම සිදු කරයි. රුබෙල්ලා එන්නත ලබා නොගත් කාන්තාවක් නම් අනිවාර්යෙන් දරු පිළිසිඳ ගැනීමකට මාස තුනකට පෙරාතුව එන්නත ලබා ගන්න.

    www.familylife.lk

    තම සහකරුගේ හා තමන්ගේ රීසස් සාධකය පිළිබවඳ දැනුවත් වීම

    බොහෝ මිනිසුන්ගේ රතු රුධිරාණුවල රීසස් සාධකය නැමති ප්‍රෝටීන් අංශුවක් ඇත. මේ රීසස් සාධකය තිබෙන අය රීසස් ධන (රීසස් + ) ලෙසත්, රීසස් නැති අය රීසස් ඍන (රීසස් -) ලෙසත් හඳුන්වයි. සෑම මනුෂ්‍යයකුගේම රුධිරය පොසිටිව් හෝ නෙගෙටිව් වර්ගයකට අයත් වේ. රීසස් සාධකය මත මිනිසාගේ රුධිරය A, B, AB සහ O ලෙස රුධිර ගණ හතරකට වෙන් කරයි.

    රීසස් සාධකය දරු ප්‍රසූතියකදී බලපාන්නේ කෙසේද?

    මවගේ රීසස් නෙගෙටිව් හා පියාගේ රීසස් පොසිටිව් අවස්ථාවේදී කුස තුළ වැඩෙන දරුවා යම් අවදානම් තත්ත්වයකට පත්වේ. කුස තුළ සිටින දරුවාගේ රුධිර සෛල මවගේ රුධිරයට ඇතුළු වීමේ සම්භාවිතාව ඉතා ඉහළය.

    රීසස් නෙගෙටිව් මවකගේ රුධිරයට දරුවාගේ රීසස් පොසිටිව් රතු සෛල ඇතුළු වූ විට මවගේ රුධිරයට ඇතුළු වූ ආගන්තුක සෛලයට ප්‍රතිවිරුද්ධව ප්‍රතිදේහ නිපදවයි. ඒ අනුව රීසස් ප්‍රතිදේහ දරුවාගේ පෙකනි වැල හරහා ගොස් දරුවාගේ රතු සෛලවලට ප්‍රතිවිරුද්ධව කටයුතු කරමින් රතු සෛල විනාශ කිරීම හේතුවෙන් කුස තුළ සිටින දරුවා නීරක්තියට පත් වේ.

    බොහෝ විට පළමු ගර්භණී අවස්ථාවේදී මෙවැනි තත්ත්වයක් ඇතිවන්නට ඉඩකඩ අඩුය. බොහෝ විට රුධිරයේ සම්මිශ්‍රණයක් ඇතිවන්නේ දරුවා ප්‍රසූත කරන අවස්ථාවේදීය. මේ නිසා රීසස් නෙගෙටිව් මවක් දරුවකු බිහිකළ පසු දරුවාගේ ලේ වර්ගය පරික්ෂාවට ලක්කරයි.

    කිරි සිහිනයක පෙළ ගැස්ම – පළමු දිගහැරුම ට මෙතන ක්ලික්/ටැප් කරන්න.

    සියළුම කිරි සිහිනයක පෙළ ගැස්ම ලිපි සඳහා පිවිසීමට මෙතැන ක්ලික්/ටැප් කරන්න

    කිරි සිහිනයක පෙළගැස්ම – පළමු දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – තෙවන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – සිව්වන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – පස්වන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – හයවන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – හත්වන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – අටවන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – නමවන දිගහැරුම

    www.familylife.lk

    මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම නොමසුරුව ලබා දෙමින් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා දැක්වූ සහයෝගයට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    scattered clouds
    27.8 ° C
    27.8 °
    23 °
    78 %
    3kmh
    31 %
    Mon
    28 °
    Tue
    28 °
    Wed
    27 °
    Thu
    27 °
    Fri
    27 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු