fbpx
More
    23.9 C
    Colombo
    Monday, March 2, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    කිරි සිහිනයක පෙළගැස්ම ~ නමවන දිගහැරුම – මුල් අවදියෙහි සංකූලතා 2

    Family Tech Sponsorspot_imgspot_img

    මුල් අවදියෙහි සංකූලතා 2 ලෙසින් familylife.lk මවු සිහිනය තුළින් ඔබ හමුවට එන මෙම ලිපිය, කිරි සිහිනය අටවන දිගහැරුමේ දෙවැනි කොටසයි. මුල් අවධියේ සංකූලතා පළමු ලිපිය කියවීම සඳහා මෙතන ක්ලික්/ටැප් කරන්න

    www.familylife.lk

    නමවන දිගහැරුම

    යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීම

    ගර්භණී මවකට මුල් අවදියේ යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීම ඇයව බියට පත් කරන කරුණක බව අමුතුවෙන් කිව යුතු නැත. මෙම තත්ත්වය ඇතිවීමට හේතූ සාධක ගණනාවක් ඇත.

    • ගබ්සාවීමක්

    සාමාන්‍යයෙන් ගබ්සාවක් සිදු වීම විය හැක්කේ පළමු සති දොළහ තුළය. යෝනි මාර්ගයෙන් රුධිර වහනයක් වීම ගබ්සාවක පූර්ව ලක්ෂණයක් විය හැකිය.
    – යෝනි මාර්ගයෙන් ලේ ගැලීම
    – පටක පහවීම
    – දැඩි ලෙස යටි බඩ පෙදෙසින් මස් පිඬු පෙරලීම
    ලක්ෂණ මතුවන්නේ ගබ්සා වීමකදීය.

    ඇතැම් ගර්භණී මව්වරුන්ට මෙම තත්ත්වය ස්වභාවිකවම පහවන ගොස් කුස තුල වැඩෙන කළලය නැවත සුපුරුදු පරිදි වර්ධනය වේ. කෙසේ වුවත් මෙවැනි තත්ත්වයකදී වහාම වෛද්‍යවරයාගේ උපදෙස් ලබා ගැනීම වැදගත්

    • ගර්භාෂයෙන් පිටත දරුවා පිහිටීම

      ගර්භාෂයෙන් පිටත දරුවා පිහිටීම නිසා ඇති වන ectopic pregnancy රෝගී තත්වයේ ලක්ෂණයක් ලෙස රුධිරය වහනය විය හැකිය.
      මේ නිසා වෛද්‍ය උපදෙස් මත Scan පරීක්ෂණයක් සිදු කරවා ගැනීම වැදගත්ය. ඔබගේ සති 20 සිදු කරන ස්කෑන් පරික්ෂාවෙන් පසු රුධිර වහනයක් ඇති වුවහොත් එය දරුවා නියමිත දිනට පෙර බිහි වීමට යන තත්ත්වයක් හෝ වැදෑමහ ගැලවීයාම නිසා ඇති වන තත්වයක් විය හැකිය. වැදෑමහ පහලින් පිහිටා තිබීම placenta previa
      යනුවෙන් හඳුන්වන අතර එවැනි තත්වයක් නිසාත් වරින් වර රුධිර වහනයක් ඇති විය හැකි අතර එම රෝගී තත්වය ස්කෑන් පරික්ෂාවක් මගින් කලින් හඳුනා ගත හැකියි.

    මුල් අවදියෙහි සංකූලතා

    යෝනි මාර්ගයෙන් දියරමය ස්‍රාවයක් පිටවීම

    ගර්භණී සමයේ සුදු පැහැති ස්‍රාවයක් පිටවීම සාමාන්‍ය තත්තවයකි. එහෙත් කහ හෝ කොළ පැහැති හා කසන සුළු ස්‍රාවයක් පිටවෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. ගර්භණී සමයේ අවසාන කාලයේ යෝනි මාර්ගයෙන් දියරමය ස්‍රාවයක් පිට වන්නේ නම් මෙය දරු ගැබ ආරක්ෂා කරන පටල (water bag) බිදීයාම නිසා ඇතිවන්නක් විය හැකියි.

    මෙම තත්ත්වයේදී ගර්භාෂය තුලට විෂබීජ ගමන්කිරීමේ අවදානමක් ඇති හෙයින් එවැනි අවස්ථාවක ඉක්මනින් රෝහල් ගත විය යුතුයි.

    මුත්‍රා දැවිල්ල

    ඔබ මුත්‍රා කරන අවස්ථාවක දැවිල්ලක් හෝ වේදනාවක් ඇති වන්නේ නම් මෙය මුත්‍රා ආසාදනයක ලක්ෂණ විය හැකිය.
    උණ
    – නිතර නිතර මුත්‍රා පහ කිරීමට අවශ්‍යතාවයක් ඇතිවීම
    – යටිබඩ වේදනාව
    – ශරීරයට අපහසු බව හෝ කොන්දේ පැත්තක ඇති වන වේදනාව
    – කෑම අරුචිය
    – වමනය
    මුත්‍රා කරන අවස්ථාවේ දැවිල්ලක් හෝ වේදනාවක් සමඟ ඉහත රෝග ලක්ෂණ ද ඇතිවිය හැකියි. බොහෝවිට මෙය සිදුවන්නේ ගර්භණී සමයේ සිදුවන හෝමෝන වෙනස්කම් හේතුවෙන්ය. නමුත් ඉහත රෝග ලක්ෂණ නිතර නිතර ඇති වෙනවානම් එය සාමාන්‍ය තත්වයක් නොවිය හැකිය. එවැනි අවස්ථාවක වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු අතර අවශ්‍ය නම් වෛද්‍යවරයා ප්‍රතිජීවක ඖෂධ නිර්දේශ කරනු ඇත.

    උදරයේ වේදනාව

    ගර්භණී කාලයේ උදරයේ මැද ප්‍රදේශයේ නාභිය ආසන්නයේ තද වේදනාවක් ඇති වුව හොත් හා ඒ සමගම වමනය ඇතිවීම නොසලකා හැරිය නොහැකිය. තවද නාභියට ඉහල දකුණු ප්‍රදේශයේ තදබල වේදනාවක් ඇති වුවහොත් ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් පැතිය යුතු තත්වයක්ය.

    එසේම ගර්භණී සමයේ මුල් මාස තුන තුල ඇති වන යටිබඩෙහි වේදනාව සුළු කොට නො තැකිය යුතුයි. ගර්භණී මවකට බඬේ වේදනාව පහත කාරණා නිසා ඇති විය හැකිය.

    • Preeclampsia හෙවත් ගර්භණී සමයේ අධික ඇති වන රුධිර පීඩනය නිසා ඇති වන සංකූලතාවය නිසා
    • ගර්භාශයෙන් පිටත දරු ගැබ පිහිටීමේ ලක්ෂණයක් වීම.
    • දරු ගැබට හානියක් වීමේ පෙර ලක්ෂණයක් ලෙස
    • Fibroid වැනි ගෙඩියක් සංකූලතාවයක් නිසා
    • දරුවා බිහි කිරීමට පෙර වැදෑමහ බිත්තියෙන් ගැලවීම හෙවත් placental abruption නමැති ඉතාමත් අවදානම් තත්වයක් නිසා

    මේ නිසා යම් කිසි අවස්ථාවක උදරයේ අධික වේදනාවක් ඇති වේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.

    බෝවන රෝග වලට ගොදුරු වීම.

    ඔබට ගර්භණී සමයේ උණ තත්වයක් ඇතිවුව හොත් එය ඉතාම ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන්න. මන්ද යත් influenza රෝගී තත්වය ගර්භණී මව්වරුන්ට මරු කැඳවන රෝගී තත්වයකි. දවසේ පැය 24 කට වඩා උණ පවතී නම් රෝහල් ගත වී පරීක්ෂා කරවා ගැනීම ඉතාමත් ම වැදගත්ය.

    රෝහලේ දී මේ පිළිබඳ පරික්ෂා කරවා ගනිමින් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව ඇත. එනිසා පැය 24 කට වඩා පවතින උණ රෝගී තත්වයකදි වෛද්‍ය උපදෙස් ලබා නො ගෙන සිටීඹ ඔබටත් ඔබේ කිරිකැටියාටත් අවදානම් බව මතකයේ තබා ගන්න.

    ඇස් පෙනීමේ වෙනසක් ඇතිවීම

    ඔබගේ ඇස් පෙනීමේ වෙනසක් එනම් බොඳ වී යාමක් හෝ වරින් වර එළියක් පෙනී නොපෙනීයාමේ තත්වයක් වැනි අසාමාන්‍ය තාවයක් ඇතිවුව හොත් එය preeclampsia යනුවෙන් හඳුන්වන ගර්භණී සමයේ ඇති වන අධික රුධිර පීඩනයේ ලක්ෂණයක් විය හැකියි. එමෙන්ම තදබල හිසරදයක් පවතී නම් එයත් preeclampsia නැමති රෝගී තත්වයේ ලක්ෂණයක් විය හැකියි. එම නිසා එවැනි රෝගී තත්වයක් පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්ය.

    සියළුම කිරි සිහිනයක පෙළ ගැස්ම ලිපි සඳහා පිවිසීමට මෙතැන ක්ලික්/ටැප් කරන්න

    කිරි සිහිනයක පෙළගැස්ම – පළමු දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – දෙවන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – තෙවන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – සිව්වන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – පස්වන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – හයවන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – හත්වන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – අටවන දිගහැරුම

    www.familylife.lk

    මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම නොමසුරුව ලබා දෙමින් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා දැක්වූ සහයෝගයට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    23.9 ° C
    23.9 °
    21 °
    92 %
    2.7kmh
    74 %
    Mon
    28 °
    Tue
    27 °
    Wed
    27 °
    Thu
    27 °
    Fri
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු