fbpx
More
    31 C
    Colombo
    Friday, October 4, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    කිරි සිහිනයක පෙළගැස්ම ~ අටවන දිගහැරුම – මුල් අවදියෙහි සංකූලතා

    Family Tech Sponsorspot_imgspot_img

    මුල් අවදියෙහි සංකූලතා ලෙසින් familylife.lk මවු සිහිනය තුළින් ඔබ හමුවට එන මෙම ලිපිය, පළමු වතාවට මවක් වන ඔබ කියවිය යුතුම ලිපියක් බවයි අපේ අදහස. මීට පෙර පළවූ ලිපි හතම කියවන්න මෙතන ක්ලික්/ටැප් කරන්න

    www.familylife.lk

    අටවන දිගහැරුම

    ගර්භණි මවක් තමන්ගෙ චූටී පැටියා වෙනුවෙන් මාස නමයක් පේ වෙනවා. ගෙවිලා යන මේ මාස නමය පුරාවටම දවසක් දවසක් පාසාම ඔබට අත්දකින්නට සිදු වන්නේ නව අත්දැකීම්ය. කුළුඳුලේම මව් පිය පදවිය දරන්නට සූදානම් වනවා නම් ඔබ දෙදෙනාම මේ කාලය තුල ඊළඟ දිනය පිළිබඳ සිටින්නේ කුතුහලයෙන් බියෙන් හා චකිතයකින්ය. එය සෑම නවක මවකටම ඇති වන තත්ත්වයකි. ඒත් ඔබ සතුටින්ය. මාස නමයක කාලය පුරාවටම ඇති විය හැකි සංකූලතාවයන් හා ඒවාට විසඳුම් පිළිබඳ ඔබ පූර්ව දැනුමකින් පොහොසත් වීමෙන් අනවශ්‍ය ලෙස බිය වන්නට සිදුවන්නෙ නැහැ. ගර්භණී සමයේ මුල් අවදියෙහි අත්දකින්නට සිදු වන සංකූලතා මොනවාදැයි බලමු.

    • වමනය සහ ඔක්කාරය

    • යෝනී ප්‍රදේශයෙන් හදිසි රුධිරය වහනය වීම

    • යෝනි මාර්ගයෙන් දියරමය ස්‍රාවයක් පිටවීම

    • බඬේ කැක්කුම ඇති වීම.

    • බෝවන රෝග වලට ගොදුරු වීම. (උණ, සෙංගමාලය, පැපොල)

    මුල් අවදියෙහි සංකූලතා

    ගර්භණී මවකට ඇති වන වමනය සහ ඔක්කාරය

    ගර්භණී මව්වරුන්ගෙන් බොහෝ දෙනෙක්ට අත්දකින්නට සිදු වන වමනය සහ ඕක්කාරය ඇතිවීම ගර්භණී සමයේ සාමාන්‍ය මෙන්ම මුල් අවදියෙහි සංකූලතා අතර සුලබ තත්ත්වයක්ය. බොහෝ ගර්භණී මව්වරුන් මෙම තත්ත්වයෙන් පීඩාවට පත් වන්නෙ උදෑසන අවදි වූ පසුය. එනිසාම උදා ආබාධය ලෙස හඳුන්වයි. එහෙත් ඇතැම් අයට දවසේ වෙනත් ඕනෑම වේලාවක මෙම තත්ත්වය ඇති විය හැකිය.

    ඔබ දන්නවද වමනය සහ ඔක්කාරය නිරෝගී ගර්භණීභාවයක ලක්ෂණයක් බව.

    මෙම රෝග ලක්ෂණ ඇති මවකට ගබ්සාවක් සිදු වීමට ඇති අවදානම තරමක් අඩු බව පරීක්ෂණ මගින් සොයා ගෙන තිබේ. මෙම තත්ත්වය ඇති වීමට හේතුව නිශ්චිතවම දැක්විය නොහැකි වුවත් වැදෑමහ මගින් නිපදවන (Human Chorionic Gonadotropin hCG) නම් හෝමෝනය හේතු විය හැකි බවට නිගමනය කරයි.

    නිවුන් දරුවන්, Molar pregnancy වැනි තත්වයන් තත්ත්වයක සිටින මවකට සාමාන්‍ය ගර්භණී මවකට වඩා වැඩියෙන් වමනය සහ ඔක්කාරය ඇති විය හැකිය.

    සාමාන්‍යයෙන් ගර්භණීත්වයෙන් පසු සති 8දී පමණ වමනය සහ ඔක්කාරය ඇති විය හැකිය. මෙම තත්ත්වය ක්‍රමයෙන් සති 16-18ක් පමණ පහව යයි. වමනය සහ ඔක්කාරය හේතුවෙන් ඔබේ කුසෙහි වැඩෙන සිඟිත්තාට නම් කිසිදු හානියක් නොවෙයි. වමනය සහ ඔක්කාරය සඳහා විශේෂ ප්‍රතිකාරයක් අවශ්‍ය නොවේ.

    එහෙත් එදිනෙදා කටයුතු වලට බාධා වෙන පරිදි සහ දිගින් දිගටම වමනය පවතී නම් සහ වෙනත් රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම් ප්‍රතිකාර වෙත යොමුවීමට සිදුවේ.

    මුල් අවදියෙහි සංකූලතා

    වමනය සහ ඔක්කාරය අවදානම් වන අවස්ථාද ඇත
    • ගර්භණී වීමෙන් පසු ප්‍රථම වතාවට සති 20දී වමනය සහ ඔක්කාරය ඇති වීම රෝග ලක්ෂණයක පූර්ව දැනුම් දීමක් විය හැකිය. එනිසා සති 20දී පමණ මෙම තත්ත්වය ඇති වුවහොත්ඔබේ වෛද්‍යවරයාව වහාම දැනුවත් කරන්න.
    • ඉතා දරුණු වමනය ලෙස පවතින විට එම තත්ත්වය පාලනය නොකල හොත් ඉන් දරු ගැබට යම් බලපෑමක් විය හැකිය. විජලනය, අයනක අසමතුලිතතාවය සහ බර අඩු වීමත් සිදු විය හැකිය. ඒ නිසා අධික ලෙස වමනය නතර නොවන අවස්තා වලදී රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගැනීමට ඔබට සිදුවේ.
    • එසේම සාමාන්‍ය ලෙස ආහාර ගැනීම අපහසුවී අධික වමනය සමග පහත රෝග ලක්ෂණ ඇති අවස්ථාවක රෝහලට ගොස් පරීක්ෂා කරගත යුතුය.
    • වමනය සමග ලේ පිටවීම.
    • උණ.
    • නැවත නැවත නතර නොවී වමනය ඇතිවීම.
    • මුත්‍රා වල වර්ණය තද පැහැ වීම හෝ පිටවන මුත්‍රා ප්‍රමාණය ඉතා
    • අඩු වීම.
    • උදරයේ අධික වේදනාවක් ඇති වීම.
    • ක්ලාන්ත ගතිය.

    වමනය නිසා දරුවාට හානියක් වෙයිද?

    බොහෝ ගර්භණී මව්වරුන් බියටත් කනස්සලයටත් පත් වන්නේ මෙම කාලයේදී ආහාර නොගැනීම නිසා තම කුෂ තුල වැඩෙන කිරි කැටියාට බලපෑමක් වෙතැයි සිතන නිසාවෙන්ය. ඔබේ කිරි කැටියාට අවශ්‍ය පෝෂණය ඔබේ ශරීරයේ තැන්පත්වී ඇති පෝෂ්‍ය පදාර්ථ මගින් ලබා ගැනීමේ හැකියාව කිරි කැටියාට ඇත.

    එසේම වමනය කිරීමේදී ඔබ දරන ආයාසය හෝ ඇදීම දරු ගැබට හානියක් වන්නේ නැත. නමුත් වමනයවීම නිසා නිසා ඔබේ ශරීරයේ ජල මටට්ම පහත යා හැකි බැවින් ඒ පිළිබඳව ඔබේ අවදානය යොමු කිරීම වැදගත්ය. එයට හේතුව ඔබේ ශරීරයේ ජල මට්ටම පහල යාමෙන් කිරි කැටියා විජලනයට පත් විය හැකි නිසාවෙන්ය. එනිසා හැකිතාක් දියර වර්ග පානය කරන්න.

    මුල් අවදියෙහි සංකූලතා

    වමනය සහ ඔක්කාරය අවම කර ගැනීමට හා මැඩ පවත්වා ගැනීමට ඔබට පුළුවන්.

    දරු ගැබට කිසිම හානියක් නොවන පරිදි මෙම රෝග ලක්ෂණ වලින් සහනය ලබන්න පුළුවන් ඖෂධ ප්‍රතිකාර ඇත. නමුත් එවැනි ඖෂධ භාවිත කළ යුත්තේ වෛද්‍ය නිර්දේශ මත පමණක් බව මතක තබා ගන්න. මුල් අවදියෙහි සංකූලතා ලෙසින් ගැනෙන වමනය සහ ඔක්කාරය අවම කර ගරනීමට ප්‍රතිකාර වලට අමතරව කල හැකි දෑ කරන්නත් ඔබට හැකිය.

    • ඔබ ගන්නා ආහාර ගැනීමේදී සැලිකිලිමත් වන්න. – කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන් බහුල ආහාර දිරවීමට පහසු බැවින් එවැනි ආහාර වැඩියෙන් තෝරා ගන්න. මේදය සහිත ආහාර දිරවීමට වැඩි කාලයක් ගත වන හෙයින් මේදය අඩු ආහාර ලබා ගන්න. මදක් ලූණු රසැති ආහාර සහ ඉඟුරු උදා ආබාධය සමනය කරයි. මිරිස්, තුනපහ වැඩි, සහ තෙල් අධික ආහාර ගැනීමෙන් වළකින්න.
    • නිතර කෙටි ආහාර ගන්න. – උදෑසන අවදි වූ වහාම ක්‍රැකර් බිස්කට් කිහිපයක් හෝ ටෝස්ට් කරන ලද සැන්ඞ්විච් එකක් වැනි කෙටි ආහාරයක් ගැනීම වඩා සුදුසුය. දවසට තුන් වරක් විශාල ආහාර වේල් ගැනීම වෙනුවට, දවස පුරා නිතර පෝෂ්‍යදායී කෙටි ආහාර ගන්න. නිරාහාරව සිටීම තුලින් වමනයසහ ඔක්කාර තත්ත්වය තවත් උග්‍රවිය හැක.
    • හොඳින් දියර පානය කරන්න. – ජලය බීමත් ඔබට අපහසු නම් වරකට ජලය ස්වල්පය බැගින් පානය කරන්න. ඉඟුරු රසැති පානයන්, දොඩම් දෙහි වැනි යුෂ සහ ඔබට පානය කිරීමට රුචි පළතුරු යුෂ වර්ග පානය කරන්න. එමෙන්ම, අයිස් කැට, ඝන ටොෆී වැනි දේවල් ක්‍රමයෙන් මුව තුළ දියකරමින් උරාබීමද සිදුකල හැක.
    • ඔක්කාරය උග්‍ර කරවන සාධක මගහරින්න. – ඔබට ඔක්කාරය ඇතිවීමට හේතුවන ආහාර හෝ ගන්ධයන් හෝ සුගන්ධයන් මගහරින්න.

    සියළුම කිරි සිහිනයක පෙළ ගැස්ම ලිපි සඳහා පිවිසීමට මෙතැන ක්ලික්/ටැප් කරන්න

    කිරි සිහිනයක පෙළගැස්ම – පළමු දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – දෙවන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – තෙවන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – සිව්වන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – පස්වන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – හයවන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – හත්වන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – නමවන දිගහැරුම

    www.familylife.lk

    මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම නොමසුරුව ලබා දෙමින් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා දැක්වූ සහයෝගයට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    31 ° C
    31 °
    31 °
    68 %
    5.2kmh
    62 %
    Fri
    31 °
    Sat
    29 °
    Sun
    27 °
    Mon
    28 °
    Tue
    26 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු